ශබ්ද ප්‍රහාරයක් (sonic attacks) කියන්නේ යම් ප්‍රදේශයක් හෝ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් අති ධ්වනි ශබ්ද තරංග (ultrasound) මුදා හරිනු ලැබීම. ‘ශබ්ද ප්‍රහාර’ (sonic attacks) වලට ගොදුරු වුන කෙනෙක් මස්තිෂ්කයේ ඇතිවෙන බරපතළ නොවන කම්පන ,කණ ඇසීම පිළිබඳ ගැටළු ,කරකැවිල්ල සහ වමනය වැනි ආබාධ රාශියකට ගොදුරු වෙන්න ඉඩකඩ තියෙනවා. ව්‍යාධීන්ට ගොදුරු වීම හැරුනම පුද්ගල මරණයකට පවා එවැනි ශබ්ද ප්‍රහාරයක් හේතු වෙන්න පුළුවන් බව විද්‍යාඥයෝ පෙන්වා දෙනවා.
ඉතින් මේ විදිහේ ශබ්ද ප්‍රහාරයක් පහුගිය දවසක හවානා අගනුවර තියෙන ඇමෙරිකානු තානාපති කාර්යාලට එල්ල වුනා. එහි සේවය කරන නිලධාරීන් ‘ශබ්ද මේ මඟින් පීඩාවට පත් වීමෙන් පසුව එයින් වැඩි දෙනෙක් ඉවත් කර ගැනීමට එක්සත් ජනපද බලධාරීන් පියවර අරගෙන තියෙනවා. මේ සිද්ධිය නිසා කැනඩා ජාතිකයන් දෙන්නෙක් විවිධ ආබාධවලට ගොදුරු වෙලා. හවානා නගරයේ තියෙන ඇමරිකානු තානාපති කාර්යාලය වසා දැමිය යුතුද? නැද්ද? කියලා දිගටම සැලකිල්ලට ගනිමින් පවතිනවා කියලා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් (Rex Tillerson ) පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුනා.
ඒ වගේම කියුබාවේ දී ‘ශබ්ද ප්‍රහාර’ (sonic attacks) වලට ගොදුරු වුන ඇමෙරිකානු තානාපති නිලධාරීන් විසි දෙනක් විතර සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීලා ඉන්නවා. ඒත් ඒ වගේ ප්‍රහාරයක් සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැහැ කියලා කියුබාවේ බලධාරීන් කියනවා. ‘අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය හැර සෙසු නිලධාරීන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හවානා නගරයෙන් පිටවිය යුතුයි බව තමයි ඇමරිකාවෙන් වාර්තා වෙන්නේ. ඇමෙරිකානු මූලාශ්‍ර මගින් ප්‍රකාශ කරන්නේ හෝටල් වැනි ස්ථාන වලත් එවැනි ප්‍රහාර වාර්තා වෙලා තියෙන නිසා කියුබාවේ සංචාරය කිරීමෙන් වලකින්න කියලා.
මේ ප්‍රහාර පිටිපස්සේ කියුබානු ආණ්ඩුව නැහැ කියල තමයි ජනාධිපති රාවුල් කස්ත්‍රෝ, හවානා නගරයේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රධානියාට සහතික වෙලා තිබුනේ. අවුරුදු ගණනාවක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපැවති කියුබාව සහ එක්සත් ජනපදය අතර තානාපති සබඳතා ඇතිකර ගත්තේ බරක් ඔබාමා පාලන සමය තුළ. එත් පහුගිය ජුනි මාසයේ ප්‍රකාශයක් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපති ඔබාමාගේ කියුබානු පිළිවෙතට පහර දුන්නා . එත් හවානා නගරයේ සිය තානාපති කාර්යාලය වහන්නේ නෑ කියල තමයි ට්‍ර්ම්ප් නම් කියන්නේ.