News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
29

කලකට පසු ඉන්දියාව හඬවමින් කෝලිගේ ජයග්‍රහණ රැල්ලට තිත වැටෙයි.

3301 Views


කලකට පසු ඉන්දියාව හඬවමින් කෝලිගේ ජයග්‍රහණ රැල්ලට තිත වැටෙයි.

පහුගිය කාලෙම ඉන්දීය නායකයා විරාත් කොලිගේ වෙලාව හොඳයි. ලංකාව 5 – 0 ක් විදිහට පරාද කරා. ඊට පස්සේ ගෙදර ගිහින් ඕස්ට්‍රේලියාවට එරෙහිවත් තරගාවලිය ජය ගත්තේ තව තරග 2ක් ම ඉතිරිව තියෙද්දී. ඒත් එක්කම ලෝකේ හොඳම නායකයා විරාත් කෝලි කියලා හැමෝම කිවුවා. ඒ ලෝක ශ්‍රේණිගත කිරීම් වල ඉහලටම ඉන්දීය කණ්ඩායම අරං ගිය නිසා.

හැබැයි ඉතින් හැමෝම හොඳ කියන්න ගත්තට පස්සේ කෝලිට ඇස් වහක් වැදුනද මන්දා? ඊයේ තිබුණු සිව්වන එක්දින තරගයෙදී ඉන්දියාවට රිදෙන්නම ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ බැට දුන්නා. මුලින් පන්දුවට පහර දුන්නු ඕස්ට්‍රේලියාව කඩුලු 5කට ලකුණු 334ක් රැස් කරගත්තා. දුම්මල වරම අතට ගත්ත ඩේවිඩ් වෝනර් මුල ඉඳලම ඉන්දීය පන්දු යවන්නන්නට යන එන මං නැති කරා. ඔහුගේ හයියට අනිත් පැත්තෙන් ආරොන් ෆින්ච් සුපුරුදු කස පහර එල්ල කරා. ඩේවිඩ් වෝනර් 124යි. ෆින්ච් ලකුණු 94යි. උමේෂ් යාදව් ලකුණු 71ට කඩුලු 4යි.

ඊළගට සුපුරුදු ජය සොයාගෙන ඉන්දීය පිතිකරුවෝ පිටියට බැස්සේ ලකුණු 335ක ඉලක්කයක් හඹා යන්න. එත් පන්දුවාර 50 තුල ඉන්දියාවට රැස් කරගන්න පුළුවන් වුනේ කඩුලු 8කට ලකුණු 313ක් විතරයි. රහානේ, ශර්මා සහ ජාදව් අර්ධ ශතක වාර්තා කරත් තරගය ජය ගන්න ප්‍රමාණවත් වුනේ නැහැ. නායක කෝලි ලකුණු 21යි.

ඉතින් අන්තිමේදී ලකුණු 21 ක ජයක් වාර්තා කරපු ඕස්ට්‍රේලියාව ඉන්දියාවේ ජයග්‍රහණ රැල්ලට තිත තිබ්බා.

 


News Articles
Latest Videos
Most Popular Post