අද 2017 සැප්තැම්බර් මාසයේ 24 ඉරිදා
රාහු කාලය: පෙ.ව 04.35 සිට 06.05
සුභ දිශාව: දකුණ
මරු සිටින දිශාව: උතුර
මේෂ ලග්නය

ඔබට විශේෂයෙන් මංගල්‍යමය ගමන් බිමන් වැඩි කාර්යශුර ගතියක් ඇති දිනයක්. වෙනදට වඩා උද්‍යෝගයෙන් දවසට මුහුණ දිය හැකියි. අලුත් අදහස් මතුවන අතර කලාකාමී ගතියක් ඇති වෙනවා. අධ්‍යාපනයේ නව නැම්මක් නවතාවයක් ඇතිවන නිසා ඔබට අධ්‍යාපන කටයුතු යහපත් වෙනවා. ඔබගේ සතුරෙක් නිසා ඔබට අස්ථාන චෝදනාවක් විදීමට සිදුවන නිසා අද දිනය තුලදී එවැනි දේ ගැන කල්පනාකාරී වන්න. අනවශ්‍ය දේට කතා කිරීමෙන් ඔබ වැළකිය යුතු දිනයක්. එබැවින්එවැනි දේ සිත තබා ගෙන අද දවසට මුහුණ දෙන්න.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 01
වෘෂභ ලග්නය

උනන්දුව උත්සාහය ඇතත් තරමක බාහිර ප්‍රශ්න නිසා චිත්ත පිඩා මතුවිය හැකියි. විශේෂයෙන් ඔබගේ ගෙදර දොර ගැන වැඩිපුර වගකීමක් දැරීමක් තිබෙන නිසා ඔවුන්ගෙන් ඔබට ගැටළු සහගත තත්වයක් ඇති වෙනවා. ඔබ කරන්නාවූ කටයුතු සාර්ථකව කිරීමට ගොස් සුළු සුළු දෙයින් අමතර ප්‍රශ්න ඇතිකර ගැනීම තුලින් වැළකිය යුතු දිනයක්. වියපැහැදම් වැඩියි. අනවශ්‍ය දේවලටද වැඩියෙන් යොමුවන නිසාම ඔබ කල්පනාකාරී විය යුතුයි. දරුවෙකුගේ හෝ ඥාතියෙකුගේ වැඩ කටයුතු වලට වැඩියෙන් සහභාගී වීමට සිදු වන අතර හවස් යාමයේ රසවත් ආහාරපාන භුක්ති විදිය හැකි වෙනවා.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 02
මිථුන ලග්නය

බොහෝ විට උනන්දුව උත්සාහය තුලින් ඔබට ජයග්‍රාහී ගමනක් යාමට අද හැකියාව ලැබෙනවා. රැකියාවක් කරනවානම් ඔබ එහි වෙනස් වීමක් හෝ හිතවතෙකුගෙන් ගැටළුවක් ඇති වීමට ඉඩ තිබෙන නිසා ඒගැන කල්පනාකාරී වන්න. හවස් යාමයේ විනෝද ජනක ක්‍රීඩා කිරීමට හෝ ගමන් බිමන් යාමට වන්දනා ගමන් යාමට පුජනිය ස්ථාන වලට යාමට ඔබට සිදු වේවි. ආගමික වතාවත් වලට යුහුසුළුව සම්බන්ධවන දිනයක් බැවින් එවැනි දෙකින් ඔබට සිත යහපත් ආකාරයට හසුරුවා ගැනීමට හැකියාව තියෙනවා.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 05
කටක ලග්නය

අධ්‍යාපනික කටයුතු වල වෙනසක් මාරුවක් ඇතිකර ගැනීමට ඔබට හැකියාවක් පවතිනවා. අලුත් අලුත් අය ඔබට මුණ ගැසේවි. අලුතෙන් යමක් ඉගෙන ගැනීමට උසස් අයකුගේ ආධාර උපකාර ලබා ගැනීමට අද ඉතාම සුදුසු දිනයක්. ගෙදරදොර අලුත්වැඩියාවක් හෝ අලංකරණය පිණිස යම් යම් දේ කිරීමට ඔබ පෙළඹේවි. එයින් තරමක වියපැහැදම් වන ගතියක් ඇතිවන අතර සහෝදරයෙකුගේ ප්‍රශ්නයක් නිසා ගැටලුවකට මුහුණ දීමක් හෝ නීති ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ තිබෙන නිසා ඒගැන වඩාත් සැලකිලිමත් වන්න.
ජය වර්ණය: රෝස පැහැය ජය අංකය: 01
සිංහ ලග්නය

