News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
27

සංගා, මහේලව කපා අරවින්දට තැන දෙයි.

4002 Views


සංගා, මහේලව කපා අරවින්දට තැන දෙයි.

කුමාර සංගක්කාර, ලෝකයේ බිහිවුන විශිෂ්ඨම ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම ඉන්න ක්‍රීඩකයෙක්. ඩොනල් බ්‍රැඩ්මන්ට සම කරන්න පුලුවන් එකම ක්‍රීඩකයා කිව්වොත් වරදක් නෑ.

2014 දි ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් සමුගත්ත සංගා එංගලන්තයේ පළමුපෙල තරඟ වලට සෙල්ලම් කරා. පහුගිය දවසක සංගා පළමුපෙල තරඟ තරග වලිනුත් සමුගත්තා. එ් තාමත් විශිෂ්ඨම දක්ෂතා දක්වන ක්‍රීඩකයා විදියට. ඊට පස්සෙ සංගා ඔහුගේ සදාතනික ක්‍රිකට් කණ්ඩායම (ALL TIME XI) නම් කරලා තිබ්බා. හැබැයි මේ කණ්ඩායමට ඔහුගේ අතිජාත මිත්‍රයා වගේම ව්‍යාපාරික සගයා වෙන මහේල ජයවර්ධනව අැතුලත් කරලා තිබ්බෙ නෑ. එ් ගැන මුළු ලෝකයම කතා කරා. සංගා නම් කියන්නෙ ලංකාවේ මහේල සහ අරවින්ද ද සිල්වා අතරින් අංක 5 සෙල්ලම් කරන්න කවුරු තෝර ගන්නද කියල හිතාගන්න බැරි වුනාලු. මහේල ලංකාව බිහිකල විශිෂ්ඨ ක්‍රීඩකයෙක් බව අවිවාදයෙන් පිලිගත්තත් සදාතනික කණ්ඩායම මෙහෙයවන්න අරවින්ද ද සිල්වා තෝර ගත්තා කියලයි සංගා කිව්වෙ.

සංගක්කාර තෝරපු මේ කණ්ඩායමේ ඔස්ට්‍රේලියානුවන් 4 ක්ම ඉන්නවා. ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ 3 ක්, එක් ඉන්දියානුවෙක්, එක කොදෙව් ක්‍රීඩකයෙක්, එක පකිස්ථාන ක්‍රීඩකයෙක් වගේම එක දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් බැගින් ඉන්නවා. මේ කණ්ඩායමේ විශේෂඥ දඟ පන්දු යවන්නා සහා වේග පන්දු යවන්නා ලංකාවෙන් තෝරා ගැනීමත් විශේෂත්වයක්. කණ්ඩායමේ නායකත්වයත් අරවින්ද ද සිල්වාට තමයි දීලා තියෙන්නෙ. මේ තියෙන්නෙ සංගා තෝරපු සදාතනික ක්‍රිකට් කණ්ඩායම.

* මැතිව් හේඩන් (ඔස්ට්‍රේලියාව)
* රාහුල් ඩ්‍රාවිඩ් (ඉන්දියාව)
* බ්‍රයන් ලාරා (බ.ඉ.කොදෙව්)
* රිකී පොන්ටින් (ඔස්ට්‍රේලියාව)
* අරවින්ද ද සිල්වා (ශ්‍රී ලංකාව)
* ජැක් කලිස් (දකුණු අප්‍රිකාව)
* අැඩම් ග්‍රිල්ක්‍රිස්ට් (ඔස්ට්‍රේලියාව)
* ශේන් වෝන් (ඔස්ට්‍රේලියාව)
* මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)
* වසීම් අක්‍රම් (පාකිස්තානය)
* චමින්ද වාස් (ශ්‍රී ලංකාව)


News Articles
Latest Videos
Most Popular Post