News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
21

අන් අයගේ සයෝගය සමඟ දියුණුව කරා ලඟාවිය හැකි දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

2165 Views


අන් අයගේ සයෝගය සමඟ දියුණුව කරා ලඟාවිය හැකි දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 සැප්තැම්බර් මාසයේ 21 බ්‍රහස්පතින්දා

රාහු කාලය: ප.ව 01.29 සිට 02.59

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: දකුණ

 

මේෂ ලග්නය

බාධක තුලින් කනස්සල්ල කරා ඉදිරියට යනවා. ඔබ අද නොහික්මුණු ගතීන් තුල අස්ථාන චෝදනා වලට ලක් වෙනවා. අනතුරු වලට ගොදුරු වෙනවා. ඔබගේ කනස්සල්ල එපාවීම අනවබෝධය මේ සියල්ලටම හේතු වෙනවා. ශාරීරික සෞඛ්‍ය අඩපන කරනවා.රිය පදවන්නන් ප්‍රවේසම් වන්න. නැන්දම්මා මාමා මෙහෙකරුවන් නිසා ඔබ කනස්සල්ලට පත් වෙනවා. සුරතල් සතුන් ඇති කිරීමේදී වඩා ප්‍රවේසම් විය යුතුයි. අන් අයගේ ගැටළු ඔබේ කර ගන්නේ නැතුව ඔබ දිනයේ දෛනික වගකීම් අවබෝධයෙන් යුතුව කරන්න.

ජය වර්ණය: රතු පැහැය                 ජය අංකය: 11

වෘෂභ ලග්නය

ඔබට ඔබගේ ඉගෙනීම කලා කටයුතු වලින් පැහැදිලි දියුණුවක් ලැබිය හැකියි. ඔබගේ දරුවන්ගේ උසස් තත්වයන් තුල ඔබට ගෞරවයකට පත්විය හැකියි. ඔබටත් සමාජයේ ඉහල වගකීම් සහිත කටයුතු වල යෙදෙන්න අවස්ථාවන් උදා වෙනවා. මිතුරු ආශ්‍රය නිසා ඔබ සතුටට පත් වෙනවා. වැඩිමහල් සහෝදර ආශ්‍රය නිසා ඔබ සතුටට පත් වෙනවා. ඔබට වගකීම් නිසිලෙස ඉටු කරමින් තම වෘත්තීය කටයුතු සාර්ථක කරගත හැකියි.

ජය වර්ණය: කොළ පැහැය                         ජය අංකය: 01

මිථුන ලග්නය

ගෙදරදොර දියුණුව වෙනුවෙන් වැඩ කටයුතු කරද්දී කා සමගත් සහයෝගයෙන් කටයුතු කරනවා. එනිසාම ඔබට ඉහල සාර්ථකත්වයක් ලැබෙනවා. අද හරිහම්බ කරන දේ හරියට හරිහම්බ කරලා දියුණුව කරා පිය නගන්න පුළුවන්. ගෙදරදොර ඉඩකඩම්  දේපළ වල දියුණුව පැහැදිලිව ඇතිවිය හැකියි. ගෙදර දොර දෙමව්පියන් සමග ඉතා මිත්‍රශීලීව කටයුතු කිරීමේ වාසනාවක් පවතිනවා. එතුලින් ඔබට ඔබගේ ආදායම් වැඩි දියුණු කරගන්න පුළුවන්. සමාජීය වගකීම් දැරීමට ඉතා හොද දිනයක්. වැඩිමහල් සහෝදර ආශ්‍රය මුල්කර ගෙන ඔබට ඉදිරි සැලසුම් කරා යන්න පුළුවන්. ඔබගේ වගකීම් සහ ඔබ සතු නායකත්වය නිසා අද දිනයේ ඔබගේ වෘත්තීය කටයුතුද සාර්ථක කරගත හැකි වෙනවා.

ජය වර්ණය: රතු පැහැය               ජය අංකය: 04

 

කටක ලග්නය

ඔබ සතු වගකීම් දැරීමේ හැකියාවත් ඔබ සතු නායකත්වයත් අද ඔබ ඔබ තුලින් ගොනු කරගෙන ඉදිරියට පැමිණීම හේතු කරගෙන ඔබට ඔබගේ සියලු උත්සාහයන් සාර්ථක කරගත හැකියි. අද ඔබට ඔබගේ සහෝදර සහෝදරියන්ට ඔබගේ අසල්වාසීන්ට පිය පක්ෂයේ නෑයින්ට යම්කිසි නායකත්වයක් මග පෙන්වීමක් දීමට හැකි දිනයක්. ඔබගේ කැපවීම තුලම අද ඔබට ඔබගේ වෘත්තීය ව්‍යාපාර කටයුතු සාර්ථක තත්වයක් කරා ගෙනියන්න පුළුවන්. ලියන මුද්‍රණ විද්‍යුත් අංශ වල පැහැදිලි දියුණුවක් ලබනවා. ඔබට සමාජීය වගකීම් දැරීමට හොද දිනයක්. උසස් ඉගෙනීමට විදෙස් සංචාර වලට හා පිංකම් වලට හොද දිනයක්. එතුල ඔබට උසස් අය ඇසුරු කිරීමේ වාසනාව පවතිනවා.

