මේ දවස් දෙක තුනේ හැමෝම කතා කරේ ඉරාජ්ගේ අලුත් වීඩියෝව ගැන. ඒකෙන් සංගීතවේදී වික්ටර් රත්නායකගේ පෞද්ගලික ජීවිතය වගේම සංගීත දිවියත් හෑල්ලු කරා කියලයි හැමෝම චෝදනා කරන්නේ. කොහොම වුනත් මේ ගැන වික්ටර් රත්නායක මහත්මයාගේ පාර්ශ්වයෙන් පළවෙනි වතාවට අදහස් පළවුනා.
වික්ටර් රත්නායක මහතා මේ අවස්ථාවේ ඔස්ට්‍රේලියාවේ සංචාරයකට සූදානමින් සිටින නිසා ඔහුගේ බිරිඳ ඔහු වෙනුවෙන් කිවුවේ මේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම තේරුමක් නැති වැඩක් බවයි.
“මගේ මහත්තයා ඒ ගැන කිසිම දෙයක් කිවුවේ නැහැ. එයාට ඉරාජ් ඒතරම් කෙනෙක් නෙවෙයි. වීඩියෝ එක බැලුවෙත් නෑ. හිතවත් යාලුවෝ කෝල් කරලා කියනවා. එච්චරයි. කොටින්ම හස්බන්ඩ් මෙයින් කිසිම විදියකින් කම්පනය වෙලා නෑ.අපට සැසදෙන අපට පෑහෙන දේකට අපි අදහස් පළකරනවා මිසක් මේවා ගැන කතා කරන එකේ තේරුමක් නෑ.” කියලයි ඇය වැඩි දුරටත් කිවුවේ.