අද 2017 සැප්තැම්බර් මාසයේ 20 බදාදා
රාහු කාලය: පෙ.ව 12.07 සිට 01.37
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: නිරිත
මේෂ ලග්නය

ඔබ අත ගහන බොහෝ කටයුතු පහසුවෙන් සාර්ථක කරගත හැකියි. හවුලේ කරන කටයුතු පොදු කටයුතු වගේම විවාහ ජීවිතය ආශ්‍රිත කටයුතු වලටත් යහපත් දවසක්. සතුරු කරදර බාධක තිබුණානම් ඒවා පිලිබදව එලි වෙනවා. සියුම් කුමන්ත්‍රණ වලට ලක් වෙලා සිටියානම් ඒවගෙන් නිදහස් බාවයට පත් වීමේ ඉඩකඩ පවතිනවා. පුංචි පුංචි චිත්ත පිඩා ඇතිවිය හැකියි. කායික ශක්තිය වර්ධනය වීමත් මානසික ශක්තිය වර්ධනය වීමත් සමග ජව සම්පන්න බවක් ඇති වෙනවා. ගෙදර දොරේ කටයුතු සදහා පුංචි හෝ කාලයක් මිඩංගු කරන්න සිදු වේවි. ව්‍යාපාර කටයුතු පිලිබදව මන්දගාමී ස්වභාවයක් දරනවා. මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව වලින් පවා පිඩාවට පත් වෙනවා. සෞඛ්‍ය පිලිබදව සැලකිලිමත් වන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 02
වෘෂභ ලග්නය

තරගකාරී කටයුතු වලින් අද දවසේදී බොහොම පහසුවෙන් ජයග්‍රහණ අත්කර ගත හැකියි. වෘත්තීය සම්මුඛ පරීක්ෂණ ආදී දේවල් වලින් ජයග්‍රහණ ලැබෙනවා. කල් පවතින කටයුතු ආරම්භ කරන්නත් ඉතාමත්ම යෝග්‍යයි. හවුලේ කරන කටයුතු වලටත් ප්‍රේමනීය සම්බන්ධතා වලටත් කායික ශක්තිය යොදා කරන ක්‍රීඩාශීලි කටයුතු වලටත් යෝග්‍යයි. පපුව ආශ්‍රිත රෝගී තත්ව ඇති විය හැකියි. ආහාර නොදිරවීම නිසා හට ගන්නා රෝගී තත්ව වුනත් ඇති වෙන්න පුළුවන්.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 03
මිථුන ලග්නය

මව්පස ඥාතීන් සමග කරන කටයුතු වලින් යහපතක් උදා කරගත හැකියි. ගෙදර දොර අලංකරණය සදහා අලුත් බඩු මුට්ටු මිලදී ගැනීමක් කරනවා. යාන වාහන ගමන් බහුල කරනවා. තමන්ගේ ශරීරයට පුංචි හෝ තෙහෙට්ටු ගතියක් ඇතිවිය හැකියි. සියුම් රෝගී තත්ව ඇතිවිය හැකියි. වචන භාවිතා කිරීම නිසා සතුරු කරදර ඇති වීමේ හැකියාවක් පවතින නිසා කල්පනාකාරී වන්න. පපුව ආශ්‍රිත රෝගී තත්ව වලින් දෛනික කටයුතු වලට බාධා ඇති විය හැකියි. අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගන්න වගේම පොතේ පතේ දැනුම ඉහල නංවා ගන්නත් හැකියාව පවතිනවා. කලාකාමී කටයුතු දියුණු වෙනවා. යාලුහිතමිත්‍රයන්ගෙන් පවා උදව් ලැබෙන දිනයක්. ඔබ ණය මුදලක් අපේක්ෂාවෙන් හිටියනම් එවැනි ණය මුදලක් පහසුවෙන් ලබා ගත හැකියි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 07
කටක ලග්නය

