News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
27

“ඉරාජ් මට ඔයා එක්ක තරහක් නැහැ. ඒත් ඔයාගේ ‘ප’ යන්නට වඩා පරණ ‘ස’යන්න අපිට හොදයි.” – ඉරාජ්ගේ ඔලුව අත ගාලා සියතේ අරවින්ද ටොක්කක් අනියි. සම්පුර්ණ හඬ පටය මෙන්න. – Exclusive

17289 Views


“ඉරාජ් මට ඔයා එක්ක තරහක් නැහැ. ඒත් ඔයාගේ ‘ප’ යන්නට වඩා පරණ ‘ස’යන්න අපිට හොදයි.” – ඉරාජ්ගේ ඔලුව අත ගාලා සියතේ අරවින්ද ටොක්කක් අනියි. සම්පුර්ණ හඬ පටය මෙන්න. – Exclusive

ඉරාජ්ගේ Video එක හොඳද? නරකද? මේ වෙද්දී හැමෝටම තියෙන ලෝක ප්‍රශ්නේ තමයි ඕක. ඉරාජ් කියනවා මම කාටවත් මඩ ගැහුවේ නැහැ කියලා. ඒත් සමහරු කියනවා ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහත්තයාගේ පහුගිය ජීවිත කතාවයි ඉරාජ් මේ බයිටට අරන් තියෙන්නේ. කොහොම වුනත් මේ වෙද්දී Video එක ලංකාවේ You Tube Trending වල අංක එකට ඇවිත්. ඒ විතරක් නෙවෙයි ඔස්ට්‍රේලියාව වගේ රටවලත් Trending වලට ඇවිත්.

ඒ අතර ලංකාවේ සමහරු ලෑස්ති වෙන්නේ ඉරාජ්ගේ Video එක Report කරන්න. ඒ වෙනුවෙන් මේ වෙද්දී සමහරු FB හරහා ප්‍රචාරයන් දියත් කරනවා. මේ අස්සේ ලංකාවම ආදරේ කරන DJ අරවින්ද අද සියත Morning Show එකේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරා.

මීට කලින් ඉරාජ් ගීතයකින් තමන්ටත් මඩ ගහපු හැටි මතක් කරපු අරවින්ද කිවුවේ ඒ ගැන නම් කිසිම තරහක් නැහැ කියලයි.

කොහොම වුනත් කතාවේ අන්තිමට සියතේ අරවින්ද ඉරාජ්ට හීනියට ටොක්කක් ඇන්නේ “ඔයාගේ ‘ප’ යන්නට වඩා පරණ ‘ස’යන්න අපිට හොදයි.” කියමින් වික්ටර් රත්නායකගේ ගීතයක් ප්‍රචාරය කරලයි.

මේ තියෙන්නේ අරවින්ද ඉරාජ් ගැන කරපු සම්පුර්ණ කතාවේ හඬ පටයයි…

https://www.youtube.com/watch?v=uLpPeQ9BHwI&feature=youtu.be

 


News Articles
Latest Videos
Most Popular Post