පකිස්තානය සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර පහුගිය දවස් වල තිබ්බ තරගාවලිය ගැන හැමෝම කතා වුනා. තරගාවලිය පකිස්තානය දිනුවත් ලෝක කණ්ඩායම ගොඩ ගන්න ලංකාවේ තිසර පෙරේරා දක්වපු දස්කම් ගැන තමයි හැමෝම කතා වුණේ. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වගේම්,අ වැඩිම ලකුණු ලාභින් අතර 4 වෙනි තැනට එන්නත් පුළුවන් වුනා.
ICC යෙන් යවපු ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නම්බුව බේරන්න තිසර කරපු දස්කම් නිසා ICC ය උසස්වීමක් ලබා දීලා තියෙනවා. ඒ තමයි T20 පිතිකරු වර්ගීකරණයේ ස්ථාන 18 ක් උඩට අරන් තියෙනවා. ඒ නිසා තිසර දැන් ඉන්නෙ 53 වන ස්ථානයේ. ඒ වගේම T20 පන්දු යවන්නන්ගේ වර්ගීකරණයේත් ස්ථාන 13 කින් ඉදිරියට එන්න අවස්තාව ලැබිලා තියෙනවා. 79 වන ස්ථානයේ තමයි දැන් තිසර ඉන්නෙ. පිත්තෙන් වගේම පන්දුවෙනුත් දසකම් දක්වපු නිසා තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ 19 වන ස්ථානයට එන්නත් තිසර පෙරේරාට අවස්තාව ලැබුනා.