News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
1

දියවැඩියා රෝගීන් ප්‍රවේසමෙන්. අද ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1790 Views


දියවැඩියා රෝගීන් ප්‍රවේසමෙන්. අද ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 01 ඉරිදා

රාහු කාලය: පෙ.ව 04.31 සිට 06.02

සුභ දිශාව: දකුණ

මරු සිටින දිශාව: උතුර

 

 

මේෂ ලග්නය

බොහෝ විට සතුරන් මර්ධනය කර ගනිමින් ඉදිරියට යාමට  ඒ වාගේම කරන කටයුතු යහපත් ලෙස කරවා ගැනීමට හැකියාවක් පවතිනවා. ඒ වගේම ව්‍යාපාරික කටයුතු කරන්නෙක් නම් ඔබට යුහුසුළුව ඒවා කර ගනිමින් ලාභ ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. කතාවෙන් ඔබ ශක්තිමත්වන අතර සියලු දෙනාගේම සිත ශක්තිමත් කර ගැනීමට වෙහෙසෙන දිනයක්. සියලු දෙනාම ලගට පැමිණෙන අතර දුර බැහැර ගමන් හෝ වන්දනා ගමන් ආගමික පසුබිමක් යටතේ කටයුතු කිරීමට පෙළඹෙනවා.

ජය වර්ණය: රතු පැහැය                 ජය අංකය: 01

 

වෘෂභ ලග්නය

ඔබට අධ්‍යාපනය සම්බන්ධයෙන් අලුත් අත්දැකීම් ලැබීමට සුභදායක දිනයක්. ඒ වගේම කලක් කරගෙන ගිය අධ්‍යාපන වෙනස් කිරීමක් හෝ අධ්‍යාපන ස්ථාන වෙනස් කිරීමකට ඔබ පෙළඹේවි. දුර බැහැර ගමනක් හෝ විදේශ ගත විමකටද ඉඩ තිබෙනවා. ඒ වගේම මංගල්‍යමය ගමන් බිමන් ඇති නිසා පෙම් සම්බන්ධතාවන් වැඩි දියුණු වීම නිසා එවැනි දේකින් සිතට සහනයක් ලැබෙනවා. අලුත් අමුත්තෙකු ගෙදරට පැමිණේවි. අලුත් අය එකතු වීමෙන් කරන කටයුතු කීපයක් කර ගැනීමේ හැකියාව තියෙනවා. යම්කිසි සාධාරණ පසුතලයකට යොමු වීම නිසා සිතට සහනයක් ලැබේවි.

ජය වර්ණය: කහ පැහැය                 ජය අංකය: 03

 

මිථුන ලග්නය

බොහෝ විට උනන්දුව උත්සාහය ක්‍රියාශීලි බවක් ඇති දිනයක්. ඒ වගේම කරගෙන යන වැඩ කටයුතු සාර්ථක බවට පෙරලා ගැනීමට ඔබට යුහුසුළු වෙනවා. ව්‍යාපාරික අත්දැකීම ලබන අතර අමතර ධන ලාභ සහිතයි. සහෝදරයෙකුගෙන් හෝ ඥාතියෙකුගෙන් ලැබීම පවතින අතර නීති ප්‍රශ්ණ විසදා ගැනීමට සුභවාදී දිනයක්. ඒ වගේම හවස් යාමයේ වන්දනා ගමන් හෝ පුණ්‍යකාමී කටයුතු වලට යොමු වීම තුලින් ඔබට සහනයක් ගත හැකියි.

