News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
22

පාද ආශ්‍රිත රෝග වලින් පීඩා විදින දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1408 Views


පාද ආශ්‍රිත රෝග වලින් පීඩා විදින දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 සැප්තැම්බර් මාසයේ 22 සිකුරාදා

රාහු කාලය පෙ.ව 10.32 සිට 12.03

සුභ දිශාව උතුර

මරු සිටින දිශාව ගිණිකොන

 

මේෂ ලග්නය

ඔබ අද දවසේ අතගහන බොහෝ කටයුතු සාර්ථක කරගැනීමේ ඉඩකඩ පවතිනවා. තරගකාරී කටයුතු වල ජයග්‍රහණය ලැබෙනවා. ඔබගේ පෞරුෂය වර්ධනය කර ගැනීමටත් ඒසදහා අවස්ථාව හිමි වෙනවා. කලාකාමී කටයුතුවල නිරත වෙලා ඉන්න අයගේ එවැනි කටයුතු දීප්තිමත් භාවයකට පත්කර ගන්න පුළුවන්. ගෙදර දොරේ කටයුතු සෞම්‍යව පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා. පාද ආශ්‍රිත රෝග තත්ව දණහිස ආශ්‍රිත රෝග තත්ව වගේම කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ව ඇතිවිය හැකියි. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලින් තරමක බාධා ඇතිවිය හැකියි. පොදු කටයුතු වලින් ජය හිමි වෙනවා. සිතේ සතුට උදා වෙනවා.

ජය වර්ණය දීප්තිමත් කහපැහැය               ජය අංකය 07

වෘෂභ ලග්නය

ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වගේම තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලට අද දවසේ වැඩි කාලයක් ඔබට මිඩංගු කරන්න සිදු වෙනවා. තමන්ගේ දූදරුවන්ගේ කටයුතු නිසා යම් ප්‍රමාණයකට කාර්යබහුල වෙනවා. අමාශගත රෝග තත්ව වලින් ඔබ පිඩාවට පත් වෙලා හිටපු කෙනෙක් නම් ඒවා යටපත් කරගත හැකියි. නිරෝගී සුවය උදා කරගත හැකි දිනයක්. විවාහ ජීවිතය ආශ්‍රිත බාධා කම්කටොලු පැවතුනානම් සියල්ල දරාගෙන මනා ශක්තියකින් යුක්තව ඉදිරියට ගමන් කල හැකියි. පෙරපින ඉස්මතු කර ගැනීමේ හැකියාව පවතිනවා.

ජය වර්ණය විසිතුරු පැහැය                        ජය අංකය 08

මිථුන ලග්නය

ඔබ අත ගහන බොහෝ කටයුතු යාලුවන්ගේ වගේම ඉහල නිලධාරීන්ගේ උදව් උපකාර සහිතව පහසුවෙන් සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා.අලුත් අලුත් දේවල් මිලදී ගන්න ඔබ උත්සහ දරනවා. එවැනි කටයුතු වලට බාධාකාරී තත්ව තිබුණානම් ඒ බාධා දුරුකර ගත හැකියි. හවුලේ කරන කටයුතු අසල්වාසීන් සමග මිශ්‍ර වෙලා කරන කටයුතු වලින් පවා වාසි හිමිකර ගත හැකියි. සෞඛ්‍ය පිලිබදව වැඩියෙන් සැලකිලිමත් වන්න. ආමාශගත රෝග මුත්‍රාශය ආශ්‍රිත රෝග වගේම මුඛ ආශ්‍රිත රෝග වලිනුත් පිඩාවට පත් වෙනවා. භුමිය හා සම්බන්ධ කටයුතු වලින් බොහෝ යහපතක් උදා කරගත හැකියි. ඉදිකිරීම් වැනි කටයුතු ඉංජිනේරු සේවා වැනි කටයුතු වලින් යම් ශක්තියක් ලබා ගත හැකියි.අධ්‍යාපන කටයුතු සවස් යාමයේ උසස් මට්ටමකට පත් වෙනවා.

