ඊයේ දවසේ ඉඳලම Facebook එකෙත් අනෙක් සමාජ මාධ්‍යවලත් ලොකුම News එක වෙලා තිබුනේ නුවර මංගල උත්සවයක මනාලියගේ දිගම ඔසරි පොට ගැන. මේ වැඩේ ගිනස් වාර්තා පොතට යවාගන්න තමයි එයාලා මේ කටයුත්ත කරලා තිබුනේ. මේ වැඩේට අරගෙන තිබුනේ මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ පාසලක ළමයින් 250 දෙනක්. ඔසරි පොට ඇඳපු මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලගන්න තමයි මේ පාසල් සිසුන් සහභාගී කරවාගෙන තිබුනේ.
මේ විදිහට ළමයි අරගෙන ඒ ළමයින්ව හිංසනයට ලක් කලා කියලා ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි වාර්තාවෙලා තියෙනවා. ඒ නිසා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ ගැන විමර්ශනයක් පටන් ගත්තා කියලා එම අධිකාරිය නිවේදනයක් නිකුත් කළා.
මොනම කටයුත්තකටවත් ළමයින් හිංසනයට ලක්වන විදිහට භාවිත කිරීම, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අනුමත නොකරන බවත් මේ වගේ හිංසන සිදුවීම් පිළිබඳව වහාම 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා පැමිණිලි කරන ලෙසත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් කියනවා.
මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ගත්ත Photos