තමන් ආදරය කරන පෙම්වතා හෝ පෙම්වතිය එක්ක නිදහස් තැනකට ගිහින් කතා බහ කරන්න හැමෝම කැමතියි. හැබැයි පෙම්වතාට, පෙම්වතියට තුරුළු වෙලා පෙම්සුව විදින එක ලොකු වරදක් කියලයි දැන් සමහරු කියන්නෙ. ඉන්න තැන වගේම, Limit එක අමතක වෙන එකයි ඒකට හේතුව.එහෙම Limit එක පැනපු පෙම් යුවලවල් 104 ක් පෙරේදා (23) අනුරාධපුර පොලීසිය භාරයට අරන් තිබුණා.
මේ පෙම්වතුන් ඉදලා තියෙන්නෙ අනුරාධපුර පූජා නගරයේ ජය ශ්‍රී මහා බෝධිය ආසන්නයේම පිහිටි රිවර් පාක් සහ නේචර් පාක් කියන උද්‍යාන දෙකේ. අනුරාධපුර පොලීසිය කියන නම් සමහර තරුණ තරුණියන් උද්‍යානයේ කැලෑබද ස්ථානවල ඉතා අශෝබන විදියට හැසිරිලා තියෙනවා. පොලිස් භාරයට ගත්ත පෙම් යුවලවල් අවුරුදු 18 – 35 ත් අතර අය. ඔවුන් අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් සහ හෙදියකුත් ඉදලා තියෙනවා. කොහොම වුනත් පොලිසිය මේ අයට දඩුවම් කරලා නම් නෑ. ඔවුන් සියලු දෙනාම පොලිස් බස් රථයකින් පොලියට එක්ක ගෙන් ඇවිත් තරයේ අවවාද කරලා නිදහස් කරලා තියෙනවා.
කොහොම වුනත් මේ ගැන සමාජ ජාල මාධ්‍ය වල එක එක කතා ඇහෙනවා. මේ විදියට ගියොත් ඉසුරුමුණියේ පෙම් යුවලත් ඉවත් කරයිද දන්නේ නැහැ කියලා Facebook එකේ Status එකක් දාලා තිබ්බා. මේ තියෙන්නෙ ඒ සටහන.