ශ්‍රද්ධා කපූර් බාහුබලී ප්‍රභාෂ්ට කැමති වෙලා…
1667 Views
දකුණු ඉන්දීය නළු ප්‍රභාෂ්ගේ අලුත්ම Film එක තමයි “SAAHO”. මේ Film එකේ ප්‍රභාෂ් එක්ක රඟපාන්නේ සුරූපී බොලිවුඩ් නිලි ශ්‍රද්ධා කපූර්. “SAAHO” Film එකේ Shooting වලදී වුන සමහර දේවල් නිසා හැමෝම හිතුවේ ප්‍රභාෂ්ට ශ්‍රද්ධා ගැන විශේෂ කැමැත්තක් ඇතිවෙලා කියලා. ප්‍රභාෂ් ශ්‍රද්ධාට දෙමල සහ තෙලිඟු භාෂා කියලා දුන්නා. ශ්‍රද්ධාව Surprise කරන්න හයිද්‍රාබාද් වල හොඳම කෑම වර්ග “SAAHO” Film එකේ Shooting තියෙන තැනටම ගෙන්නලා දුන්නා.
හැබැයි ඇත්තටම ප්‍රභාෂ් ගැන මුල ඉඳන්ම උනන්දුවෙන් ඉඳලා තියෙන්නේ ශ්‍රද්ධා. ඒ උනන්දුව කොච්චරද කියනවානම් ශ්‍රද්ධා, ප්‍රභාෂ් රඟපාපු Films ඔක්කොම එකක් නෑර බලලා. ඒවා ගැන විස්තරත් හොයලා.
“SAAHO” film එක නිසා පලවෙනි වතාවට ප්‍රභාෂ්ව මුණගැහුණු දවසේ ශ්‍රද්ධා ඔහුගේ Films ගැන ගොඩක් දේවල් කතා කරලා. ඒවා අහල ප්‍රභාෂ් පුදුම වුනාලු.
අන්න එදා ඉඳන් තමයි මේ දෙන්නා හොඳ යාළුවො වෙලා තියෙන්නේ. හැබැයි මෙහෙම ගියොත් මේ දෙන්නගේ යාළුකම බොලිවුඩ් කොලිවුඩ් ආදරයකින් කෙලවර වෙයි කියලා තමයි හැමෝම කියන්නේ.
සටහන: පාරමී