සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2017 කිරුළ දුෂේනි සිල්වා ඊයේ දිනා ගත්තා. අති උත්කර්ෂවත් අයුරින් කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී තමයි අවසන් මහා තරගය තිබ්බෙ. තරගයේ දෙවන ස්ථානය හිමි වුනේ හිරුෂි ජයසේනට. තුන්වන ස්ථානය හරිනි සිල්වා දිනා ගත්තා.
මොඩ්ල් ෂොප් ආයතනය තමයි මේ තරඟය සංවිධානය කරේ. මෙම තරගය සදහා ප්‍රවීණ නිළි සංගීතා වීරරත්න, ෂෙරීන් කුමාරතුංග සහ ධනංජය බණ්ඩාර දායකත්වය ලබා දුන්නා. මේ තරඟයට මාධ්‍ය අනුග්‍රහය ලබාදුන්නේ සියත ටීවී සහ සියත එෆ්.එම්. ඒ වගේම මේ අවස්ථාවට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සභාපති රොෂාන්ත කාරියප්පෙරුම සහ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාරියප්පෙරුම යන මහත්වරුත් ඇවිත් හිටියා.
මේ තරගය නරඹන්න 2016 මිස් වර්ල්ඩ් තරගාවලියේදී ආසියානු රටවල් නියෝජනය කළ රූ රැජිණියන් ද එක්වුණා. ඒ වගේම මිස් ඉන්දියා, මිස් තායිලන්ඩ්, මිස් මියන්මාර්, මිස් වියට්නාම් සහ මිස් පිලිපින්ස් යන සුරූපිණියන්ද ඇවිත් හිටිය. මෙච්චර කාලයකට ලංකාවේ රූ රැජින තරගාවලියකදී ලබාදුන් වටිනාම කිරුළ තමයි මේ තරඟයේදී ජයග්‍රාහිකාවට ලැබුනේ.
තරගයේ ජයග්‍රාහිකාව වුනු දුෂේනි සිල්වාට ලබන ඔක්තෝම්බර් 17 ඉදලා නොවැම්බර් 17 වනදා දක්වා සැන්යා නගරයේදී පැවැත්වෙන ලෝක රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා.
මේ සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2017 තරගාවලිය අතරතුර ගත්ත දුශේනිගේ ඡායාරුප