News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
25

මේ පාර අයවැයෙන් ගාණ අඩුවන වාහන මෙන්න…

4944 Views


මේ පාර අයවැයෙන් ගාණ අඩුවන වාහන මෙන්න…

හැමෝම හීන මවන්නේ කවදද තමන්ගේම කියල වාහනයක් ගන්නේ කියලා. මේ වෙද්දී පාරේ කොච්චර වාහන තිබුනත් තමන්ගේම වාහනේක යන්න ගොඩක් අයට අවස්ථාවක් නැත්තේ වාහන වල ගාන දරාගන්න බැරි තරමටම වැඩි නිසා. එත් ඔන්න ළඟදීම පොඩි ගාණක් වියදම් කරලා වාහනයක් ගන්න අවස්ථාවක් ඔබට එනවා. ඒ නොවැම්බර් වල එන අය වැයත් එක්ක.

මේ පාර අයවැයෙන් කුඩා ප්‍රමාණයේ මෝටර් රථ සහ විදුලි මෝටර් රථවල බදු අඩු කරන්න මුදල් ඇමැති මංගල සමරවීර මහතා අවධානය යොමුකරලා තියෙනවා. හරිත පරිසරයක්‌ ගොඩනැඟීමේ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන මගින් ධාවනය වන වාහන භාවිතය අඩු කිරීමට, මුදල් ඇමැතිවරයා මේ පියවර ගන්න හේතුව වුනා කියලා මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් කියන්නේ.

මේ අනුව විදුලි කාර් සඳහා සහ එන්ජින් ධාරිතාව සී. සී. 800 මෝටර් රථ සඳහා බදු ඉවත් කරන්න අවධානය යොමු කරලා තියෙනවා. මේ විදිහට කුඩා සහ විදුලි මෝටර් රථ මිල අඩු කරලා ඒවා භාවිතය වැඩි කිරීම තමයි රජයේ අරමුණ වෙලා තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post