ජය වර්ණය ලා දම් පැහැය                       ජය අංකය 06

 

කටක ලග්නය

පියපස ඥාතීන් සමග අසල්වාසීන් සමග කටයුතු වැඩි වේවි. නිවසේ කටයුතු වලට සවස් යාමයේ වැඩි ඉඩක් වෙන් කරන්න සිදු වෙනවා. වෘත්තිමය කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා. විවිධ අදහස් ඔබ තුල ගලා ගෙන එනවා වගේම ඒ අදහස් ක්‍රියාවට නංවන්න ඔබ දැඩි කැපවීමකින් කටයුතු කරනවා. වචන භාවිතා කිරීමේ හැකියාව පරිපාලනමය හැකියාව වඩාත් වැදගත් දවසක්. තරගකාරී කටයුතු වලින් යම් ජයක් ලබන්න පුළුවන්.

ජය වර්ණය දීප්තිමත් කහ පැහැය              ජය අංකය 09

 

සිංහ ලග්නය

ඔබ බලාපොරොත්තු සහගතව කරන සෑම කටයුත්තකින්ම ජයග්‍රහණ හිමිකර ගත හැකියි. අන් අයට උදව් උපකාර කරන්නත් පෙළඹෙනවා. එවන් කටයුතු වලින් ඔබේ මානසික සෞඛ්‍ය යහපත් වෙනවා වගේම සමාජය තුල ඔබට යහපත් කීර්තිමත් නමක් දිනාගත හැකි වෙනවා. ගෙදර දොරේ කටයුතු වලට දක්වන මන්දගාමී ස්වභාවය නිසා ගෙදර දොරේ සාමාජිකයන්ගෙන් දොස් අසන්නට සිදු වෙනවා. වියදම් අධික වීමේ ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඔබගේ ශරීර සෞඛ්‍යට යහපත්වන ආකාරයට ක්‍රියාත්මක කරලා කරන්න වෙන කටයුතු පවා ඔබ අත්හැරලා ඒවා මුදල් යොදවලා කරවන්න ඔබ උත්සහ දරනවා. එවැනි කටයුතු හේතු කරගෙන අනවශ්‍ය වියදම් ඉහල යනවා වගේම ඔබේ සෞඛ්‍යටත් එය අනිසි ආකාරයකට බලපෑම් එල්ල කරනවා. හිසේ බර ගතිය හිසේ කැක්කුම් සහගත ගතිය ඇස්වල දැවිල්ල ගතිය ඇතිවිය හැකියි. ආහාර නොදිරවිම නිසා හට ගන්නා රෝග තත්ව ඇති වේවි.

ජය වර්ණය ලා නිල් පැහැය                       ජය අංකය 05

කන්‍යා ලග්නය

චිත්ත පිඩා මානසික අසහනකාරී තත්ව වගේම ලෙඩ රෝගවලට නිතර ලක්වීමේ අවධානමක් පවතිනවා. ලේ ධාතුව සම්බන්ධ රෝග තත්වයකින් ඔබ පිඩාවට පත්වෙලා ඉන්නවනම් ඖෂධ භාවිතය ප්‍රවේසමෙන් සිදු කරන්න. පාද ආශ්‍රිත රෝග ඇඟිලිතුඩු ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි. අව්ව සහිත ස්ථාන වල ඔබට නිතර ගමන් කරන්න සිදු වෙනවා. ඒනිසා මනසට යම් පිඩාවක් ගෙන දෙනවා. රූපය පිලිබදව හිතන කෙනෙක්නම් දවස පුරා කනස්සල්ලක් ඇති වේවි. වාග් ශක්තිය දියුණු වෙනවා. ඔබගේ පරිපාලන ශක්තිය දියුණු වෙනවා. අධ්‍යාපනික මට්ටම දියුණු කර ගැනීම සදහා අවශ්‍ය වපසරිය නිර්මාණය වෙනවා.

