News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
28

අද ඔබ දෙපාරක් හිතලා වැඩ කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

1664 Views


අද ඔබ දෙපාරක් හිතලා වැඩ කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

අද 2017 සැප්තැම්බර් මාසයේ 28 බ්‍රහස්පතින්දා

රාහු කාලය: ප.ව 01.28 සිට 02.58

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: දකුණ

 

 

මේෂ ලග්නය

තම කතාවේ දක්ෂතාවය නිසාම උසස් ඉගෙනීමේ කටයුතු පින්කම් කටයුතු විදෙස් හා දීර්ඝ ගමන් සාර්ථක කර ගැනීමට හැකියාව පවතිනවා. ප්‍රණීත ආහාර ලැබෙන්න තියෙන දිනයක්. මුල්‍ය වාසි ලබන්න දෙවියන්ගෙන් පවා ආශිර්වාද ලබන්න තියෙන දිනයක්. ගෘහ හා විවාහ ජීවිතය තුල සතුට ප්‍රීතිය ලබන්න තියෙනවා. තම උත්සාහය තුල සාර්ථකත්වයට පත් වීමට හැකියි. සහෝදර ආශ්‍රයට අසල්වැසි ආශ්‍රයට අද සුභ දිනයක්.

ජය වර්ණය: සුදු පැහැය                  ජය අංකය: 02

 

වෘෂභ ලග්නය

ලැබිය යුතු ගෞරවය ලබන්න දැඩි වෙහෙසක් දරන්න වෙනවා. ඔබගේ අනවබෝධය හා වැඩ කටයුතු අතපසු කිරීම තුල ඔබට ලැබිය යුතු ගෞරවය ලබන්න ඔබ ප්‍රමාද විය හැකියි. ඒ විතරක් නෙමෙයි ධනය ලැබීම ප්‍රමාදයට පත් වෙනවා. ගෘහ හා විවාහ ජීවිතය තුල සතුට සිතන ආකාරයෙන්ම ලබන්න අපොහොසත් වෙන්න පුළුවන්. ඒ නිසා දිනයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ අවබෝධයෙන් යුතුව කලට වෙලාවට තමාට ගෞරවයක් ලැබෙන පරිදි වැඩ කටයුතු කල යුතුයි.

ජය වර්ණය: සුදු පැහැය                  ජය අංකය: 01

 

මිථුන ලග්නය

අද ඔබ කනස්සල්ලට පිඩාවට පත් වෙනවා. ඔබගේ සියලු දෛනික කටයුතු අතපසු වීම හේතු කොට ගෙන අපේක්ෂිත දිනයේ දියුණුව නොලැබී යනවා. දෙමව්පියනි ඔබගේ දරුවන් ඔබට අකීකරු වෙන්න පුළුවන්. ඔවුන්ගේ ක්‍රියාවන් ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. ආදරවන්තයන්ට හමු වීමට සුභ නොවේ. කනස්සල්ල මෝදු වීම හේතු කොට ගෙන දෙන්නා අතරේ ගැටළු මතුවිය හැකියි. ඉගෙනීම ක්‍රිඩා හා කලා කටයුතු වල සාර්ථකත්වය අඩු වීමට හේතු තියෙනවා. තමාට ගෞරවයක් ලැබෙන පරිදි අප්‍රමාදීව කටයුතු කර දෛනික කටයුතු වලදී අන් අය සමගත් මිත්‍රශීලීව කටයුතු කරන්න.

ජය වර්ණය: සුදු පැහැය                ජය අංකය: 01

 

කටක ලග්නය

ඔබට සියලු බාධාවන් අබිභවා කිර්තිය ලබන්න තියෙන දිනයක්. ඔබ සතු මිත්‍රශීලි භාවයන් සමාජශීලි හැකියාවන් මුල්කොට ගෙන ඔබට සේවකයන්ගේ උදව් උපකාර ලබන්න පුළුවන් වෙනවා. ඔබ දැනටමත් සත්ව ගොවිපල තුල වැඩ කටයුතු කරනවානම් අද ඉහල සාර්ථකත්වයක් ලැබෙනවා. ආහාර නිෂ්පාදනයේ යෙදී සිටින ඔබට ඔබගේ ලාභදායී තත්වය වැඩි කරනවා. මිතුරු ඇසුර වැඩිමහල් සහෝදර ඇසුර සමාජයේ වගකීම් දැරීම හේතු කරගෙන ඔබ ගෞරවයට පත් වෙනවා. අද වැඩිපුර මිතුරන් සංඛ්‍යාවක් ඔබට හමු වෙන්න පුළුවන්. වෘත්තීය සාර්ථකත්වය ඔබට ඔබ සතු නායකත්වය ලැබීමට හැකි වෙනවා.