පසුගිය දවස් කීපය තුලම ඔබට අතහැරුණු බොහෝ කටයුතු ආරම්භ කල හැකියි. අන් අයත් සමග මිශ්‍ර වෙලා කරන කටයුතු සමාජීය කටයුතු ලිපිලේඛන ආශ්‍රිත කටයුතු ඉතාමත්ම යහපත්. ක්ෂණික කේන්ති සහගත සිතුවිලි ඇති වීමේ ඉඩකඩ ඉහලයි. ඒනිසා කල්පනාකාරී වන්න. අතිශය පෞද්ගලික තොරතුරු යාළුවන් සමග බෙදා ගැනීම එතරම් යහපත් නොවේ. ගෘහාශ්‍රිත කටයුතු වල බාධා කම්කටොලු තිබුණානම් එවැනි තත්ව යටපත් කර ගැනීමේ හැකියාව පවතිනවා. පුංචි හෝ නීතිමය බාධාවකට ඔබ ලක් වෙලා තිබුණානම් කල්පනාකාරී වන්න. ප්‍රවේසමෙන් යුක්තව වචන බාවිතා කරන්න. වැඩිහිටියන් සමග කරන ගනුදෙනු කිරීම් වලදී නම්‍යශීලි වන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 02
සිංහ ලග්නය

තරමක පෞරුෂය වර්ධනය වන දිනයක්. ආවේගශීලි ප්‍රතිපත්ති ඔබ නිතර අනුගමනය කරනවා. එනිසාම ඔබ බලාපොරොත්තු වන ඉලක්ක වෙත යන්න වාසනාව උදා වෙනවා. බාහිර ගමන් බිමන් යාම් හේතු කරගෙන තමන්ගේ දෛනික කටයුතු නිතර වෙනස් කිරීමට සිදු වෙනවා. ආහාර ගැනීමේ රටාව පවා වෙනස් වෙනවා. ආමාශගත රෝග පවා ඇති වෙනවා. පපුව ආශ්‍රිත රෝගී තත්වයකින් පිඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් නිසි වෙලාවට බෙහෙත් ගන්න.
ජය වර්ණය: ලා දම්පැහැය ජය අංකය: 08
කන්‍යා ලග්නය

ඔබ අත ගහන බොහෝ කටයුතු පහසුවෙන් සාර්ථක කරගත හැකියි. තමන්ගේ පෞරුෂය වර්ධනය කර ගන්න වගේම තමන්ගේ පෞද්ගලික ධන මාර්ග වර්ධනය කරගන්න ඉඩකඩ පවතිනවා. ලිපිලේඛන ආශ්‍රිත ගණුදෙනු කිරීම් බහුල වෙනවා. අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත හැකියි. යාළුවන්ගෙන් උදව් උපකාර ලබා ගත හැකියි. සෙම් සහිත රෝග වලින් පිඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් තරමක් කල්පනාකාරී වන්න. අලුත් ධන මාර්ග විවර කරගන්න සමාජීය වශයෙන් ශක්තිය හිමි වෙනවා. පාද සහ දණහිස ආශ්‍රිත රෝග තත්ව උදා වෙලා පවතිනවා.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 02
තුලා ලග්නය

අතගහන කටයුතු පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් විය යුතුයි. තමන් ගන්න තීන්දු තීරණ තමාගේම අවාසියට හේතු වෙනවා. මානසික ශක්තිය වර්ධනය කර ගන්න පෞරුෂය වර්ධනය කරගන්න අවස්ථාව හිමි වෙනවා. ගමන් බිමන් රාශියක් යෙදෙනවා. ඒ හරහා ප්‍රේමනීය සබදතා ශක්තිමත් කරගන්න පුළුවන්. අලුත් තාක්ෂණික මෙවලම් මිලදී ගන්න ඉතාමත්ම යහපත්. මව්පස පියපස ඥාතීන් සමග ඔබේ පෞද්ගලික තත්වය විමසා බැලීමට අයහපත් වෙනවා. පුංචි පුංචි චිත්ත පීඩා මානසික ව්‍යාකුලතා ඇතිවිය හැකියි. කල්පනාකාරීව කටයුතු කරන්න. කාලයක් කරගෙන ආ කටයුතු විටින් විට වෙනස් වෙනවා.
ජය වර්ණය: ක්‍රීම් පැහැය ජය අංකය: 08
වෘශ්චික ලග්නය

පහුගිය කාලය මුළුල්ලේ තිබුණ බාධාකාරී තත්වය යටපත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉහල නිලධාරීන්ගේ ආකර්ෂණය දිනා ගත හැකියි. සියුම් සතුරු කරදර ඔබ වටා නිර්මාණය වීමේ ඉඩකඩ පවතිනවා. කලාකාමී කටයුතු වලට යහපත්. කලහකාරී සිතුවිලි පාලනය කරගන්න. අධික කාර්යබහුල ස්වභාව මුල්කර ගෙන අන් අයගේ කටයුතු වලට ඔබට මැදිහත් වීමට ඔබට සිදු වේවි. ඒ කටයුතු වලින් ඔබට ආර්ථික වශයෙන් පාඩු උදා වුනත් සමාජීය වශයෙන් යහපත් මට්ටමක් උදා වෙනවා. පාද ආශ්‍රිත රෝග සෙම් සහිත රෝග වලින් පිඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න. නිවසින් පරිබාහිර ගමන් බිමන් සදහා ආරාධනා ලැබෙනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ව ඇතිවිය හැකියි.
ජය වර්ණය: සුදුපැහැය ජය අංකය: 03
ධනු ලග්නය