ජය වර්ණය රන්වන් පැහැය                       ජය අංකය 03

 

තුලා ලග්නය

සියුම් ලේඛන කලාවක් ඔබට තියෙනවානම් ඔබට බොහෝ පහසුවෙන් ජයග්‍රාහී දවසක් බවට පත්කර ගත හැකියි. අන් අයගේ හිතට කාවදින දේවල් කියන්න ලියන්න හැකියාව පවතින දවසක්. කියන කරන දේවල් නිසා ඔබගේ වෘත්තිමය මට්ටම දියුණු කරගත හැකි වෙනවා. අන් අයව සතුටු කරන්න යම් ආකාරයකින් මහන්සි වෙනවා නම් එවැනි කටයුතු වලින් ඔබට බොහෝ ජයග්‍රහණ අත්කර ගත හැකියි. වියදම් පාර්ශවය මදක් ඉහල මට්ටමක පවතිනවා. කල්පනාකාරීව ඉවසිලිවන්ත වීම වඩා වැදගත්. අවලාද අපහාස විටින් විට ඇති විය හැකි වෙනවා.

ජය වර්ණය ලා කහ පැහැය                        ජය අංකය 03

 

වෘශ්චික ලග්නය

 

ඔබ අතගහන බොහෝ කටයුතු පහසුවෙන් සාර්ථක කරගත හැකියි. ඔබ හොදින් හෝ නරකින් ඔබේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට උත්සහ දරනවා. මේ නිසාම සමාජය තුල ඇතැම් විට ඔබට එරෙහිව කුමන්ත්‍රණකාරී තත්ව කුමන්ත්‍රණකාරී වචන භාවිතා කිරීම් ඉටු වෙන්න පුළුවන්. ඒවගේම ඉහල නිලධාරීන්ට ඔබ පිලිබදව යම් යම් දුර්මත යම් යම් පුද්ගලයන් විසින් ගොඩ නගනවා. ඒනිසා කල්පනාකාරී වන්න. නිතිය හා සම්බන්ධ කටයුතු වලින් ඔබ තරමක පිඩාවට පත් වෙනවා. සවස් යාමයේ පදිංචිය වෙනස් වීම පිළිබද යම් ආකාරයේ මතවාද පල වෙනවා. යහපත් ආකාරයකට තීන්දු තීරණ ගැනීමත් කල්පනා කිරීමත් වඩාත් වැදගත් වෙනවා. වැඩිහිටි ඥාතීන්ගේ උදව් උපකාර ඔබට ලබා ගත හැකි වෙනවා. ජලාශ්‍රිත පරිසර වලදී රිය ධාවනය කිරීම් වලදී ඔබගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිලිබදවත් අවධානය යොමු කරන්න.

ජය වර්ණය රන්වන් පැහැය                   ජය අංකය 06

 

 

ධනු ලග්නය

අතහැරලා දාලා තිබුන බොහෝ කටයුතු යලි ආරම්භ කිරීමේ හැකියාව උදා වෙනවා. පවුලේ වාසනාව උදා කරගත හැකි වෙනවා. ගුප්තමය කටයුතු වලින් පවා වාසි සහගත තත්ව ඇති වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා වැනි කටයුතු භුමිය හා සම්බන්ධ කටයුතු ස්වර්ණාභරණ අලෙවි කිරීම් වැනි කටයුතු ඔබගේ ධන ශක්තිය වර්ධනය කරනවා. මුද්‍රණාල ආශ්‍රිත කටයුතු පරිපාලනමය කටයුතු වලින් යහපතක් දිනා ගන්න පුළුවන්. කරන කියන කටයුතු යම් ප්‍රමාණයකට ප්‍රසිද්ධ නොකිරීම ඔබට අවාසියක් බවට පත් වෙනවා. ඔබ වචන භාවිතා කිරීම නම්‍යශිලිව පවත්වා ගෙන යාම වඩාත් වැදගත්. අවශ්‍ය තැන් වලදී වචන බාවිතා කරන්න.