ජය වර්ණය: කහ පැහැය                ජය අංකය: 11

 

සිංහ ලග්නය

ඔබගේ ඉගෙනීම ක්‍රිඩා කලා කටයුතු තුල ඔබට පැහැදිලි ගෞරවයක් ලැබෙන දිනයක්. දෙමව්පියනි ඔබගේ දරුවන්ගේ උසස් දක්ෂකම් දැක ඔබට ආඩම්බර වෙන්න පුළුවන්. ඔබටත් සමාජය තුල අඩුවෙන් වගකීම් දැරීමට සිදු වෙනවා. ආදරවන්තයන්ට මිතුරන්ගේ උපකාර ලැබෙන්න තියෙන දිනයක්. ආදායම් වැඩි කරනවා. වැඩිමහල් සහෝදර ආශ්‍රය මිතුරු ආශ්‍රය නිසා ඔබට සතුටට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ක්‍රිඩා හා කලා කටයුතු වල සාර්ථකත්වය ඉහල යනවා.

ජය වර්ණය: තැඹිලි පැහැය                         ජය අංකය: 05

කන්‍යා ලග්නය

ඔබ අද වැඩියෙන් තම මවට සෙනෙහෙවන්ත වන දිනයක්. විශේෂයෙන්ම ඔබ සතු නායකත්වය වගකීම් දැරීමේ හැකියාව මුල්කර ගෙන ගෙදරදොර ඉඩකඩම් මුල් කරගෙන විශාල දියුණුවක් ඇතිකර ගැනීමේ හැකියාව පවතිනවා. ගෙදර අයට යම් නායකත්වයක් ප්‍රමුඛත්වයක් දීමට ඔබට හැකියාව තියෙනවා. මව් පාර්ශවයේ නෑයින්ගේ පිහිට ඔබට ලබන්න පුළුවන්. ඔබට පැහැදිලිව අද වෘත්තීය සාර්ථකත්වයක් ලැබීමට හැකි වෙනවා. සමාජ ගෞරවයක් ලබන්න තම ආදායම් වැඩි දියුණු කරගන්න හැකියාවක් තියෙනවා. පිංකම් කිරීමට හැකි දිනයක්. ආගමික ස්ථාන කරා පියමන් කිරීමට හොද දිනයක්. උසස් ඉගෙනීමෙන් විදෙස් හා දීර්ඝ ගමන් වලින් සාර්ථක වෙන්න පුළුවන්.

ජය වර්ණය: කොළ පැහැය             ජය අංකය: 10

 

තුලා ලග්නය

ඔබ සතු නායකත්වය වගකීම් දැරීමේ හැකියාව මුල්කරගෙන අද දිනය ඔබට සියලුම උත්සාහයන් සාර්ථක කර ගැනීමට හැකියාව වාසනාව පවතිනවා. විශේෂයෙන්ම ලියන මුද්‍රණ විද්‍යුත් කාර්මික අංශවල සිටින ඔබට පැහැදිලි ලෙස ඔබගේ උත්සාහයන් සාර්ථක කරගෙන ජයග්‍රහණයන් කරා ඔබට පියමන් නැගීමට පුළුවන්. තම සහෝදරයන්ට අසල්වාසීන්ට ප්‍රමුඛත්වයක් දිය හැකි දිනයක්. පැහැදිලිවම ඔබට ඔබගේ ආදායම් වැඩි දියුණුවට පත්කර ගන්න පුළුවන්. වැඩිමහල් සහෝදර ආශ්‍රයෙන් මිතුරු ආශ්‍රයෙන් ඔබට සතුටට පත් වෙන්න පුළුවන්. ආගම දහම තුල එහි පිහිට ලබමින් ඔබගේ සිත තවත් සතුටට පත් කර ගන්න පුළුවන්. උසස් ඉගෙනීමෙන් දීර්ඝ ගමන් වලින් ඔබට පැහැදිලි දියුණුවක් ලබන්න පුළුවන්.

ජය වර්ණය: සුදු පැහැය                 ජය අංකය: 03

 

වෘශ්චික ලග්නය

 

ඔබගේ අවංකකම හා පුරුෂ වීර්යයෙන් වැඩ කටයුතු කිරීම හේතු කොට ගෙන අද ඔබට වැඩිපුර ධනය උපයා ගන්න පුළුවන් දිනයක්. විශේෂයෙන්ම බැංකු මුල්‍ය අලෙවි උපදේශන නිවේදන ක්ෂේත්‍රය තුල සිටින ඔබට අද පැහැදිලි ජයග්‍රාහී දිනයක් බවට පත්කර ගන්න පුළුවන්. ඔබගේ අවංකකම හා පුරුෂ වීර්යයෙන් වැඩ කටයුතු කිරීම හේතු කරගෙන ගෙදරදොර දියුණුවට ඔබ දායක වෙන්න තියෙන දිනයක්. ගෘහ හා විවාහ ජීවිතය තුල සමාදානය අද ඔබට හොදින් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. නමුත් සහෝදර ආශ්‍රයට අසල්වැසි ආශ්‍රයට එතරම් සුදුසු දිනයක් නොවේ. ඔබගේ උත්සාහයන් තුලට බාධක අවහිරකම් ඇති වීමට ඉඩකඩ ඇති බැවින් අවංකව හා පුරුෂ වීර්යයෙන් යුතුව ඉදිරියට ගෙන යන්න ඔබ සැලකිලිමත් විය යුතුයි. ක්‍රිඩා හා කලා කටයුතු වලින්ද ජයග්‍රහණය ලබන්න හැකි වෙනවා.

