News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
22

අවුරුදු 40 කට පසුවත් මිනිසෙකුට හඳට යන්න බැරි වුන හේතුව මෙන්න….

2523 Views


අවුරුදු 40 කට පසුවත් මිනිසෙකුට හඳට යන්න බැරි වුන හේතුව මෙන්න….

මුලින්ම හඳට ගියේ 1969 දී. අන්තිම පාරට මිනිසෙක් හඳට ගියේ 1972 දී. මේ කාලය තුල අවස්ථා 6ක් මිනිසුන් 12 දෙනෙක් හඳට ගිහින් තියෙනවා. ඊට පස්සේ ගෙවුනු අවුරුදු 45 ට කවුරුත් සඳ තරණය කරලා නෑ. තාක්ෂණය එතරම් දියුණු නැති කාලෙකදී සඳ තරණය කලත්, දියුණු තාක්ෂණයක් තිබෙද්දිත් ඇයි දැන් කවුරුත් හඳට යන්නෙ නැත්තෙ? මේක ගොඩක් අය‍ට තියෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ ගැන සියත 24 අපි හොයලා බැලුවා.

මේ තියෙන්නේ ඒ ගැන පලවුනු අදහස් කිහිපයක්.

1. අමෙරිකාව කල සඳ තරණය ව්‍යාජ එකක්.

2. හඳ මත මිනිසාට වඩා බලවත් වෙනත් ජීවින් විශේෂයක් ඉන්නවා.

හඳ මත පා තැබූ දෙවන මිනිසා වන එඞ්වින් ඕල්ඩි‍්‍රං මහතා 2014 දී කිව්වේ හඳ මත එයාගේ යානය ගොඩබස්සවන්න කලින් හඳ මත අසාමාන්‍ය විදිහේ පියාඹන පීරිසි වැනි වස්තුන් කිපයක් තමන් ඇතුලු කණ්ඩායම දැක්කා කියලා. ඒ වස්තූන් වලින් අභ්‍යවකාශයේදී ඇපලෝ 11 යානය නිරීක්ෂණය කල බවත් ඔහු අනාවරණ කලා. එත් දැන් වයස 87ක් වන ඔහු කියන්නේ, ඔහු ඇතුලු ගගණගාමීන් තුන්දෙනා පාලක මණ්ඩලයට ඒ ගැන දැනුවත් නොකල බව.

3. ආචාර්ය හැරල්ඞ් යූරි මහතා කියන්නේ සඳේ අඳුරු කලාපය මෙතෙක් මිනිසා විසින් ගවේශණයට ලක් කරලා නෑ කියලා. ඒ වගේම සඳමත ඇති සමහර ආවාට කෘතිමව නිර්මාණය කරපු බවක් දකින්නට තියෙනවා කියලා ඔහු කියනවා.

4. හඳ මත ඇති සමහර නිර්මාණ අසාමාන්‍ය බවත් ඒවා කවුරුහරි නිර්මාණය කර ඇති කියලා සැක කරනවා. (මේක පිටසක්වල ජීවීන්ගේ කඳවුරු සංකීරණයක් කියලත් මතයක් තියෙනවා.)

5. සමහරු කියන්නේ හඳ මත සිටින දියුණු ජීවින් විශේෂයක් මිනිසාට සඳ, තහනම් කලාපයක් කර ඇති බව.

 

(චයාරුප අන්තර්ජාලයෙන්)


News Articles
Latest Videos
Most Popular Post