News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
27

අද පාද ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

1756 Views


අද පාද ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

අද 2017 සැප්තැම්බර් මාසයේ 27 බදාදා

රාහු කාලය: ප.ව 12.02 සිට 01.32

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: නිරිත

 

 

මේෂ ලග්නය

ඔබගේ ආහාර ගැනීමේ රටාව පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වන්න. වෘත්තිමය කටයුතු දියුණු කර ගැනීමේ හැකියාව පවතිනවා. උසස් නිලධාරීන්ගේ සහය හිමි වෙනවා. අතැරලා දාල තිබුන කටයුතු යලි ආරම්භ කරන්න පුළුවන්. එයින් ධන ලාභ ලැබිය හැකි වෙනවා. යාලුවන්ගේ උපකාර හිමි වෙනවා. අන් අයගේ ආකර්ෂණය ඉතාමත්ම පහසුවෙන් දිනා ගැනීමේ හැකියාව පවතිනවා. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව වලින් පීඩාවන් ඇති වෙනවා.

ජය වර්ණය: ලා කොළපැහැය                    ජය අංකය: 07

 

වෘෂභ ලග්නය

අධ්‍යාපනික කටයුතුවල ඉතාමත්ම යහපත් පරිවර්තනයක් සිදු වෙනවා. වැඩිහිටියන්ගේ උපකාර හිමි වෙනවා වගේම ගුරුවරුන්ගේ ප්‍රසාදය දිනා ගැනීමේ ඉඩකඩ පවතිනවා. හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය සම්බන්ධතා ශක්තිමත් කරගත හැකියි. වෙළදාම් ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වලින් සහන උදා වෙනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                        ජය අංකය: 06

 

මිථුන ලග්නය

නිවාස සම්බන්ධ සිහින උදා කරගන්න පුළුවන් කාලයක්. කායික හා මානසික ශක්තිය දියුණු වෙනවා. අසල්වැසියන් සමග ඇති හිතවත්කම් දියුණු වෙනවා. අන් අයගේ ආකර්ෂණය යොමුවන නිසාම තමන්ගේ කටයුතු වලට විශාල මහජන ප්‍රසාදයක් හිමි වෙනවා. කායික ශක්තිය පිලිබදව වෙනදට වඩා සැලකිල්ලක් දක්වන දිනයක්. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග වගේම ආමාශගත රෝග වලින් පුංචි පුංචි පිඩා ඇතිවිය හැකියි. අධ්‍යාපනික කටයුතු දියුණු කරගත හැකි වෙනවා.

ජය වර්ණය: ලා දම් පැහැය                       ජය අංකය: 08

 

කටක ලග්නය

ප්‍රේමනීය සම්බන්ධතා හවුල් ව්‍යාපාර ආදී කටයුතු පිලිබදව තරමක් කල්පනාකාරීව පසුවිය කරනවා. වැඩි වශයෙන් කල්පනාකරන අඩුවෙන් ක්‍රියා කරන දවසක් විදියට අද දවස ගතවෙනවා. ඒ නිසාම තරමක කම්මැලි සහගත ස්වභාවයක් ඔබ තුල ඇති වෙනවා. වැඩිහිටියන් සමග කරන ගණුදෙනු කිරීම් වලදී පියපස ඥාතීන් සමග කරන ගණුදෙනු කිරීම් වලින් ලාභ දායක වෙනවා. වචන භාවිතා කිරීමෙන් කලාකාමී කටයුතු වලින් තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලත් දියුණුව අපේක්ෂා කරන්න පුළුවන්.

ජය වර්ණය: රන්වන් පැහැය                      ජය අංකය: 03

 

සිංහ ලග්නය

වාග් ශක්තිය දියුණු කරගැනීමේ හැකියාව සන්නිවේදන හැකියාව ඒවගේම නීතිමය තත්වයන්ගෙන් ජයග්‍රහණ අත්පත් කරගැනීමේ හැකියාව ඒ හරහා උදා වෙනවා. සියුම් සතුරු කරදර බාධාකාරී තත්ව විටින් විට උත්සන්න විය හැකියි. තරමක මුරණ්ඩුකාරී ස්වභාව වගේම ඉවසිලිවන්තව කටයුතු කිරීමේ අවශ්‍යතාව ඉතාමත්ම වැදගත් වේවි. කල්පනාකාරීව රිය ධාවනය කිරීම ආදී කටයුතු වල නිරත විය යුතුයි.

ජය වර්ණය: ලා දම්පැහැය                         ජය අංකය: 06

කන්‍යා ලග්නය

ඔබගේ අධ්‍යාපනික කටයුතු වල පැවැත්ම ඉතාම පහසුවෙන් පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු දියරමය ආශ්‍රිත කටයුතු ජලාශ්‍රිත පරිසර වල සිදු කරන කටයුතු වලින් යහපතක් දියුණුවක් ලබා ගත හැකියි. ගණිත මිණිත කටයුතු වලින් වුවත් ජයග්‍රහණ ලැබිය හැකියි. යාළුවන් සමග මිශ්‍ර වෙලා කරන කටයුතු වලින් මානසික ශක්තිය පෞරුෂත්වය වර්ධනය වීමේ පසුබිම් නිර්මාණය වෙනවා.

ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය                        ජය අංකය: 05

 

තුලා ලග්නය

පාද ආශ්‍රිත රෝග තත්ව ඇතිවීමේ අවධානමක් පවතිනවා. විදේශගත වීමේ සිහින ඔබ සතුව තිබුණානම් එවැනි කටයුතු පහසුවෙන් සාර්ථක කරගත හැකියි. තමන්ගේ ගෘහය පිලිබදව දෝෂ සහගත තත්ව ඇතිවිය හැකියි. තරමක කලකිරීම් ඇතිවිය හැකියි. කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත්. සිතේ සතුට පවත්වාගෙන යාමට තරමක් මහන්සි විය යුතුයි. පාද ආශ්‍රිත දණහිස ආශ්‍රිත රෝගවලින් යම් දියුණුවක් අපේක්ෂා කල හැකියි. කෙටි ගමන් බිමන් වලින් තමන්ගේ ආර්ථික ශක්තිය පහසුවෙන් දියුණු කරගන්න පුළුවන්. පියපස ඥාතීන්ගේ රෝග තත්වයක් මුලික කරගෙන බාධාවක් ඇති විය හැකියි. කල්පනාකාරීව කටයුතු කරන්න.

ජය වර්ණය: රන්වන් පැහැය                      ජය අංකය: 08

 

වෘශ්චික ලග්නය

 

ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් රාජ්‍ය සේවා අර්ධ රාජ්‍ය සේවා ආශ්‍රිත කටයුතු වලිනුත් දියුණුවක් ලබා ගත හැකියි. මුල්‍ය පරිපාලන කටයුතු වලින් ග්‍රන්ථකරණය වැනි කටයුතු වලින් මුද්‍රණය ආශ්‍රිත කටයුතු වලිනුත් යම් ආකාරයක දියුණුවක් ලැබිය හැකියි. ගමන් බිමන් වලින් තරමක පිඩා ඇතිවිය හැකියි. වැඩිහිටියන් සමග මතගැටුම් ඇති වීමේ අවධානමක් පවතිනවා. පාද ආශ්‍රිත කොන්ද ආශ්‍රිත රෝග විටින් විට ඇතිවිය හැකියි.

ජය වර්ණය: ලා කොළපැහැය                    ජය අංකය: 06

 

 

ධනු ලග්නය

පරිපාලනමය හැකියාව වර්ධනයවන දිනයක්. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලින් යම් දීප්තියක් ලැබිය හැකියි. ගණිත මිණිත විද්‍යාත්මක කටයුතු ඉංජිනේරු සේවා ආශ්‍රිත කටයුතු වලින් යම් ආකාරයක දියුණුවක් ලැබිය හැකියි. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග වලින් යම් පිඩාවක් ඇතිවිය හැකියි. ජලය පානය ඉතා වැදගත්.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 06

 

මකර ලග්නය

රැකී රක්ෂා වෙළදාම් කටයුතු වල නව ජවයක් අපේක්ෂා කරන්න පුළුවන්. තමන්ගේ පරිපාලනමය හැකියාව මුල්‍ය කළමනාකාරිත්වය ඉතාමත්ම යහපත්. ණය මුදලක් අපේක්ෂා කරා නම් එය ලබා ගන්න පුළුවන්.

ජය වර්ණය: ලා දම් පැහැය                       ජය අංකය: 03

 

කුම්භ ලග්නය

නීතිමය ගැටළුකාරී තත්ව ඇතිව්මේ ඉඩකඩක් පවතිනවා. ගුප්තමය දැනුම වර්ධනය කරගන්න පුළුවන්. විජයග්‍රාහී කාලයක් බවට මේ කාලය පත් කර ගන්න නම් තරමක් කල්පනාකාරීව තීන්දු තීරණ ගත යුතුයි. ඉඩකඩම් සම්බන්ධ කටයුතු ඉදිකිරීම් සම්බන්ධ කටයුතු මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ කටයුතු ඇගලුම් ගල් වැලි සිමෙන්ති ආදිය අලෙවි කිරීම වැනි කටයුතු වලත් යම් ආකාරයක දියුණුවක් අපේක්ෂා කල හැකියි.

ජය වර්ණය: ලා නිල් පැහැය                       ජය අංකය: 07

 

මීන ලග්නය

ප්‍රේමනීය සම්බන්ධතා කෙරෙහි යම් ආකාරයක කලකිරීමක් ඇති වෙනවා. අධ්‍යාපනික ශක්තිය වර්ධනය කර ගන්න ඔබ උසස් උනන්දුවක් දක්වනවා. හවුල් ව්‍යපාර ආදී කටයුතු වලටත් ඉතාමත්ම යෝග්‍යයි. සිත පිලිබදව කලකිරීම් ඇති වුනත් මනස එක තැනක තබා ගැනීමටත් යම් ආකාරයක නොහැකිතාවක් ඇති වීමේ පෙරනිමිති පහල වෙනවා. කෙටි ගමන් බිමන් කිහිපයක්ම යෙදෙනවා. මානසික සෞඛ්‍ය තත්වය පිළිබදව වැඩි අවධානයක් යොමු කරන්න. කායික ශක්තිය පිලිබදව වැඩි අවධානයක් යොමු කරන්න. සියුම් සතුරු කරදර යටපත් කරගෙන වාසනාව ලඟා කරගත හැකියි.

ජය වර්ණය: ලා කොළ පැහැය                                ජය අංකය: 07

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353

 

 


News Articles
Latest Videos
Most Popular Post