News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
30

බිලි ප්‍රනාන්දු අවුරුදු 15 ක් තිස්සේ මොනවද කලේ ? – රටටම හෙළිවන දවස අතළඟ.

5074 Views


බිලි ප්‍රනාන්දු අවුරුදු 15 ක් තිස්සේ මොනවද කලේ ? – රටටම හෙළිවන දවස අතළඟ.

Billy Fernando කියන නම ඔබට අමුතුවෙන් අටුවා, ටීකා, ටිප්පනි දාලා හඳුන්වල දෙන්න ඕන නමක් නෙමෙයි. එත් මෙතැනදී ඔහු ගැන ඔබ දැනගන්න කැමති වෙයි කියල අපි හිතන සහ අපි බිලී ගැන දන්නා දේවල් ටිකක් ඔබට කියන්නම්. බිලි කියන්නේ ගායකයෙක් විතරක්ම නෙවෙයි. ඔහු සංගීත අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකයෙක් වගේම, ජනප්‍රිය 2FORTY2 සංගීත කණ්ඩායමේ නායකයා. බිලී හැදුනේ වැඩුනේ වගේම කේෂ්ත්‍රයට ආවේ සංගීත පසුබිමක් තියෙන පවුල් පසුබිමක් එක්ක. ඒ වගේම ඔහු ගිටාරයට අත්පොත් තියන්නේ වයස අවුරුදු 04 දී. ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වුන, යුවතීය, කෙල්ලෝ කොල්ලෝ වගේම මේ මෑත කාලයේ ඉතාමත් ජනප්‍රිය වුන ‘රෑ අහසේ’ කියන සින්දු වල අයිතිකාරයා ඔහු.

මේ අවුරුද්දේදී බිලීගේ සංගීත ජිවිතයට අවුරුදු 15ක් සමරනවා. ඉතින් ඒ වෙනුවෙන් බිලී ඔබට තෑග්ගක් දෙන්න ලැහැස්තිවෙලා ඉන්නවා කියලා අපිට කිව්වා. ඒ තමයි මෑත කාලයේ ජනප්‍රිය වුන ඔහුගේ ” රෑ අහසේ ” ගීතයේ නමින් සංගීත ප්‍රසංගයක් පවත්වනවා. ප්‍රසංගය තියෙන්නේ 2017 නොවැම්බර් 10 වන, සිකුරාදා මීගමුව Ave Maria ශ්‍රවනාගාරයේදී, සවස 6.30 ට. මේ ප්‍රසංගයේදී ඔබට බිලීගෙ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවෙන Classical, Lathin, Reggae, Pop කියන සංගීත ආර වලින් තියෙන සින්දු රැසක අත්දැකීමක් ලබා දෙන්න බිලී එක්ක 2FORTY2 සංගීත කණ්ඩායම ලෑස්ති වෙලා ඉන්නවා.

ඉතින් මේ සංගීත ප්‍රසංගයේදී Lydia Goonathilake ගේ නායකත්වයෙන් Symphony Orchestra වාදක කණ්ඩායමත්, Naveen Fernando ගේ නායකත්වයයන් කොළඹ Brass Ensemble කණ්ඩායමත්, සංගීත ශිල්පී තරු අතරින් Naadro සංගීත කණ්ඩායමත් මේ ප්‍රසංගයට එක් වෙනවා. Billy Fernando ගේ අලුත්ම සංගීත ඇල්බමයත් මේ ප්‍රසංගයේදී එලි දක්වනවා කියලා බිලී අපට කිව්වා. ඒ වගේම මේ ප්‍රසංගයට ටිකට් පතක් මිලදීගෙන එන ඔබට එදාට බිලිගේ ” රෑ අහසේ ” ගීත ඇල්බමයක් නොමිලේ ලබා ගන්නත් පුළුවන්.

මේ තියෙන්නේ පහුගිය දවසක, මේ ගැන මාධ්‍ය හමුවක් තියලා බිලී කියපු කතාව…

 

මේ තියෙන්නේ බිලිගේ ප්‍රසංගයට නම දාන්න හේතුව වුන සින්දුව…

https://youtu.be/kfzbZYgYrC4


News Articles
Latest Videos
Most Popular Post