ජය වර්ණය: නිල් පැහැය                ජය අංකය: 04

 

 

ධනු ලග්නය

ඔබගේ අනන්‍යතාවය රැක ගැනීමට අපොහොසත් වීම හේතු කොට ගෙන ඔබ අන් අයගෙන් රැවටීමට ලක් වීමට ඉඩ තියෙනවා. වැරදි දේට ඔබගේ හිත යොමු වෙනවා. ඒ නිසා දිනයේ දියුණුව අඩු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රෑ නින්ද ඔබට සුවදායී නොවෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන්ම අන් අයගේ සහයෝගය ලැබීමට ඔබ ප්‍රමාදයට පත් වෙන්න පුළුවන්. නමුත් ඔබ යම්කිසි ධනාත්මක දැක්මකින් යුතුව අවබෝධයෙන් යුතුව කලට වෙලාවට වැඩ කලොත් නොසිතන ආකාරයෙන් භුමි ලාභයක් ලැබීමට හෝ උසස් අයගේ උපකාරයක් ලැබීමට ඉඩ තියෙනවා.

ජය වර්ණය: සුදු පැහැය                 ජය අංකය: 08

 

මකර ලග්නය

දුක කනස්සල්ල හමුවේ සාමකාමිව තම නිශ්ශබ්දතාවය රැකගෙන වැඩ කටයුතු කරන්න තියෙන දිනයක්. ආගම දහමට ලැදිව කටයුතු කිරීමට ඔබට හැකියාව පවතිනවා. අන් අයට කරදර නොකර අන් අය තුල ගෞරවයකට පත් වෙමින් නිශ්ශබ්දව තම වැඩ කටයුතු කිරීමෙන් ඔබට අද දිනයේ කාලය යහපත් කරගත හැකි වෙනවා. අන් අයගේ සහයෝගය ලැබෙන්නේ නැහැ. නමුත් ඔබට යම්කිසි ධනාත්මක දැක්මකින් යුතුව කටයුතු කලොත් උසස් අයෙකුගේ උපකාරයක් හෝ ධන වාසියක් ලැබීමට භාග්‍ය පවතිනවා.

ජය වර්ණය: තැඹිලි පැහැය                       ජය අංකය: 08

 

කුම්භ ලග්නය

අද ඔබ සමාජය තුලත් මිතුරන් තුලත් උත්සහවන්තයෙක් ලෙස කැපී පෙනෙන්න තියෙන දිනයක්. විශේෂයෙන්ම ව්‍යාපාර ලාභ දියුණු කරගන්න පුළුවන්. ඔබ දනට පිනට කැමති වෙනවා. විශේෂයෙන්ම බාල සහෝදරයන්ට උදව් උපකාර කිරීමට ඔබ ප්‍රිය වෙනවා. ඔබගේ උත්සාහයන් අද දිනය තුල සාර්ථක වෙනවා. ඔබ බලාපොරොත්තුවන ආකාරයෙන්ම ඔබගේ වචනය තැනට ඔබින ලෙස ඔබ භාවිතයට ගත්තොත් ධනය උපයන්නත් පුළුවන්. ඔබට ඔබගේ පුරුෂ වීර්යය රැකගෙන අවංකව ගෙදරට හිතවත්ව වැඩ කටයුතු කිරීමෙන් ගෙදර දොර ඉඩකඩම් දේපොළ වල දියුණුවක් ලබන්න පුළුවන්. ඔබගේ ආදායම් ඔබගේ උත්සාහය කතාව හා අවංකකම තුල වැඩි දියුණුවට පත්කරගෙන ඔබට සතුටට පත් වෙන්න පුළුවන්.

ජය වර්ණය: රතු පැහැය                ජය අංකය: 03

 

මීන ලග්නය

ඔබගේ උත්සාහය හේතු කොටගෙන ඔබගේ වෘත්තීය ජයග්‍රහණයක් නිසැකවම ඔබට ලබන්න පුළුවන්. සහෝදර උදව් උපකාර අසල්වැසි උදව් උපකාර පිය පක්ෂයේ නෑයින්ගේ උදව් උපකාර ඔබ ලැබීමට සමත් වෙනවා. ලියන මුද්‍රණ විද්‍යුත් කාර්මික අංශවල සිටින ඔබට පැහැදිලි ජයක් ලැබිය හැකියි. තරමක් කෑමට ප්‍රිය වෙනවා. කතාව සංවර කරගෙන ආදායම් ලැබීමට ධනය ඉපයීමට ඔබ දක්ෂයෙක් වෙනවා. හිතට ගන්න ගෙදර දොර කටයුත්තක් ඔබ ආරම්භකරන්න. එයින් පැහැදිලි සාර්ථකත්වයක් ලැබිය හැකියි.

ජය වර්ණය: සුදු පැහැය                              ජය අංකය: 03

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ස් සේනානායක

දුරකථන අංකය: 077 67 19 152

 

 


News Articles
Latest Videos
Most Popular Post