ප්‍රවේසමෙන්, කොල්ලො රවට්ටලා ලක්ෂ ගණන් මුදල් ගරන ආච්චි කෙනෙක් Facebook එකේ.
1604 Views
Facebook කියන්නෙ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ තැනක්. මොකද ලොකේ පුරාම මිලියන ගාණක් අය Facebook එකේ ඉන්නවා. එ් අතර හොද මිනිස්සු වගේම කපටි අයත් ඔන තරම් ඉන්නවා. එ් නිසා Facebook භාවිතා කරන අය පරිස්සමට ඔන එ්කේ වැඩ කරන්න. Facebook එකේ Real Account තරමටම Fake Account වැහි වැහැල. ගොඩක්ම තරුණයො තමයි මේ විදියට Fake Account හදාගෙන ඉන්නෙ.
හැබැයි මේ කියන්න යන කතාව නම් ටිකක් වෙනස්. අාච්චි කෙනෙක් Facebook එකෙන් තරුණයන්ව රවටලා මුදල් වංචා කරපු සිද්ධියක් අපිට අාරංචි වුනා. වැලිගම පොලීසියට තමයි මේ අරුම පුදුම තොරතුර ලැබිලා තියෙන්නෙ. මේ අාච්චි හෝමාගම පදිංචි කෙනෙක් කියලා තමයි හොයලා බලද්දි දැනගෙන තියෙන්නෙ. මේ අාච්චි Facebook එකේ මිතුරු මිතුරියන්ට ” විදේශයක ඉදන් ඔබට තෑගි පාර්සලයක් ලැබී තියෙනවා.” කියල මුලින්ම පණිවිඩයක් යවනවා. ඊට පස්සෙ දිගටම කෙටි පණිවිඩ වලින් එ් ගැන තොරතුරු කියලා කොහොම හරි එ් කෙනාව නම්ම ගන්නවා. එ් තෑගි පාර්සලය මිතුරා ඉන්න තැනට ගෙනත් දෙන්න රුපියල් 85,000 ක මුදලක් ඉල්ලනවා. කොහොම හරි එ් මිතුරව අන්දගන්න මේ අාච්චි බැංකු ගිණුමට මුදල් දම්මගෙන එ් මිතුරව Unfriend කරනවා. අාච්චිගෙ මේ කපටි වැඩේට වැලිගම පැත්තෙ මැදවියේ පුද්ගලයෙකුත් අහුවෙලා තිබ්බා. කොහොම වුනත් මේ අාච්චිව පහුගිය 20 වෙනිදා අත්අඩංගුවට ගත්තා. දැන් අාච්චි ඉන්නෙ මාතර බන්ධනාගාරයේ. මේ වැඩේට තව කීහිප දෙනෙක් සම්බන්ධයි කියල තොරතුරුත් ලැබිලා තියෙනවලු.
ඔබත් මේ කපටි අාච්චිට අහුවුනා නම් දැන්ම ලගම තියෙන පොලීසියට දැනුම් දෙන්න. නහින දෙහින කාලේ බණක් භාවනාවක් කරගෙන ඉන්නෙ නැතුව Facebook එකෙන් සෙල්ලම් දාන්න ගියාට අාච්චිට දැන් හිරේ ඉදන් තමයි බණ භාවනා කරන්න වෙන්නෙ.