ජය වර්ණය: රතු පැහැය                ජය අංකය: 10

 

සිංහ ලග්නය

ගෘහ හා විවාහ ජීවිතය තුලත් ඔබගේ වචනය තුලත් මනා හික්මීමකින් යුතුව කැපී පෙනෙන ලෙස වැඩ කටයුතු කිරීම හේතු කොටගෙනත් එම වචන අන් අයට සුමිහිරි ලෙස ඔබ භාවිතයට ගන්න ලෙසත් ඔබ උසස් අය අතරේ බොහොම ගෞරවයකට ලක් වෙනවා. මුදල් ලැබීම් තියෙනවා. වැඩිහිටියන්ගේ පුජකවරුන්ගේ දෙමව්පියන්ගේ උදව් උපකාර ලැබිය හැකි වෙනවා. වෘත්තීය මට්ටම් තුල පිං කිරීමෙන් කිර්තිය ලැබෙනවා. ඔබට වෘත්තීය හා ව්‍යාපාර මට්ටම් වලදී විශේෂ රාජකාරී වගකීම් පැවරීම තුල වෙනදට වැඩිය ශුරත්වයකින් කටයුතු කරනවා. ඔබ සතු ධනාත්මක දැක්ම හා නායකත්වය මුල්කර ගෙන ඔබගේ වචනය මුල්කර ගෙන ජයග්‍රහණ ලැබිය හැකියි.

ජය වර්ණය: රතු පැහැය                 ජය අංකය: 09

 

කන්‍යා ලග්නය

ඔබ පෞරුෂත්වය තුලත්මානසික වශයෙනුත් පිං කරන්න කැමති දිනයක්. පිං කරන ජනතාව අතර ඔබට නායකයෙක් වෙන්න පුළුවන් දිනයක්. පැහැදිලි මහජනතා ගෞරවයක් ලබන්න ඉඩකඩ තියෙන දිනයක්. උසස් අයගේ වැඩිහිටියන්ගේ පුජකවරුන්ගේ ගෞරවයට පත් වෙන දිනයක්. ඔබගේ ධනයට වඩා ඔබගේ ගුණයට ඔබ ප්‍රසිද්ධ වෙනවා. උසස් ඉගෙනීමෙන් අද ඔබට සාර්ථකත්වය ලබන්න පුළුවන්. ඔබගේ විදෙස්ගත සැලසුම් සාර්ථක කරනවා. දීර්ඝ ගමන් සාර්ථක වෙනවා. වෘත්තීය කටයුතු වලදී අද ඔබ නිසිලෙස තම වගකීම් රාජකාරි ඉෂ්ට කරනවා.

ජය වර්ණය: නිල් පැහැය               ජය අංකය: 01

 

තුලා ලග්නය

දුක කනස්සල්ල පවතින පසුබිමක් තුල නිශ්ශබ්දව සිටීම ප්‍රඥා ගෝචර යැයි සිතන දිනයක්. ඒනිසා අන් අයට කරදර නොකර බොහොම හිතවත්කම ඇති කරගෙන නිශ්ශබ්දව ආගම දහමට ලැදිවිම තුල ඔබට වැඩ කටයුතු කිරීමෙන් ඔබට කාලය ගෙවා දැමීමට හැකි වෙනවා. ඔබ බලාපොරොත්තු වන සහයෝගයන් බලාපොරොත්තු වන මට්ටමින් අන් අයගෙන් නොලැබී යනවා. නමුත් ඔබ තුල පවතින ධනාත්මක දැක්ම ඔබ ආගම දහමට ගොනුකර ඔබ තුලින් ඉදිරියට ගෙන ගියොත් ඔබට උසස් අයගේ උදව් උපකාරයක් ලැබීමට වාසනාවන්ත වෙනවා. අනවබෝධය හා දෛනික වැඩ කටයුතු අතපසු කිරීම නිසා දිනයේ දියුණුව අඩු වෙනවා.

ජය වර්ණය: සුදු පැහැය                 ජය අංකය: 08

 

වෘශ්චික ලග්නය

 

ඔබ සතු ශුරත්වය මුල්කොට ගෙන අද ඔබට සමාජය තුල ඉහල ගෞරවයකට පත් වෙන්න පුළුවන්. වැඩිහිටියන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් ලබන ලාභ වැඩි වෙනවා. සමාජීය වගකීම් දැරීමේදී මිතුරන් ආශ්‍රයේදී ඔබ ඔවුන්ට නැතිවම බැරි අත්‍යවශ්‍ය කෙනෙක් බවට පත් වෙනවා. අන් අයගේ සහයෝගය ලබා ගන්න පුළුවන් විදියට ශුරත්වය මතු කරගෙන ඔවුන් තුලින් ඔබගේ ඉලක්ක කරා යාමට අද ඔබ වැඩ කටයුතු කලයුතු වෙනවා. ඔබගේ සියලු හවුල් කටයුතු කොටස් වෙළදපොල ගණුදෙනු මහජන සේවා කටයුතු මංගල සේවා කටයුතු ඉහලින්ම සාර්ථක කරගන්න පුළුවන්. ධනය කිර්තිය ඔබ කරා එනවා.

