News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
20

බෞද්ධ සංවිධානයක් රෝහින්ග්‍යා අනාථයන් වෙනුවෙන් ආධාර එකතු කරන්න පටන් අරන්…

1547 Views


බෞද්ධ සංවිධානයක් රෝහින්ග්‍යා අනාථයන් වෙනුවෙන් ආධාර එකතු කරන්න පටන් අරන්…

මේ දවස්වල බුකිය රත් වෙලා තියෙන මාතෘකාවක් තමයි රෝහින්ග්‍යා අනාථයන්ගේ ප්‍රශ්නේ. මේ ගැන එක එක අය එක එක විදිහේ මත පල කරත් ආණ්ඩුවේ අය නම් කියන්නේ මෙයාලව කොහොමටවත් ලංකාවට නම් භාරගන්නේ නෑ කියලා. මියන්මාර හමුදා මෙහෙයුම්වලින් බේරෙන්න මේ වෙද්දී හාර ලක්ෂයකට අධික රෝහින්ග්‍යා වැසියන් පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට පළා ගිහිල්ල ඉන්නවා කියලත් ආරංචි වෙනවා. ගැටුම් නවත්තන්න තමන් ඇතුළු රජය මැදිහත් වෙන්නේ නෑ කියලා මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සුචී අඟහරුවාදා (සැප්තැම්බර් 19) ජාතිය අමතා අදහස් පලකලා. රෝහින්ග්‍යා ජනතාව බංග්ලාදේශයට පළා යන්නේ ඇයි කියලා තමන් නොදන්නා බවත් , ගැටුම් පවතින ප්‍රාන්තයේ සංචාරය කිරීමට රාජ්‍යතාන්ත්‍රිකයන්ට බාධාවක් නොමැති බව ද කියා සිටියා.

තත්වය මෙහෙම වුනත් ලෝකේ සමහර රටවල් මේ රෝහින්ග්‍යා අනාථයන්ට උදව් කරන්නත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ බංග්ලාදේශයේ ප්‍රධානම බෞද්ධ සංවිධානයක්. එයාලා මියන්මාරයේ රෝහින්ග්‍යා වැසියන් මුහුණ දීලා ඉන්න ඉරණම නිසා සිය රටේ වෙසෙන බෞද්ධයන්ගේ දෙවැනි විශාලතම උත්සවය මේ අවුරුද්දේ නොපැවැත්වීමට තීරණය කරලා තියෙනවා කියලා නිවේදනය කලා. පාට පාට ‘ෆනුෂ්’ පහන් කූඩු ගුවනේ පාකරමින් වාර්ෂිකව පවත්වන ‘ප්‍රබරණ පූර්ණිමා’ උළෙල නොපවත්වා, ඒ වෙනුවෙන් වැයවන මුදල් සහ බෞද්ධයන්ගෙන් තවත් ආධාර එකතු කරලා ඒ සල්ලි රෝහින්ග්‍යා අනාථයන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් යෙදවීමට තීරණය කරා කියලා බංග්ලාදේශ එක්සත් බෞද්ධ සංසදයේ සභාපති අශෝක් බරුවා කියනවා.

මිලියන 162 ක ජනගහනයක් ඉන්න බංග්ලාදේශයේ බහුතර ජනතාව ඉස්ලාම් භක්තිකයන්. ඒ අතරින් මිලියන 2.5 ක් පමණ බෞද්ධයෝ එහි වාසය කරනවා. ඒ රටේ ජනගහනයෙන් 1.5% කට ආසන්න ප්‍රතිශතයක්. ඒ බෞද්ධයන් නියෝජනය කරන ගොඩාක් සංවිධාන තිබුනත් ඒ අතරින් ප්‍රධානම බෞද්ධ සංවිධාන තුන ඒකමතිකව මෙම තීරණයට එළඹුණු බව තමයි සංවිධායක මණ්ඩලය කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post