News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
29

අද ලෙඩ වැඩි වෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

1603 Views


අද ලෙඩ වැඩි වෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

අද 2017 සැප්තැම්බර් මාසයේ 29 සිකුරාදා

රාහු කාලය: පෙ.ව 10.30 සිට 12.01

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: ගිණිකොන

 

 

මේෂ ලග්නය

අධ්‍යාපනික කටයුතු දියුණු කරගන්න තරගකාරි කටයුතු වලට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. වෘත්තීය කරන ස්ථානවල කාන්තා පාර්ශවයේ හිතමිතුරන්ගෙන් බොහෝ උදව් උපකාර ලබා ගැනීමේ ඉඩකඩ පවතිනවා. කලාකාමී කටයුතු වල නිරත වෙලා ඉන්න අයට ඉතාමත්ම යහපත් දවසක්. තාක්ෂණික කටයුතු දියුණු කර ගන්න ආර්ථික කටයුතු කළමනාකරණය කර ගැනීමේ හැකියාව පවතිනවා. කෙටි ගමන් බිමන් රැසක් යෙදේ. පරිපාලන ශක්තිය මුලික කරගෙන ජයග්‍රහණ උදා කරගන්න පුළුවන්.

ජය වර්ණය: ලා රතුපැහැය                        ජය අංකය: 03

 

වෘෂභ ලග්නය

මහජනතාව සමග මිශ්‍ර වෙලා කරන සෑම කටයුත්තකින්ම ජයග්‍රහණ ඔබට හිමි වෙනවා. අන් අයගේ ආකර්ශනයත් ඔබට හිමි වෙනවා. අලෙවි කිරීම් වැනි කටයුතු භාෂාව භාවිතා කරන කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ උදා වෙනවා. ආර්ථික ශක්තිය දියුණු වෙනවා. සමාජ තත්වය උසස් වෙනවා. යාලු හිතමිත්‍රාදීන්ගෙන් පවා උදව් උපකාර හිමි වෙනවා. අධ්‍යාපනික ශක්තිය දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා ජයග්‍රාහී ලීලාවෙන් ඔබ කටයුතු පවත්වා ගෙන යනවා. ජය පිරිත සජ්ජායනා කරන්න.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 07

 

මිථුන ලග්නය

කෙටි ගමන් බිමන් යෙදෙනවා. ඔබගේ සහෝදරයන් සමග මුලිකව කටයුතු කරන්න ඔබ වැඩි වශයෙන් මහන්සි වෙනවා. ආදායම් තත්වය ඉහල මට්ටමකට පරිවර්තනය කරගන්න පුළුවන් වෙනවා. අන් අයගේ ආකර්ෂණය මුලික කරගෙන අලුත් ව්‍යාපාර වලට ඔබට ප්‍රවිෂ්ට වීමේ ඉඩකඩ විවර වෙනවා. සමාජශීලි තත්වය දියුණු වෙනවා වගේම මානව සම්පත් කළමනාකාරිත්වයත් ඉතාමත්ම උසස්ම තත්වයකට පත් වෙනවා. ඉවසීම පුහුණු කර ජයග්‍රහණ ලබා ගත හැකියි.

ජය වර්ණය: ලා කහ පැහැය                      ජය අංකය: 07

 

කටක ලග්නය

වචන භාවිතා කරන වෘත්තීන් වලින් බොහෝ ධනය උත්පාදනය කරගන්න පුළුවන්. ආර්ථික තත්වය කළමනාකරණය කරගැනීමේ ඉඩකඩ වෙන් වෙනවා. මානව සම්පත් කළමනාකරණයට ව්‍යාපාරික ස්ථාන දියුණු කර ගැනීමේ හැකියාව අද දවසේ උදා වෙනවා. තමාගේ වාග් ශක්තිය මුල්කර ගෙන බොහෝ දෙනෙක්ව ඇසුරු කිරීමේ ඉඩකඩ වෙන් වෙනවා. කායික ශක්තියත් ඉතාමත්ම යහපත්. කොහොම උනත් මානව සම්පත් කළමනාකරණයේදී කල්පනාකාරී වන්න.

