News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
29

“පෘථිවි වැසියන් Zoo එකේ ඉන්න සත්තු වගේ” – පිටසක්වලයින් අපි ගැන හිතන විදිහ හෙළිවේ.

1706 Views


“පෘථිවි වැසියන් Zoo එකේ ඉන්න සත්තු වගේ” – පිටසක්වලයින් අපි ගැන හිතන විදිහ හෙළිවේ.

මේ වෙද්දී අපි ගොඩාක් දියුණු සත්ව විශේෂයක්. හැබැයි අපිට තාම හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ලෝකේ තියෙන දේවල් වලිනුත්හරිම ටිකයි. ඉතින් පිටසක්වල ජීවින් ගැන මොන කතාද? ඔබ දන්නවද මේ විශ්වයේ පෘථිවියට සමාන ලෝක බිලියන 40ක් විතර තියෙනවා. ඒ ග්‍රහ ලෝක වලත් මෙහෙ වගේම ජීවය පවතිනවා කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා. හැබැයි තාම හරියටම අපිට පිටසක්වල ජිවියෙක්ව හදුනා ගන්න බැරිවෙලා තියෙනවා. ඉතින් එකට නිදහසට කරුණු කියන්න විද්‍යාඥයෝ පිරිසක් ඉදිරිපත් වෙලා.

1. පිටසක්වලයින්ගේ පණිවිඩ හුවමාරුව සමහර විට මිනිසාට වඩා වේගවත් හෝ මන්දගාමීව සිද්ධ වෙනවා ඇති. මේ හින්දා දෙපාර්ශවය අතර පණිවිඩ සමපාත වෙන්නේ නැහැ. මේ වන විට විශ්වයෙන් ලැබෙන සංඥා විද්‍යාඥයින් සටහන් කරගත්තත් ඒවා හඳුනාගත නොහැකි ශබ්ද පමනක්වීම මේකට එක උදාහරණයක්.

2. පෘථිවියේ තාක්ෂණය අනුව ශබ්ද හා සංඥා ග‍්‍රහණය කරගත හැකි කලාපය සීමා වීම. පෘථිවියේ විද්‍යාඥයන්ට මේ දක්වා ගවේශනය කල හැකි වෙලා තියෙන්නේ ආලෝක වර්ෂ 32ක දුරක් පමණි.

3. පිටසක්වලයින් මිනිසුන්ට ස්වරූපයෙන් වෙනස් සත්ත්ව විශේෂයක් විය හැකි නිසා ඔවුන් වෙනත් සන්නිවේදන ක‍්‍රමයක් භාවිත කරනවාද විය හැක.

4. පිටසක්වලයින් රහසිතගතව හා හුදෙකලාව විසීමට කැමති අය වෙන්නත් පුළුවන්.

5. ඇතැම් දියුණු පිටසක්වලයින් විශ්වය පුරා යමින් ජනාවාස පිහිටුවා යලිත් එම ස්ථාන හැර යමින් විශ්වය පුරා ගමන් කරන බවටත් මතයක් තියෙනවා. ඒවගේම ඔවුන් එම ස්ථාන හැර යද්දි එම ජනාවාස විනාශ කරනවා වෙන්නත් පුළුවන්.

6. අපි වගේම විශ්වය ජයගැනීමට තාක්ෂණික මට්ටමේ දියුණුවක් නැති ජීවින් වෙසෙන බවත් පර්යේෂකයින් පවසනවා.

7. මිනිසා පෘථිවියේ ඉන්නා බව පිටසක්වලයින් දැන සිටියද නොසැලකිය හැකි මට්ටමේ සත්ත්ව විශේෂයක් ලෙස සලකා පිටසක්වලයන් විසින් පෘථිවිය මගහැර සිටින බවයි සමහරු කියන්නේ. ඒ කියන්නේ මිනිසුන් සත්තු වත්තක දාලා ඉන්නවා වගේ.

 


News Articles
Latest Videos
Most Popular Post