රැකිරක්ෂා වෙළදාම් කටයුතු වගේම ඔබගේ ඉහල නිලධාරීන් සමග කරන්නා වූ ගණුදෙනු බොහෝ ලාභ ලබා ගත හැකියි. සියුම් රහසිගත සතුරු කරදර තිබුණානම් ඒවා මැඩ පවත්වා ගෙන යාම සදහා ඉහල නිලධාරීන්ගේ උපකාරය නිරන්තරයෙන් ඔබට හිමි වෙනවා. පාද ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි. අධික රාජකාරි ස්වභාවය මුලික කරගෙන වැඩ කටයුතු අධික වෙනවා. තාක්ෂණික මෙවලම් අලෙවි කිරීම් තාක්ෂණික උපාංග පිළිසකර කිරීම් වැනි කටයුතුවල නිරත වෙලා ඉන්න අයට වැඩි වාසි අත්කර ගත හැකියි. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලටත් තරමක් යෝග්‍යයි. නිවසින් පරිබාහිර ගමෙන් නගරයෙන් පරිබාහිර කටයුතු වලින් පවා ආදායම් වැඩි කරගත හැකියි. යුග ජීවිතය ආශ්‍රිතව තිබුණ කරදර බාධා කම්කටොළු අඩු වෙනවා.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 07
මකර ලග්නය

බොහෝ කටයුතු පහසුවෙන් සාර්ථක කරගත හැකියි. සෞඛ්‍ය පිලිබදව සැලකිලිමත් වන්න. තාක්ෂණික මෙවලම් වලටත් පුංචි හෝ බාධවන් ඇති වෙනවා. වැඩිහිටි ඥාතීන් සමග කරන ගනුදෙනු කිරීම් වලින් බාධා කම්කටොලු ඇතිවිය හැකියි. අත්සන් තැබීම වැනි කටයුතු වලින් කල්පනාකාරීව කටයුතු කරන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 03
කුම්භ ලග්නය

අද දවසේදී ඔබ විසින් ගන්න තීන්දු තීරණ ඔබගේම පරාජයට හේතු වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. කල්පනාකාරීව තීන්දු තීරණ ගන්න. වැඩිහිටියන් සමග ආරවුල් ඇතිකර ගැනීම එතරම් යහපත් නොවේ. පියපස මව්පස ඥාතීන් සමග ආරවුල් ඇතිවිය හැකියි. කායික ශක්තිය වර්ධනය වන්නාවූ කටයුතු වලින් චිත්ත ශක්තිය යොදා ගන්නාවූ කටයුතු වලින් යහපතක් උදා කරගන්න පුළුවන්. ගුප්තමය අසනීප ඇතිවිය හැකියි.
ජය වර්ණය: ලානිල් පැහැය ජය අංකය: 08
මීන ලග්නය

විවාහ ජීවිතය සම්බන්ධව පුංචි පුංචි අවුල් ඇතිවිය හැකියි. සැලසුම් සහගතව ආරම්භ කරන බොහෝ කටයුතු කිසිදු බලාපොරොත්තුවකින් තොරව වෙනස් කරන්න සිදු වෙනවා. ප්‍රේමනීය සම්බන්ධතා වලට ඉතා යහපත්. ආහාර මාර්ග ආශ්‍රිත නහර ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි. කල්පනාකාරීව කටයුතු කරන්න. තාක්ෂණික ආශ්‍රිත විදුලි ආශ්‍රිත කටයුතු වලින් පිඩා ඇතිවිය හැකියි. කායික ශක්තිය යොදා කරන කටයුතු වලින් යහපතක් උදා කරගත හැකියි. කෙටි හෝ දුර ගමන් බිමන් යෙදෙනවා.
ජය වර්ණය: විසිතුරුපැහැය ජය අංකය: 08
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක
දුරකථන අංකය: 076 67 65 353