News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
27

ආණ්ඩුවේ ආරක්ෂාවට WhatsApp නවත්වයි.

1996 Views


ආණ්ඩුවේ ආරක්ෂාවට WhatsApp නවත්වයි.

Social Media වල එල්ලිලා Online ඉන්නවට අමතරව අපේ අය Chat කරන්න යොදාගන්න ප්‍රධානතම App එක තමයි WhatsApp. ඉතින් මේ ක්‍රමය රහස් වැඩ වලට කියාපු අවියක්. කාටවත් Tap කරන්න බැරි වෙන්න Data හුවමාරු කරගන්න පුළුවන් හොඳම App එකක් තමයි WhatsApp කියන්නේ. හැබැයි WhatsApp එක තහනම් කරන්න යනවා කියලා සියත 24ට වාර්තා වුනා.

බයවෙන්න එපා මෙහෙම වෙන්නේ මෙහෙ නෙවෙයි, චීනේ. දැනට සතියක විතර කාලය ඉඳලා WhatsApp වල එක එක Error එනවා කියල චීනේ අයගෙන් පැමිණිලි ලැබිලා තියෙනවා. වෙලාවකට Online හිටියත් එයා Online කියලා පෙන්නන්නේ නෑ. තවත් වෙලාවකට Message යන්නේ නෑ . සමහර වෙලාවට App එක Stuck වෙනවා. මේ වගේ එකී නොකී Errors ගොඩාක් WhatsApp එකේ ඇවිත්. තවත් දෙයක් තමයි WhatsApp ප්‍රධාන App එක වැඩ කරන්නෙම නෑ. උඩින් කියපු Error ඇවිත් තියෙන්නෙත් Facebook එක හරහා Log වෙන්න පුළුවන් වුන WhatsApp එකට.

හැබැයි චීනේ ආණ්ඩුවත් දැනුවත්ව තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. පස්සේ චීන ආණ්ඩුවෙන් පිලි අරගෙන තියෙනවා මේ වැඩේ කලේ ආණ්ඩුවෙන්මයි කියලා. ඒකට හේතුව විදිහට එයාලා කිව්වේ, අවුරුදු 05 කට සැරයක් චීනයේ පැවැත්වෙන කොන්ග්‍රස් සභාවේ ආරක්ෂාව වෙනුවෙන් මේ වගේ පියවරක් ගත්තා කියලා. මොකද මීළඟ කොන්ග්‍රස් සභාව රැස් වෙන්න තියෙන්නේ ඔක්තෝම්බර් වල. ඒ කියන්නේ තවත් දවස් කිහිපයකින්.

කොහොම වුනත් මේ සමුළුව ඉවර වුනාට පස්සෙත් චිනේ WhatsApp කලින් වගේ වැඩ කරන එකක් නැහැ කියලයි ආරංචිය. එත් ජපන්නු වගේ හපන්නු චිනෙත් ඉන්න නිසා මේකට ආදේශක App එකක් එයාලා හොයාගන්නත් බැරි නෑ.


News Articles
Latest Videos
Most Popular Post