Hair Style කියන්නෙ ගොඩක් ජනප්‍රිය විලාසිතාවක්. හැබැයි ගොඩක්ම තරුණ අය තමයි Hair Style කරන්නෙ. දැන් ඇමැතිවරුත් Hair Style කරන්න පටන් අරන්.
වෙන කොහෙවත් නෙවෙයි ලංකාවේම ඇමති කෙනෙක්ගේ Hair Style එකක් ගැන තමයි මේ දවස් වල වැඩියෙන්ම කතා කරන්නෙ. ඒ අපි හැමෝම හොදට දන්නා නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමාගේ අලුත්ම Hair Style එක. මේ ගැන එක එක අය එක එක කතා කියනවා. සමහරු ඔහු Wig එකක් දාලා කියලත් කියනවා. තවත් සමහරු ඔහු තවත් තරුණ වෙලා කියලා කියනවා. හැබැයි අපිට ආරංචි වුණේ නම් ඔහු තිරුපති ගිහින් භාරයක් ඔප්පු කරන්න කොන්ඩේ බූ ගෑවා කියලා.
කොහොම වුනත් විලාසිතා කරන්න වයස් බේදයක් වගේම තනතුරු අදාළ වෙන්නෙත් නෑනේ. ඉස්සරහට පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් මැති ඇමතිලත් මේ වගේ Hair Style කරන්න පටන් ගනීවිද දන්නෙ නෑ. හැබැයි එක අතකට එකත් හොදයි. මොකද නිතරම ජාතික ඇදුම ඇදගෙන ඉන්න ඇමතිලා දකිනවට වඩා Fashion කරපු ඇමතිලා දකිද්දී ජනතාවටත් ප්‍රබෝධයක් ඇතිවෙයිනේ.