News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
20

2019 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකාව ඉවත් වෙයි.

2938 Views


2019 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකාව ඉවත් වෙයි.

අද උදෙන්ම කියන්න සුභ ආරංචියක් තියෙනවා. වැල් වටාරම් නැතුව කෙලින්ම කියනවනම් ශ්‍රී ලංකාව 2019 ලෝක කුසලානයට කෙලින්ම සුදුසුකම් ලබනවා. දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඇෆ්ගනිස්ථානය වගේ රටවල් එක්ක සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වෙන්න අපිට ඕන වෙන්නේ නැහැ. මොකද සැප්තැම්බර් 30 වෙනිදා වෙනකම් ශ්‍රේණිගත කිරීම් වල 8 වෙනි තැන ඉන්න දැන් අපිට පුළුවන්.

මෙතන අපේ එකම ප්‍රතිවාදියා වුනේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම. ඔවුන් හිටියේ ශ්‍රේණිගත කිරීම් වල 9 වෙනි තැන. හැබැයි ඊයේ එංගලන්තය සමග ආරම්භ වුනු එක්දින තරගාවලියේ තරග 5ම ජය ගත්තොත් ඔවුන් ශ්‍රේණිගත කිරීම් වල 8 වෙනි තැනට ඇවිත් කෙලින්ම ලෝක කුසලානයට සුදුසුකම් ලබාගන්නවා. හැබැයි එක තරගයක් හරි පරාද වෙලා 4-1 විදිහට කොදෙව්වෝ තරගාවලිය දිනුවත් 8 වෙනි තැන ලැබෙන්නේ නැහැ. මේ අවධානමත් එක්ක එංගලන්තය සහ කොදෙව්වෝ අතර පළමු එක්දින තරගය ඊයේ පැවැත්වුණා.

එත් කොදෙව්වෝ ඊයේ ලත් තැනම ලොප් වුණා. ඊයේ තරගය කොදෙව්වෝ පරාද වුනේ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 7 කින්. ඒ අනුව මේ තරගාවලියේ ඉතිරි තරග ඔක්කොම දිනුවත් කොදෙව්වන්ට ශ්‍රේණිගත කිරීම් වල 8 වෙනි තැනට එන්න බැරි වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවට කැත නැතුව 2019 ලෝක කුසලානයට කෙලින්ම යන්න පුළුවන් වෙනවා කියලයි ක්‍රීඩා විචාරකයෝ කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post