News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
20

ශ්‍රී ලංකාව ආයෙත් අමාරුවේ වැටෙයි. පාකිස්ථානය අතර පළමු තරගය මැතිව්ස්ට අහිමිවෙයි.

6803 Views


ශ්‍රී ලංකාව ආයෙත් අමාරුවේ වැටෙයි. පාකිස්ථානය අතර පළමු තරගය මැතිව්ස්ට අහිමිවෙයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමග මේ මස 28 වෙනිදා ඩුබායි හිදී ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරන බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අපිට දැනගන්න ලැබුනා.

හේතුව පුහුණුවීම් අතරතුර මැතිව්ස් ආබාධයකට ලක් වීම. අවුරුද්දක් තිස්සේ මැතිව්ස් පාදයේ ආබාධයකින් බැට කෑවා. ඒ නිසා කාලයක් තිස්සේ මැතිව්ස්ගේ පන්දු යැවීමේ දක්ෂතාවයත් ලංකාවට ප්‍රයෝජනයකට ගන්න පුළුවන් වුනේ නැහැ. කොහොම වුනත් පරාජයේ නියගයට පොද වැස්සක් හොයාගෙන වැසි නැති ඩුබායි දේශයට යන ශ්‍රී ලංකාවේ අතක් පයක් කැඩුවා වගේ දෙයක් තමයි මේ සිද්ධ වුනේ. ආයිත් මැතිව්ස් පුහුණුවීම් අතරේ ආධයකට ලක් වෙලා. ඉතින් බොහෝ දුරට ඔහුට පලවෙනි ටෙස්ට් තරගය මග හැරෙයි කියලයි ආරංචිය.


News Articles
Latest Videos
Most Popular Post