News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
26

මහේල පුහුණුකරු තනතුරට…

8806 Views


මහේල පුහුණුකරු තනතුරට…

මේ අවුරුද්දෙත් BPL (බංගලාදේශ ප්‍රිමියර් ලීග්) T20 තරඟාවලිය පටන් ගන්නවා. එ් නොවැම්බර් 3 වෙනිදා. කණ්ඩායම් 7 ක් තරගවදින BPL තරඟාවලියේ කණ්ඩායම් 6 කටම ලංකාවේ ක්‍රිඩකයන්ව අරගෙන තියෙනවා.

මේ කණ්ඩායම් 6 ට සෙල්ලම් කරන්න ලංකාවෙන් ක්‍රිඩකයෝ 11 ක් යනවා. දසුන් ශානක, වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා ශිලාත් සික්සර්ස් කණ්ඩායම නියෝජනය කරනවා. සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට ක්‍රීඩා කරනවා. අැන්ජලෝ මැතිව්ස් කොමිලා වික්ටෝරියස් කණ්ඩාමට සෙල්ලම් කරද්දි තිසර පෙරේරා සහ කුසල් පෙරේරා රාංග්පූර් රයිඩර්ස් කණ්ඩායමට සෙල්ලම් කරනවා. චිතගොං වයිකිංග්ස් කණ්ඩාමට තෝරගෙන තියෙන්නෙ ඩිල්ෂාන් මුණවීර සහ ජීවන් මෙන්ඩිස්. සීක්කුගේ ප්‍රසන්න සහ ෂෙහාන් ජයසූරිය කුල්නා ටයිටන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරනවා.

ගියපාර ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට සෙල්ලම් කරපු මහේල ජයවර්ධනට මේ පාර ටයිටන්ස් කණ්ඩායමෙන් උසස් වීමක් දීලා තියෙනවා. ලංකාවෙදි පුහුණුකරු තනතුරට ලාබාල වැඩී කියපු මහේල කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ පුහුණුකරු විදියට තෝරාගෙන තියෙනවා.

නොවැම්බර් 3 වෙනිදා ඉදන් දෙසැම්බර 12 වෙනකන් පැවැත්වෙන BPL තරගාවලියේ මූලික වටයේ තරග 42 ක් තියෙනවා. අවසන් වටයට තරග 4 ක් අැතුලත්.


News Articles
Latest Videos
Most Popular Post