උද්‍යෝගය උනන්දුව තමන්ගේ නම ප්‍රසිද්ධ වන ගෞරවය වැඩෙන අන්දමේ කටයුතු කීපයක් ඔබට කරගත හැකියි. සාධාරණව කටයුතු කරන නිසාම ඔබට බාහිර අයගේ සිත දිනා ගැනීමට හැකියාවක් තියෙනවා. රජයේ රැකියාවක් කරන්නන්ට කාර්යබහුල වුවත් සුළු සුළු මතභේද ඇතිවීමට ඉඩ තිබෙනවා. එබැවින් ඉවසීම හා බුද්ධිය මෙහෙයවා කටයුතු කරන්න. අමතර ගමන් බිමන් හෝ විදේශ ගත වීම් ඇති අයට සුභයි. ඥාතීන් අතර හොද හිත පැතිරීමට ගොස් තරමක් දුරට ගැටළු මතු වන නිසා ඔවුන්ගෙන් තරමක් දුරට ඈත් වන්න. හවස් යාමයේ විනෝදජනක කටයුතු කීපයක් ඔබ අරඹාවි.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 05
කන්‍යා ලග්නය

බොහෝ විට තරමක් හිතුවක්කාර නොසන්සුන්කමක් ඇති වේවි. ඔබ අනුන් ගැන සිතන දේ ඔවුන් ඔබට නොයෙක් ආකාරයෙන් ප්‍රතිචාර දක්වාවි. ලැබීම අතින් යහපත් වෙනවා. හදිසි ධන ලාභ ලැබීම අතින්ද තැන්පත් මුදලක් තර කර ගැනීමටද හැකියාවක් පවතිනවා. ඥාතීන් අතර හොදහිත පැතිරීමට ගොස් නින්දාවක් ලැබීමට ඉඩ තිබෙන නිසා හිතවතුන් ඥාතීන් අතර කතා බහෙන් වැලකි සිටීම යහපත්. ඔවුන්ගේ කටයුතු ගැන වැඩිපුර කතා කරන්න යාමෙන් වලකින්න. ඒවගේම ගෙයක් දොරක් මිලදී ගැනීමක් හෝ අලුත් වාසස්ථාන වලට ඉඩ තිබෙන දිනයක්. ඒවගේම හවස් යාමයේ දුර බැහැර ගමන් ඥාතීන්ගේ නිවෙස් වලට යාම් හෝ හිතවතුන් අතර රසවත් ආහාරයක් භුක්ති විදීමට හැකියාවන් ලැබෙනවා.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 02
තුලා ලග්නය

උත්සාහය උනන්දුව වගේම ඕනෑම කෙනෙක් හා එකමුතුව කරන කටයුතු කීපයක් කර ගැනීමට හැකියාවක් පවතිනවා. හිතවතුන් ගෙදර දොරට පැමිණෙන අතර ඔවුන් හා සම්මුතියකට එළඹීමට අද හොද දිනයක්. ඒවගේම ඔබගේ තත්වය බලය වැඩිවන අතර දේශ දේශාන්තර වල ඇවිදීම පිටරටින් ලැබෙන දේ ලබා ගැනීම විදේශිකයින් ඇසුරු කිරීම ඒවගේම නොදත් අය ඇසුරට පත් වීම තුලින් ඔබට ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට හැකියාව තියෙනවා. වාත කෝප සෙම් කෝප වැනි රෝග වලට ඉඩ තිබෙන නිසා අද දිනය තුලදී සැලකිලිමත් වන්න. ජලය ආශ්‍රිතව කටයුතු කරන්නන් සිතා බලා කටයුතු කරන්න. සහෝදරයින් ඥාතීන් අතර ඔබට කරන්නට තිබෙන දෙයින් යුහුසුළුව කිරීමට හැකියාවක් ලැබෙනවා.
ජය වර්ණය: තද රෝස පැහැය ජය අංකය: 06
වෘශ්චික ලග්නය

උත්සාහය ක්‍රියාශීලි බවකින් යුතුව දවස ආරම්භ කලත් දවස මැදදී සුළු සුළු ප්‍රශ්ණ ඇති වේවි. ඉක්මන් කිපිම් නොරුස්සන ගති චිත්ත පීඩා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. අනුන්ගේ ප්‍රශ්න ඔබ මතට පටවා ගැනීමෙන් වලකින්න. ලැබීම අතින් යහපත් වුවත් ඉක්මන් වියදම් ඇති වෙනවා. දරුවෙකුගේ හෝ ඥාති හිතවතෙකුගේ කටයුත්තක් නිසා ඔබට නිවසින් බැහැර වීමට හෝ අන්‍ය ගෘහයක වාසය කිරීමට සිදු වේවි. උත්සවයකට සහභාගී වීමකට සිදුවන දිනයක්. තරමක් කාර්යබහුල වෙනවා. සවස් යාමයේ පුණ්‍යකාමී සිතුවිලි ඇතිවන නිසා ඒ පිලිබදව යොමු වෙනවා.
ජය වර්ණය: තද රතු පැහැය ජය අංකය: 02
ධනු ලග්නය

