ඉරාජ් තමන්ගේ මියුසික් වීඩියෝව හරහා ලංකාවේ ප්‍රවීණ කලාකරුවකුගේ පෞද්ගලික චරිතයට අපහාසයක් කරා කියමින් බොහෝ පිරිසක් මේ Video එක Youtube වලින් ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරා.
මෙම විරෝධය නිසා ඉරාජ් තමන්ගේ මියුසික් වීඩියෝව YouTube වලට දාද්දි යොදපු Tags දෙකක් ඉවත් කරලා තියෙනවා.
ඒ “Victor” සහ “Rathnayaka” යන පද දෙකයි.
මේ Tag මගින් වීඩියෝව සොයා ගැනීම පහසු කරනවා වගේම මේ විදිහට Tag යෙදීම තුලින් ඉරාජ් මෙම වීඩියෝව වික්ටර් රත්නායක මහතාව ඉලක්ක කරගෙන නිර්මාණය කරා කියලා ඕන කෙනෙක්ට තේරෙනවා.
එම Tag ඉවත් කිරීමෙන් පසු සහ පෙර එම වීඩියෝ පළ කිරීමේ පරිගණක කේතයන් තිබුනේ මෙහෙමයි.
තාක්ෂණික කරුණු පිළිබඳ විස්තර – තිමිර මධුසංඛ තේනුවර
කොහොම වුනත් මේ වෙද්දී ඉරාජ් ගේ වීඩියෝවට ඇති Like සංඛ්‍යාවට වඩා Dislike/Unlike සංඛ්‍යාව වැඩි වෙමින් තියෙනවා. ඒ වගේම පැයෙන් පැය එල්ල වන Report සංඛ්‍යාව වැඩි වෙනවා. දිගින් දිගටම මෙම වීඩියෝව නුසුදුසු වීඩියෝවක් විදිහට Report වුනොත් මේ Video එක YouTube සමාගම විසින් ඉවත් කරන්න ඉඩ තියෙනවා. මොකද මිට කලිනුත් ඉරාජ්ගේ Video Report වෙලා තියෙනවා.