News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
20

ජපානෙට උඩින් මිසයිල යැවූ උතුරු කොරියානු ජනපති සියදිවි නසා ගන්න හදයි.

3073 Views


ජපානෙට උඩින් මිසයිල යැවූ උතුරු කොරියානු ජනපති සියදිවි නසා ගන්න හදයි.

පහුගිය කාලේ පුරාවටම උතුරු කොරියානු නායකයා තමන්ගේ යුධ ශක්තිය පෙන්නන්න කියලා එක එක වැඩ කරා. ඇමරිකාවටත් වඩා, හොද මිසයිල තමන් ගාව තියෙනවා කියලා ඔප්පු කරන්නත් කොරියානු නායකයා මේ දේවල් නිසා සමත් වුනා. කොහොම වුනත් ලෝකේ වටෙන්ම උතුරු කොරියානු නායකයාට මේ ගැන ආවේ නම් හොඳ ප්‍රතිචාර නෙමෙයි.

ඇමරිකානු ජනපති ට්‍ර්ම්ප් , මේ ගැන නිකුත් කල අලුත්ම නිවේදනය තමයි මේ. මේක නිවේදනයකට වැඩිය කොරියානු නායකයාට කල අනතුරු ඇඟවීමක් කියලත් කියන්න පුළුවන්. උතුරු කොරියානු නායකයාගේ මේ පාලනය, දකුණු කොරියාව හෝ ඇමරිකානු හිතවාදී රටවල් වල ආරක්ෂාව සඳහා බලපෑම් කරනවානම් නම් තමන් , උතුරු කොරියාව විනාශ කරන්න වුනත් ලෑස්තියි කියලා තමයි ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කරන්නේ. ඇමෙරිකානු ජනාධිපතිවරයා ඒ අනතුරු ඇඟවීම කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතලා සිය පළමු කතාව සිදු කරන වෙලාවේ. මේ කතාවේ දී උතුරු කොරියානු නායක කිම් ජොන් සමච්චලයට ලක් කරමින් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා කිව්වේ ” රොකට් මෑන් සිය දිවි හානිකර ගැනීමේ ගමනක නිරත වෙමින් “ ඉන්නවා කියලා.

කොහොම වුනත් ඩොනල්ඩ් ට්‍ර්ම්ප් සමුළුව ඇමතීමට කලින් අදහස් දක්වපු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් (Antonio Guterres) ගේ දේශනයේදී නම් කිව්වේ උතුරු කොරියානු ප්‍රශ්නය විසඳගන්න තියෙන එකම ක්‍රමේ නම් රාජ්‍යතාන්ත්‍රික පිළිවෙත කියලා. ඒ වෙනුවෙන් ආරක්ෂක මණ්ඩලයේ එක්සත් පෙරමුණක් ඇතිකරගන්න කියලා ඉල්ලීමක් කරපු මහ ලේකම්වරයා “ලෝකයට යුද්ධයක් කරා නින්දෙන් ඇවිද යා නොහැකි” බව පෙන්වා දුන්නා. මහ ලේකම්වරයාගේ කතාවට රාජ්‍ය නායකයන්ගෙන් සහ තානාපති නිලධාරීන්ගෙන් ඉතා උණුසුම් අත්පොළසන් හඬක් ලැබුනත්,ට්‍රම්ප් ගේ කතාව අතරවාරයේ නම් දකින්න ලැබුණේ ගොඩාක් දෙනාගේ මුණු වෙනස් වෙලා තියෙන තත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post