ජය වර්ණය: ලා නිල් පැහැය                      ජය අංකය: 06

 

සිංහ ලග්නය

ඥාන ශක්තිය වර්ධනය වෙනවා වගේම මුද්‍රණය ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ අත්කර ගත හැකියි. අන් අයව විශ්වාස කරලා කරන කටයුතු වලින් නම් පුංචි පුංචි බාධා ඇති වෙනවා. දුර බැහැර ගමන් යන්න ආරාධනා ලැබේවි. අන්‍ය ආගමික අන්‍ය දේශිත පුද්ගලයන් සමග කරන ගනුදෙනු කිරීම් පිලිබදව තරමක් කල්පනාකාරී වෙන්න. පපුව ආශ්‍රිත රෝගී තත්ව ඇතිවිය හැකියි. ආහාර ගැනීමේ රටාව පිලිබදවත් පුංචි පුංචි බාධා ඉස්මතු වේවි. නිතර බෙහෙත් හේත් ගන්න සිදුවන අසනීප ඉස්මතු වෙනවා. ඉදිකිරීම් ආදී කටයුතු වලින් යම් සහනයක් උත්පාදනයක් කරගත හැකියි.

ජය වර්ණය: ලා කහපැහැය                        ජය අංකය: 08

කන්‍යා ලග්නය

පහුගිය දවස්වල බාධාවට ලක් වෙලා තිබුණු කටයුතු යලි ජව සම්පන්න ලීලාවෙන් ආරම්භ කරන්න පුළුවන් වෙනවා. මානව සම්පත් කළමනාකරණය ඉතාමත්ම යහපත්. අලුත් දැනුම තමන්ගේ මනසට ගලා ගෙන එනවා. බොහෝ කටයුතු දියුණු කරගත හැකි වෙනවා. භාෂාව භාවිතා කිරීමේ හැකියාව මුල්‍ය පරිපාලනමය හැකියාව ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් යම් ජයග්‍රහණයක් අත්පත් කර ගන්න පුළුවන්. පපුව ආශ්‍රිත රෝගී තත්ව වලින් පුංචි පුංචි රෝග තත්ව ඉස්මතු වීමේ ඉඩකඩ පවතිනවා. සෙම් සහිත රෝග වලිනුත් බාධාකාරී තත්ව ඇතිවිය හැකියි. තමන්ගේ මුල් භූමියෙන් පරිබාහිර කටයුතු වලදී ඉතාමත්ම යහපත්. දුරස්ථ කටයුතු වලින් වැඩි ආදායම් තත්ව උත්පාදනය කරගන්න පරිපාලනමය කටයුතු වලින් යම් ආකාරයක ධන ශක්තියක් වර්ධනය කරගන්න අද දවසේ වාසනාව පවතිනවා.

ජය වර්ණය: ලා කහපැහැය                        ජය අංකය: 09

 

තුලා ලග්නය

ආකර්ෂණ ශක්තිය ඉතාමත්ම යහපත්. අලෙවිකරණ වැනි වෘත්තීන් වල කටයුතු කරන අයගේ එවැනි කටයුතු පහසුවෙන් සාර්ථක කරගන්න පුළුවන්. නව ආදායම් මාර්ග විවර වෙනවා. අලුත් යාලු හිතමිත්‍රාදීන් මුණ ගැහෙනවා. තමන්ගේ වෘත්තීය කරන ස්ථානවල උසස් වීම් අපේක්ෂා කරන්න පුළුවන්. අන් අයගේ උදව් උපකාර තමන්ට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ප්‍රේමනීය සබදතාවල බාධා කම්කටොලු තිබුණානම් ඒවා අවම වෙනවා. වැඩිහිටියන්ගේ ඥාතීන්ගේ උදව් උපකාර හිමි වෙනවා. සෙම් සහිත පාද ආශ්‍රිත රෝග වලින් බාධා ඇතිවිය හැකියි.

ජය වර්ණය: විසිතුරු පැහැය                       ජය අංකය: 07

 

වෘශ්චික ලග්නය

 

බොහෝ ආදායම් මාර්ග අලුතෙන් විවර වුනත් අනවශ්‍ය වියදම්කාරී ස්වභාවයක් පවතිනවා. තමන්ගේ නිවාස ආශ්‍රිත කටයුතු වලින් යම් ආකාරයක පීඩාකාරී තත්වයක් මනසට ඇතිවිය හැකියි. හිස ආශ්‍රිත බර ගතිය වගේ රෝගී තත්ව ඇතිවීමේ ඉඩකුත් වාසස්ථාන වෙනස් වීම සදහා යෝජනා ඉදිරිපත් වෙනවා. කලපනකාරීව කටයුතු කරන්න. අලුත් දේවල් ඉගෙන ගන්න පොත්පත් ආශ්‍රිත කටයුතු මුල්‍ය පරිපාලන ආශ්‍රිත කටයුතු වලින් යහපත් වෙනවා. තාක්ෂණය මිශ්‍ර වුණු කටයුතු වලින් යම් ජයග්‍රහණයක් අත්කර ගත හැකියි.