ජය වර්ණය දීප්තිමත් කහ පැහැය               ජය අංකය 09

 

මකර ලග්නය

ලිපිලේඛන ආශ්‍රිත කටයුතු තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වගේම අලෙවිකරණ වැනි ක්ෂේත්‍ර වල නිරත වෙලා ඉන්න අයත් කල්පනාකාරී විය යුතුයි. ඔබේ වචන භාවිතා කිරීම් නිසාම ඔබේ පරාජය අත්විමේ ඉඩකඩක් පෙන්වනවා. අවම වචන භාවිතා කර ක්‍රියාකාරී වන්න. පරිපාලනමය ආශ්‍රිත හැකියාවන් නම් ඉතාමත්ම යහපත්. තීන්දු තීරණ ගැනීමේදී අන් මත ඉවසීම යෝග්‍යයි. ජලය නිතර පානය කිරීමත් වැදගත් වෙනවා. ගින්නෙන් බොහෝ උවදුරු ඇතිවීමේ ඉඩකඩ ඇතිවීම නිසා ඔබේ නිවසේ ඔබේ ආයතනයේ ආරක්ෂාව පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වන්න. ප්‍රේමනීය සම්බන්ධතා එක සිතින් පවත්වා ගෙන යන්න නොහැකි වෙනවා. ගුප්තමය අසනීප වලට ලක් වෙලා හිටපු කෙනෙක් නම් එවන් කටයුතු වලින් යම් සහනදායී තත්වයක් උදා වෙනවා.

ජය වර්ණය ලා දම් පැහැය                       ජය අංකය 05

 

කුම්භ ලග්නය

අන් අයත් සමග මිශ්‍ර වෙලා කරන කටයුතු වලදී ආවේගශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමක් තමයි පෙන්නුම් කරන්නේ. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලටත් යම් සුභදායී තත්වයක් පෙන්නුම් කරනවා. ගෘහාශ්‍රිත කටයුතු වල පවා සියුම් දියුණුවක් අපේක්ෂා කල හැකියි. ප්‍රේමනීය සම්බන්ධතා තුල සියුම් සතුටක් නිර්මාණය වීම වඩාත් යහපත් තත්වයක තියෙනවා. අන් අයට නොපෙනෙන සිමා ඔබට තේරුම් ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒවගේම ඒ හරහා ඔබගේ ජයග්‍රහණ උද්දීපනය කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. වෘත්තිමය කටයුතු දියුණු වෙනවා. ගුප්ත කටයුතු වලින් පවා දියුණු වෙනවා. පාද ආශ්‍රිත දණහිස ආශ්‍රිත රෝග වලින් පිඩාවක් ගෙන දෙනවා. සියුම් සතුරු කරදර තවමත් ක්‍රියාත්මක වෙනවා. කල්පනාකාරී වන්න.

ජය වර්ණය රෝස පැහැය             ජය අංකය 06

 

මීන ලග්නය

ඔබට එරෙහිව තිබුණු බාධා කම්කටොලු තත්ව යටපත් කරගෙන සෞම්‍ය සිතින් යුක්තව අලුත් කටයුතු වලට ආරම්භයක් සටහන් කරන්න ඔබට හැකියාව පවතිනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලට වඩා ඔබ උත්සහ දරන්නේ කායික ශක්තිය යොදා කරන කටයුතු වලට මැදිහත් වෙන්න. කෙටි ගමන් බිමන් යාන වාහන වලින් යාම බහුල වෙනවා. එවැනි කටයුතු වලින් යම් සහනයක් ලැබිය හැකියි. අධ්‍යාපනික කටයුතු වල නිරත වෙලා ඉන්න අයගේ අධ්‍යාපන කටයුතු වලට පවා ශක්තිය උදා වෙනවා. ආමාශගත රෝග වලින් බාධා ඇති වෙනවා. අද දවස වැඩි කාල පරිච්ඡේදයක් ආගමනුකුල පරිසරයක ගත කරන්න. චිත්ත පිඩා ඇතිවිය හැකියි. කෙටි ගමන් බිමන් වලදී ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වන්න. වියදම් ගැන සැලකිලිමත් වෙන්න. සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න.

ජය වර්ණය ලා නිල්පැහැය                                   ජය අංකය 08

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 6765353

 

 


News Articles
Latest Videos
Most Popular Post