සුපිරි බොලිවුඩ් නළු අමීර් කාන්ට දැන් තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි THUGS OF HINDUSTAN film ඒක. මේ Film එක release වෙන්න තියෙන්නේ ලබන අවුරුද්දේ. ඒ කියන්නේ 2018 නොවැම්බර් මාසේ. THUGS OF HINDUSTAN film එක වෙනුවෙන් අමීර් නොකරපු දෙයක් නෑ. ඇඟේ මහත අඩු කරගත්තා, එක එක සටන් ක්‍රම ඉගෙනගත්තා, ඒ විතරක් නෙවෙයි කන් විදලා කරාබුත් දැම්මා.
හැබැයි පහුගිය දවසක THUGS OF HINDUSTAN film එකේ දර්ශන තලයකදී කවුරුහරි කෙනෙක් හොරෙන් අමීර්ගේ photos අරන්. ඒ photos, internet එකටත් දාලා තිබුනා. ඒවා දැකපු ගොඩාක් අය කියලා තිබුනා ඒ photos වල අමීර්ගේ පෙනුම GAME OF THRONES TV Series එකේ චරිතයක් වගේ කියලා.
ඉතින් අමීර්ට ගොඩක් කේන්ති ගිහින්. හැබැයි ඒ photos වල අමීර්ගේ පෙනුම ගැන මිනිස්සු කියලා තියෙන දේවල් නිසා නෙවෙයි. අනවසරයෙන් photos අරන් ඒවා internet එකට දාපු නිසා. මොකද අමීර්ට ඕන වෙලා තිබුනේ තමන්ගේ ප්‍රේක්ෂකයින්ව surprise කරන්න. කොහොමත් ඔහු කරන්නේ කවුරුත් නොහිතන දේවල්නේ.
ඒත් හීනෙකින් වත් නොහිතපු මේ වැඩේ නිසා අමීර් බයෙන් ඉන්නේ THUGS OF HINDUSTAN film එක ගඟට කැපුව ඉනි වගේ වෙයිද කියලා.
මේ තියෙන්නේ ඒ Leak වුනා කියන ඡායාරුපය
සටහන – පාරමී