ජය වර්ණය: රන්වන් පැහැය                       ජය අංකය: 07

 

 

ධනු ලග්නය

පරිපාලනමය හැකියාව උසස් මට්ටමක පවතිනවා. කලාකාමී කටයුතු දියුණු කරගන්න පුළුවන්. පාද ආශ්‍රිත රෝග තත්ව වලින් විටින් විට පිඩාවට පත් වෙනවා. මේ සියල්ල අතරේ ඔබ සිනහමුසු මුහුණෙන් කටයුතු කිරීමට උත්සහ දරනවා. යහපත් ආහාරපාන ලැබෙනවා. යහපත් ඇදුම් පැළදුම් හිමි වෙනවා. මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ව නිසා කොන්ද තුනටිය ආශ්‍රිතව කැක්කුම් සහගත තත්ව ඇතිවිය හැකියි. පෙරපින ඉස්මතු කරගන්න නම් ජය පිරිත සජ්ජායනා කරන්න.

ජය වර්ණය: ලාකහ පැහැය                        ජය අංකය: 06

 

මකර ලග්නය

ලිපිලේඛන ආශ්‍රිත කටයුතුවල යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු කලාකාමී කටයුතු වලින් නම් බාධා කම්කටොළු තමයි වැඩි වශයෙන් එල්ල වෙන්නෙ. තමන්ගේ යාන වාහන වලට පවා පිඩා බාධා ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ඒනිසා කල්පනාකාරීව ගමන් බිමන් යන්න. රැකිරක්ෂා වෙළදාම් කටයුතු වලින් යම් ආකාරයක දියුණුවක් අපේක්ෂා කරගන්න පුළුවන්. තමන්ගේ පරිනතභාවය මුලික කරගෙන ජයග්‍රහණ හිමි වෙනවා. අත්සන් තැබීම ආදී කටයුතු වලින් වචන භාවිතා කිරීම් වැනි කටයුතු වලින් පරිපාලන කටයුතු වලින් යම් ආකාරයක යහපතක් ඇති වෙනවා. ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වලින් ධනය ලැබෙනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                      ජය අංකය: 07

 

කුම්භ ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය සම්බන්ධතා වෙනුවෙන් වැඩි උනන්දුවක් දක්වනවා. අතහැරලා දාල තිබුන කටයුතු පහසුවෙන් සාර්ථක කරගත හැකි වෙනවා. කල්පසු වුණු කටයුතු පහසුවෙන් සාර්ථක කරගන්න පුළුවන්. අන් අයගේ උදව් උපකාර හිමි වෙනවා. තමන්ට නිලතල උරුමයෙන් ලැබෙන්න තියෙනවා. එවැනි කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ හිමි වෙනවා. වාසනා ශක්තිය දියුණු කරගත හැකියි. පාද ආශ්‍රිත රෝගී තත්ව උත්සන්න වෙනවා. මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව උත්සන්න වෙනවා. මානව සම්පත් කළමනාකරණය වගේම ගල් වැලි සිමෙන්ති වගේ දේවල් අලෙවි කිරීම වැනි කටයුතු වලින් යම් මුදලක් ලබා ගත හැකියි.

ජය වර්ණය: ලා නිල් පැහැය                      ජය අංකය: 07

 

මීන ලග්නය

රහසිගත ගමන් බිමන් යන්න පෙළඹෙනවා වගේම රහසිගත සතුරන්ගෙන් පීඩාකාරී තත්ව ඇතිවිය හැකියි. අත්සන් තැබීම වැනි කටයුතු වලින් තරමක් ප්‍රවේසම් වෙන්න. පියපස ඥාතීන් සමග කරන ගනුදෙනු කිරීම් වලදී යම් ආකාරයක සහනශීලි බවක් ඇති වෙනවා.

ජය වර්ණය: ලා දම්  පැහැය                         ජය අංකය: 07

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353

 

 


News Articles
Latest Videos
Most Popular Post