News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
20

පිළිකා වලින් බේරෙන්න පුළුවන්. හැදෙන්න කලින් කියවන්න.

3177 Views


පිළිකා වලින් බේරෙන්න පුළුවන්. හැදෙන්න කලින් කියවන්න.

පිළිකාව ලෝකයේ තියෙන භයානකම ලෙඩ වලින් එකක්. දවසින් දවසම පිළිකාව නිසා ලෝකයට අහිමි වෙන ජිවිත ගණන වැඩි වෙනවා. අවාසනාවට තාමත් හරි ප්‍රතිකාරයක් පිළිකාවට හොයා ගෙන නෑ. පිළිකාවක් කියන්නෙ ශරීරයේ තැනක සෛල අසාමාන්‍ය විදියට වර්ධනය වෙන එක. පිලිකාවෙත් එක එක වර්ග තියෙනවා. පෙනහළු පිළිකා, පියයුරු පිළිකා, මුඛ පිළිකා, ගැබ් ගෙල පිළිකා වගේ ශරීරයේ ගොඩක් තැන වල පිළිකා හැදෙනවා.

ඉස්සරහට එන ඔක්තෝම්බර් මාසය කියන්නෙ ලෝක පියයුරු පිළිකා පිලිබදව දැනුවත් කිරීමේ මාසය. ඒ ගැන විශේෂ වැඩසටහනක් ජාතික පිළිකා මර්ධන ඒකකයේ තිබ්බා. පිළිකා රෝගය ගැන ලොකු දැනුවත් කිරීමක් එතැනදී කරා. වාර්තා වලට අනුව අවුරුද්දකට පිළිකා නිසා 13 000 ක් විතර මැරෙනවා. පිළිකා රෝගීන් 17 000 – 30 000 ක් අතර ප්‍රමාණයක් එක අවුරුද්දකදී වාර්තා වෙනවා. ඒ අයගෙන් 2500 ක් ම පියයුරු පිළිකා රෝගීන්.

කාන්තාවන් අතර බහුලව තියෙන රෝගයක් තමයි මේ පියයුරු පිළිකාව. ප්‍රවේණිගත හේතු නිසා වගේම කාන්තාවන් වයස්ගත වීමත් එක්කම සෛල වල සිදුවෙන වෙනස්කම් නිසා මේ රෝගය හැදෙන්නත් පුළුවන්. පියයුරු පිළිකාවට මුලික විද්‍යාත්මක හේතුව ඊස්ට්‍රජන් හෝමෝනය වැඩිපුර ශ්‍රාවය වීම. හරි වයස එන්නත් කලින් වැඩිවියට පත්වුන ගැහැණු ළමයි, වයසට පස්සෙත් අර්තවහරණය නොවූ කාන්තාවන්, දීර්ඝ කාලයක් තිස්සේ උපත් පාලන පෙති ගන්න කාන්තාවන්, අඩු කාලයක් මව්කිරි දුන්න අය වගේම දරුවන් නොමැති අවිවාහක හා විවාහක කාන්තාවන් මේ රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් තියෙනවා.

ඒ වගේම දිගින් දිගටම විකිරණ ප්‍රතිකාර ගැනීම, මත්ද්‍රව්‍ය භාවිතයත් මේකට හේතු වෙනවලු. පියයුරු වල සහ කිහිලි වල වෙනසක් ඒ කිව්වේ ගැටිත්තක්, ප්‍රමාණයේ හෝ සමමිතික බවේ වෙනසක්, වර්ණයේ වෙනසක්, තුවාලයක්, ගිල බැසීමක් වගේ තියෙනවා නම් ඉක්මනටම වෛද්‍යවරයෙක්ට පෙන්නන එක තමා හොදම වැඩේ.

ඒ වගේම පාසල් සිසුන් සහ අවුරුදු 25 – 30 දක්වා තරුණයන් අතර බහුලව දකින්න ලැබෙන පිළිකා රෝගය තමයි මුඛ පිළිකා. මද්‍යසාර වගේම දුම්කොළ / පුවක් අඩංගු නිෂ්පාදන භාවිතය තමයි එකට මුලික හේතුව. මාවා, තූල්, බාබුල් වගේ මත්ද්‍රව්‍ය භාවිතා කරන තරුණයන්ටත් මුඛ පිළිකා හදිමී ලොකු අවදානමක් තියෙනවා. ඒ වගේම බුලත්විට කන එකත් මුඛ පිළිකා ඇති කරන්න හේතු වෙනවා.

ඉතිං කොහොමද මේ රෝගය හදුනා ගන්නෙ. කට අරින්න අමාරුනම් දිවේ සුදු/රතු හෝ රෝසපාට ලප තියෙනවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. දත් මදින ගමන් සතියකට වරක් වත් කණ්නාඩිය ඉස්සරහට ගිහිල්ල කට ඇරලා කටේ කටේ වෙනසක් තියෙනවද කියලා බලන්න පුරුද්දක් කර ගන්න. පිළිකා රෝගය මුල් අවස්ථාවේම හදුනා ගත්තොත් මරණය දක්වා යන්න කලින් බේරා ගන්න පුළුවන් කියලයි වෛද්‍යවරු කියන්නෙ. ඒ නිසා තමන්ගේ සෞඛ්‍ය ගැන තමන් අවධානය යොමු කරනවා නම් පිළිකාවෙන් බේරිලා ඉන්න පුළුවන්.

සටහන – අමිල


News Articles
Latest Videos
Most Popular Post