News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
17

කිනිතුල්ලන්ගෙන් බෝවෙන මාරාන්තික උණක් රටපුරා.

2726 Views


කිනිතුල්ලන්ගෙන් බෝවෙන මාරාන්තික උණක් රටපුරා.

ඩෙංගු විශාල වසංගතයක් විදියට ලංකාවම හොල්ලමින් ඉන්න කාලයක් මේක. මේ අවුරුද්දේ විතරක් ඩෙංගු නිසා වුන මරණ සංඛ්‍යාව 361 ක් වාර්තා වුණා. ඩෙංගු නිසා බැට කාලා ඉන්න මිනිස්සුන්ගේ ඔලුවට පාත් වෙන්න යන තවත් හෙනයක් ගැන අපිට වාර්තා වුනා. අලි මදිවට හරක් කියන්න වගේ මදුරුවෝ මදිවට කිනිතුල්ලොත් දැන් මිනිස්සුන්ව මරන්න පටන් අරන්.

මේ දවස් වල පැතිර යන තවත් භයානක උණ රෝගයක් දොස්තරලා හදුනාගෙන තියෙනවා. රිකෙට්සියෝසිස් හෙවත් මාරාන්තික ටයිෆ්ස් උණ කියලා තමයි දොස්තරලා කියන්නෙ. ගමේ මිනිස්සු නම් කියන්නෙ කැලෑ උණ කියලා. ඉස්සර ඉඳන්ම මේ රෝගය තිබ්බට දැන් ටික ටික වැඩි වෙන්න පටන් අරන්. ඒ කාලයේ කැලෑ ආශ්‍රිතව හිටපු මිනිස්සුන්ට විතරක් මේ භයානක ලෙඩේ බෝවුනේ. දැන් නගරයේ ඉන්න අයටත් මේ ලෙඩේ බෝවෙන්න පටන් අරන් කියලයි වෛද්‍යවරු කියන්නෙ.

මේ භයානක රෝගය බෝවෙන්නේ කිනිතුල්ලන්ගෙන්. කිනිතුල්ලගේ ඇගේ ඉන්න රික්ටෙසියා කියන ක්ෂුද්‍ර ජීවියා තමයි මේ රෝගය ඇති කරන්නෙ. ටයිෆ්ස් උණ හැදුනම අත පය කුණුවෙලා, සිහිය විකල් වෙලා ගොඩක් භිහිසුනු මරණයක් තමයි ඇති වෙන්නෙ. මේ රෝගය 1930 – 40 කාලයේ ඉදලම ලංකාවේ තිබුණා කියලා වාර්තා වෙනවා.

කොහොම වුනත් මේ රෝගය බෝවෙන එක වලක්වා ගන්න වෙන්නෙත් මිනිස්සුන්ටමයි. ගෙවල් වල ඉන්න සුරතල් සත්තු අපිට අයින් කරන්න බැරි වුනාට උන්ගේ ඇගේ ඉන්න කිනිතුල්ලෝ වඳ කරන්න පුළුවන්. ඒ නිසා ගෙදර ඇති කරන සත්තුන්ව පිරිසිදුව, මැක්කන්ගෙන් තොරව තියා ගන්න. ඒ වගේම කැලේ සංචාරය කරන අයටත් මේ ලෙඩේ බෝ වෙන්න පුළුවන්. ඔබ ඒ වගේ තැනක ඉදලා ඇවිත් තද උණත් එක්ක මස්පිඬු වේදනාවක්, රෑෂ් එකක් වගේ රෝග ලක්ෂණ පහල වෙනවා නම්, කිනිතුල්ලෝ දෂ්ඨ කරපු එක සලකුණක් හරි තියේ නම් ඔබටත් මේ රෝරය වැළදිලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනටම විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න.

තාමත් මේ රෝගය ඉතාම සෙමෙන් පැතිර යන්නෙ. එත් අප්‍රිකාව වගේ රට වල මේ රෝගය නිසා සමහර ප්‍රදේශ අමු සොහොන් වගේ වෙලා. දෙවන ලෝක යුද්ධ කාලයේ ජීව අවියක් විදියටත් මේ රෝගය පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා මේක තවත් එක රෝගයක් විදියට සලකන්න බෑ. මේ රෝගය ගැන නොසලකා හැරියොත් ඩෙංගු වලට වඩා භායනක වසංගතයක් වෙන කාලය වැඩි ඈතක නොවෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post