ජය වර්ණය: කොළ පැහැය                         ජය අංකය: 07

 

 

ධනු ලග්නය

ඔබ සතු සියලු දක්ෂකම් හැකියාවන් මුල්කොට ගෙන අන් අයගේ සහයෝගය ලබමින් එතුලින් ඔබගේ වෘත්තීය ඉලක්කය කරා ගමන් කරන්න ඔබ පැහැදිලිවම ඔබ වෘත්තීය තුල ජනප්‍රියතාවයක් ඇති කරගන්නවා. අන් අයගේ සහයෝගය මත සියලු වෘත්තීය ව්‍යාපාර කටයුතු සාර්ථකත්වයට පත්කර ගන්නවා. එනිසාම ඔබට පැහැදිලිවම ඔබගේ හවුල් කටයුතු වල සාර්ථකත්වයක් ඇතිකර ගන්න පුළුවන්. අද ඔබ කොටස් වෙළදපොල ගණුදෙනු වල නියුක්ත වුනොත් වැඩි ලාභ ලබන්න පුළුවන් වෙනවා. මහජන සේවා කටයුතු වල නියුක්ත වුනොත් වෙනදට වඩා කීර්තියක් ධනයක් ලැබීමට හැකියාව වාසනාව තියෙනවා.

ජය වර්ණය: කොළ පැහැය                        ජය අංකය: 10

 

මකර ලග්නය

අද දිනය ආගම දහම තුල ඔබගේ සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කරන්න. කටට රහට කන්න බොන්න තියෙන දිනයක්. ගෘහ හා විවාහ ජීවිතය තුල ඉතා සතුටින් ගත කරන්න පුළුවන්. උසස් අයගෙන් ඔබට ධන වාසි ඇතිකර ගන්න පුළුවන්. ඔබ පැහැදිලිවම ඔවුන් වෙතින් උසස් ගෞරවයකට පත් වෙන්න පුළුවන්. උසස් ඉගෙනීමෙන් සාර්ථක වෙනවා. විදෙස් හා දුර ගමන් වලින් සාර්ථක වෙනවා. පිං කිරීමෙන් ඔබ ගෞරවයකට පත් වෙනවා. ඔබගේ උත්සාහයන් සාර්ථක වෙනවා. පවුල වෙනුවෙන් කරන කටයුතු වලට බාධා ඇති වීමෙන් සමහරවිට මානසික කලකිරීම් ඇති කරනවා.

ජය වර්ණය: කොළ පැහැය                       ජය අංකය: 09

 

කුම්භ ලග්නය

අනවබෝධය ඇති පසුබිමක් තුල ඔබගේ ගෞරවය පතා අලස ලෙස ක්‍රියාත්මක වීම හේතු කරගෙන ඔබට ලැබිය යුතු ගෞරවය ප්‍රමාද වෙනවා. යම් යම් මානසික ආතතීන් වලට ලක් වෙන්න පුළුවන්. ඔබ හිතන පතන අපේක්ෂිත මට්ටමින්ම ඔබට මුදල් නොලැබෙන්න පුළුවන්. ගෘහ හා විවාහ ජිවිතයේ අවශ්‍ය කරන සතුට ප්‍රමාදයට හෝ අඩු වෙන්න පුළුවන්. ඔබ ඔබ විසින්ම ධෛර්යමත් වී ඔබගේ ගෞරවය පතා කලට වෙලාවට වැඩ කටයුතු කරන්න.

ජය වර්ණය: නිල් පැහැය               ජය අංකය: 01

 

 

මීන ලග්නය

ඔබ දැනටමත් විවාහක නම් ඔබගේ බිරිදගේ හෝ ස්වාමියාගේ ඉදිරිපත් වීම ඔබ වෙනුවෙන් ලබන්න පුළුවන්. අවිවාහක ඔබට කාගේ හරි උදව් උපකාරයක් ලැබී අද ඔබගේ මනසට අවශ්‍ය කරන දෙයක් ලබන්න පුළුවන්. කණ්ඩායම අතර හවුල් කරුවන් අතර ඔබ ප්‍රමුඛත්වයට පත් වෙනවා. ඔබට ඔබගේ ඉලක්ක කරා ලගා විය හැකියි.

ජය වර්ණය: කහපැහැය                             ජය අංකය: 01

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ස් සේනානායක

දුරකථන අංකය: 077 67 19 152

 

 


News Articles
Latest Videos
Most Popular Post