මීට අවුරුදු 2 කට කලින් මුළු රටම කම්පා කල සිදුවීමක් යාපනයේදී වුනා. එ් තමයි කාගෙත් හිත් දිනා ගෙන පාඩුවේ ජීවත් වුන ලස්සන මලක් නරුමයෝ පිරිසක් තලලා පොඩි කරලා විනාශ කරලා දැම්මා.
විද්‍යා ඝාතනය කිව්වම ලංකාවේ ඔනම කෙනෙක් එ් අදුරු සිදුවීම මොකක්ද කියලා දන්නවා. එ් නිසා අායෙත් එ් අමිහිරි සිදුවීම මතක් කරලා විද්‍යාට කරදරයක් කරන්න අපිට ඕන නෑ. හැබැයි ඊයේ මුළු ලංකාවම බලාගෙන ඉද්දී විද්‍යාට යුක්තිය ඉටු වුනා. එ් අහිංසක මල විනාශ කරපු නරුම මිනිස්සු 7 ත් දෙනෙක්ට මරණ දඩුවම ලැබුණා. වරදකාරයොන්ට දඩුවම් ලැබුණා කියල විද්‍යාට අායේ පණ එන්නෙ නෑ. එ්ක අැත්ත. එ් වුනාට තවත් මල් කැකුලකට අායේ එ් වගේ විපතක් නොවෙන්න මේ දඩුවම මුළු සමාජයටම හොද පාඩමක් වේවි.
යාපනයටම සුවද අරන් අාපු විද්‍යාව අමානුශික විදියට ඝාතනය වෙන්නෙ 2015 මැයි 21 වෙනිදා. එදා එ් අාරෙචිය අැහුව වෙලේ ඉදලා විද්‍යාගේ තාත්තට කතා කරන්න බෑ. පුංචි කාලේ ඉදන් විද්‍යාගේ අාරක්ෂකයා වගේ ලගින් හිටිය අයියට එ් කම්පනය දරා ගන්න බැරුව තාම ඉන්නෙ අසනීපෙන්. තමන්ගෙ කුසින් වදපු, රෝස මලක් වගේ බලාගත්ත එ් අම්ම බලාගත්ත අතේ බලාගෙන ඉන්නවා. විද්‍යාගේ නිසල දේහය හොයා ගත්ත අාදරණීය සුරතලා කුට්ටි තාම අැගේ සොහොන ගාවට ගිහින් බලන් ඉන්නවා.
ත්‍රිපුද්ගල විනිසුර් කමිටුවක් විද්‍යාගේ ඝාතකයින්ට මරණ දඩුවම නියම කරා. ඒ වගේම එක වරදකාරයෙක්ට රුපියල් මිලියනය බැගින් විද්‍යාගේ අම්මට ගෙවන්නත් නියෝග කරා. හැබැයි විද්‍යාගේ අම්මා ඒ සල්ලි එපා කිව්වා. විද්‍යාගේ අම්මා කියන විදියට විද්‍යාගේ අතුරුදහන් වීම ගැන පැමිනිලි කරන්න කයිට්ස් පොලීසියට ගියාම පැමිණිල්ල බාර අරන් නෑ. “දුව තරැණයි නේද, තව දවස් දෙක තුනකින් කොල්ලත් එක්කම ගෙදර එ්වි” කයිට්ස් පොලීසියේ නිලධාරීන් කියලා තිබ්බෙ එහෙමයි. එ්ත් තමන්ගෙ දුව එ් වගේ වැරදී තීරණයක් ගන්නෙ නෑ කියලා එ් අම්මා දන්නවා. එ්දා රෑ පිච්චි පිච්චි හිටිය අම්මා පහුවදා විද්‍යාගේ අයියත් එක්ක මුලු ගමම පීරලා විද්‍යාව හෙව්වා. එ් අතරේ තමයි විද්‍යාගේ සුරතල් බල්ලා අැගේ සපත්තුවක් මග තිබිලා හොයාගෙන අැවිත් අයියගෙ කකුල් දෙක ලග තියෙන්නෙ. බල්ලගෙ පස්සෙන් ගිහින් විද්‍යාගෙ නිසල සිරුර හොයා ගන්නවා. හැබැයි තලලා පොඩි කරලා විනාශ කරපු විද්‍යාගේ මරණයේ සත්‍ය හොයන එක වළක්වන්න ලොකු ලොක්කො කිහිප දෙනෙක්ම උත්සහ කරලා තිබ්බා. එ්ත් සත්‍ය කියන්නෙ වතුර යට හංගපු බෝලයක් වගේ. කොයිවෙලේ හරි උඩට එනවා.
විද්‍යාගේ සත්‍ය හංගන්න හදපු අයටත් වුනේ එ්ක. අැගේ ඝාතකයො මලගෙදරට වගේම ඊට පස්සෙත් අැවිත් පවුලේ අයව සනසලා තිබ්බා. එ් අාපු වෙලාවක විද්‍යාගේ ගෙදර හදපු එළුවා ඔවුන්ට අැනලා තිබ්බා. මිනිසත් බවයක් ලැබිලත් තිරිසන්නු වගේ හැසිරෙන මිනිස්සුන්ව තිරිසන් සතුන්ටත් අදුනගන්න පුලුවන් නිමා වෙන්නැති. අවුරුදු 2 තිස්සෙම විද්‍යාගේ ඝාතනයේ පරීක්ෂණ කරේ රහස් පොලීසියේ නිශාන්ත මහත්තයයි, සහකාර පොලිස් අධිකාරී තිසේරා මහත්තයයි.
ලස්සන මල් කැකුලක් යාපනයට වගේම මුළු ලංකාවටම අහිමි වුනා. අැය වෙනුවෙන් යුක්තියත් ඉටු වුනා. හැබැයි අපිට නිහඩ වෙන්න බෑ. මොකද දැන් තමයි අපිට වගකීම වැඩි වුනේ. තවත් අහිංසක මල් කැකුලකට මේ වගේ කරදරයක් වෙන්න නොදී අපේ රටේ සේරම මල් කැකුලු අපි බලා ගන්න ඕන. එ්ක මුළු රටේම වගකීම. එ් වගේම මිනිස් වේශයෙන් මිනිසුන් අතර ඉන්න තිරිසන්නුන්ව නීතියට අල්ලා දෙන එකත් අපේ යුතුකමක්.