News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
25

Selfie ගහලා World Record එකක් තියමුද ?

1428 Views


Selfie ගහලා World Record එකක් තියමුද ?

හැමෝගෙම අතේ Smart Phone එකක් තියෙන නිසා Photo ගන්න එක ලේසි වෙලා තියෙනවා. එකෙනුත් Selfie ගහන එක තමයි ගොඩක් දෙනා අතරේ ප්‍රසිද්ධ වෙලා තියෙන පිස්සුව වෙලා තියෙන්නේ. මේ අතරේ ලෝකේ භයානක තැන්වලට ගිහින් Selfie ගහන්න ගිහින් මිය ගිය අය ගැනත් පහුගිය දවස්වල වාර්තා වුනා. මේ නිසාම සමහර රටවල් වලින් භයානක තැන් වල Selfie ගහන එක තහනම් කරන්න නීති පවා ගෙනාවා. ඒ වුනත් මේ Selfie ගැහිල්ල තාමත් නතර වෙලා නම් නෑ. මේ අතරේ Selfie වලින් ලෝක වාර්තාවක් තියපු කට්ටියක් ගැන අපිට වාර්තා වුනා.

මේ සිද්ධිය වාර්තා වෙන්නේ ඔබ කවදාවත්ම නොහිතපු රටකින්. ඒ තමයි සෞදිය. මොකද සෞදිය කියන්නේ ටිකක් විතර නීති රීති වැඩි රටක්නේ. ඒ වුනත් මේ වැඩේදී නම් ඒ රටේ රජයෙන් ලොකු සහයෝගයක් දුන්නා කියල තමයි ආරංචිය.

මේ ලෝක වාර්තාව වෙන්නේ ‘ලොව දිගම Selfie Stick ’ ආධාරයෙන් වැඩිම පිරිසක් එකට එක් කරමින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීම. මේ Selfie Stick එක මීටර් 18 ක් දිගින් යුත්ක වුනා. ඉතින් මේ Selfie Stick එක යොදා ගිමින් Selfie Photos ගැනීම සිදු වුනේ පසුගිය 19 වැනිදා ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයකදී.

ගිනස් කමිටුවේ සාමාජිකයන් පිරිසක් ද මේ අවස්ථාවට ඇවිත් හිටියා. ලෝක වාර්තාව පිහිටුවීම සම්බන්ධයෙන් ඊට සම්බන්ධ වූ පිරිසට සහතික පත්‍රයක් ද දුන්නා.

මීට කලින් Selfie Stick එක යොදාගෙන ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබුණේ ඩුබායි වල. එතැනදී යොදා ගත් Selfie Stick එකේ දිග මීටර් 16 ක් වුනා. ඉතින් ඔන්න දිගම ඔසරි පොට ගැන කතා වෙන මේ දවස්වල , මීටත් වඩා දිග Selfie Stick එකින් වාර්තාවක් තියන්න අපේ රටේ Selfie Expert ලට අවස්ථාවක් තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post