උත්සාහය උනන්දුව ක්‍රියාශීලි ගතිය ඇතිවන අතර හිතවතුන්ගේ ගරු බුහුමන් ලැබීමට අතරමග කරන කටයුතු වලින් සාර්ථකත්වය ලබා ගැනීමටද හැකියාවක් පවතිනවා. හදිසි ධන ලාභ ව්‍යාපාරික දියුණුව ලැබෙන අතර පුණ්‍යකාමී ගති ඇතිවන දිනයක්. විශේෂයෙන් බාහිර අය ගෙදර දොරට එකතුවන වන්දනා ගමනක් හෝ දාන මාන ආදියකට සහභාගී වීමකට ඉඩ තිබෙනවා. වැඩියෙන් පිං කටයුතු වලට ඔබ සම්බන්ධ වන නිසා අද දවස ශක්තිමත් කර ගැනීමටද විවේකය අඩු කර ගැනීමටද ඒවගේම පිං දහම් සිතුවිලි ඇති වීමටද අද විශේෂයි.
ජය වර්ණය: රන්වන් කහ පැහැය ජය අංකය: 07
මකර ලග්නය

ක්ෂණික තීරණ නිසා ඔබට අයහපත් මාර්ග තුලින් ප්‍රශ්ණ ගැටළු මතු වේවි. ඔබ ගමන් කරන දේ නොදැනුවත්වම වෙනස් කිරීමට ඔබට සිදු වේවි. ඒ වගේම හොද නරකට පෙරළෙන දිනයක් නිසා ඉවසිලිවන්තව හා බුද්ධියෙන් කටයුතු කරන්න. බාහිර කරදර සොර සතුරු පිඩා ඇති බැවින් එවැනි දේ ගැන සැලකිලිමත් විය යුතුයි. යාන වාහන පදවන්නෙක් නම් ඒ පිලිබදව සැලකිලිමත් වන්න. පාද තුවාල වීම් වැනි දේට ඉඩ තිබෙන දිනයක්. තමන්ගේ අත තිබෙන මුදල ඉක්මනින් විය පැහැදම් කිරීමටත් ඉඩ තිබෙන නිසා විය පැහැදම් වැඩි දිනයක්. අලුත් අදහස් මතු වුවත් ඒවා නිරාකරණය කර ගැනීමට හැකියාව තිබෙනවා. දරුවෙකුගේ කටයුතු සාර්ථක වන දිනයක්.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 02
කුම්භ ලග්නය

උත්සාහය උනන්දුව ක්‍රියාශීලි ගතිය ඇතිවන අතර බොහෝ විට උත්සාහය තුලින් ඔබ හොද මාර්ගයකට පිවිසෙනවා. දවසේ වැඩි හරියක් සමාජ සත්කාර වලට බාහිර දේවල් වලට යොමු වන අතර අලුත් අය ගෙදරට පැමිණෙනවා. අලුත් අලුත් අය හිතවතුන් මුණ ගැසීම තුලින් ඔබට සාර්ථක දවසක් ආරම්භ විය හැකියි. බාහිර ප්‍රශ්න ඔබ ඈත් කර දමා ඔබගේ තත්වය බලය ආරක්ෂා කර ගැනීමටද උත්සහ දරනවා. අධ්‍යාපනික තත්වය යහපත් වන අතර රටින් පිටවීම් හෝ එවැනි දේකට අත ගැසීමට සිදුවන දිනයක්. අලුත් අලුත් අය ගෙදරට පැමිණේවි. හිතවතුන් මැද සාකච්චා මාර්ගයකින් විසදා ගත හැකි ප්‍රශ්ණයක් දුර දිග යාම නිසා කනස්සලු ගතියක් මතු වෙනවා. පිනට දහමට සිතුවිලි යොමුවන අතර පුණ්‍යකාමී ගතියක්ද ඇති වෙනවා.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 09
මීන ලග්නය

අන්‍යන් කෙරේ කැපවන පරාර්ථකාමී ගති ඇතිවන දිනයක්. පිනට දහමට සිතුවිලි උපදින අතර ඔබ විශාල පිංකමකට දායක වීමට ඉඩ තිබෙන දිනයක්. ඒවගේම අනුන්ගේ ප්‍රශ්ණ ඔබ මතට පටවා ගැනීමෙන් වැළකිය යුතුයි. නැත්තම් සිත් තැවුල් ඇති වෙනවා. ඥාති වියෝගයක් හෝ ඈත් වීමකට ඉඩ තිබෙන දිනයක්. පුණ්‍යකාමී සිතුවිලි ඇතිව සිතුවිලි පහදවා ගත හැකි වෙනවා.
ජය වර්ණය: රන්වන් කහ පැහැය ජය අංකය: 08
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ
දුරකථන අංකය : 011 2 50 93 86