ජය වර්ණය: රතු පැහැය                ජය අංකය: 03

 

කටක ලග්නය

ආගම ධර්මයට වැඩියෙන් යොමුවන දුර බැහැර ගමන් වැඩි වෙන දිනයක්. කලක් කරගෙන ගිය දේකින් වෙනස් වීමක් හෝ ඈත් වීමක් සිදු වෙනවා.  ආගමනුකුලව වැඩ කටයුතු රාශියක් කරන නිසා ඔබට අද දිනයේ විවේකය අඩු වේවි. මංගල්‍යමය ගමන් බිමන් හවස් යාමයේ තිබෙන නිසා එවැනි දේකටද යොමු වීමටද ඉඩ තිබෙනවා. සහෝදරයෙක් හෝ ඥාතියෙක් අතර හොද හිත පැතිරීමක් හෝ ඔවුන්ගේ යම්කිසි  දේකට උදව් කිරීමට ඔබ යුහුසුළු වෙනවා.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                ජය අංකය: 03

 

සිංහ ලග්නය

උත්සාහය උනන්දුව ක්‍රියාශීලි බවක් ඇති වෙනවා. මංගල්‍යමය ගමන් බිමන් අනවශ්‍ය පැටලිලි නිසා ප්‍රශ්න ගැටළු මතු වීමටත් ඉඩ තිබෙනවා. එබැවින් ඇසුරු කරන්නන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි. ඒ වගේම සුළු නින්දාවක් හෝ චිත්ත පීඩාවකට ඉඩ තිබෙනවා. අනවශ්‍ය පෙම් සම්බන්ධතා වලින් ඔබට අසම්මත දේ ගැන යොමු වීම නිසා තරමක් ගැටළු සහගත තත්වයක් ඇති වේවි. ඒ බැවින් තමාගේ තත්වය බලය ආරක්ෂා කර ගැනීමට ඔබ අද දිනය තුලදී වගබලා ගත යුතුයි.

ජය වර්ණය: රතු පැහැය                 ජය අංකය: 05

කන්‍යා ලග්නය

දීර්ඝ කාලයක් කරගෙන ආ වැඩ කටයුතු වෙනස් කිරීමක් හෝ චිත්ත ශක්තින් ආධ්‍යාත්මික බලයකින් ඉදිරියට යාමේ හැකියාවක් පවතිනවා. බොහෝ විට සතුරන් මිතුරුව තමා ලගට පැමිණේවි. ඔවුන්ගේ සතුට වෙනුවෙන් ඔබගේ කාලය ශ්‍රමය වැය කිරීමටත් ඔබට සිදු වෙනවා. ආගමික පසුතලයක් යටතේ කරන කටයුතු සාර්තකවන අතර රටින් පිට දේශ ගවේෂණයකට හෝ  පිටරට සාමාජිකයන් හෝ ඥාතීන් මුණ ගැසීමේ හැකියාවක් පවතිනවා. අලුත් අදහස් ඇති වේවි.

ජය වර්ණය: තද නිල් පැහැය                       ජය අංකය: 05

 

තුලා ලග්නය

ඔබට මහත් වූ භාග්‍යක පෙර නිමිති පහල වන දිනයක්. ඒ වගේම හිතවතුන් හිතවතියන් ගෙදරට පැමිණීමක් හෝ ඔබගේ තත්වය බලය ආරක්ෂා කර ගැනීමට යුහුසුළු වන දිනයක්. ඒ වගේම රැකියාවේ උසස් වීමක් හෝ අධ්‍යාපනික මට්ටමේ සාර්ථකත්වයක්ද සම්මුඛ සාකච්ඡා මාර්ගයෙන් යම් යම් ගැටළු විසදා ගැනීමට හැකියාව ලැබෙනවා. නව අදහස් ප්‍රතිලාභ ලැබීමෙන් ඔබට ධෛර්ය චිත්ත ශක්තිය ඇති වේවි.

ජය වර්ණය: කහ පැහැය                ජය අංකය: 03

වෘශ්චික ලග්නය

 

අලුත් අදහස් අලුත් බැදීම් ඇතිකරන දිනයක්. ඒ වගේම මංගල්‍යමය ගමන් බිමන් වැනි මංගල කටයුතු සාර්ථක වන අන්දමේ කටයුතු කීපයක් සිදු වේවි. රැකියාවේ වෙනසක් හෝ දුර බැහැර ගමන් විදේශගත වීම් වලට ඉඩ තිබෙනවා. ඒ වගේම ඉංජිනේරු කාර්මික අංශයේ කටයුතු කරන්නන්ට වාසිදායක තත්වයක් ඇතිවන අතර එවැනි අධ්‍යාපන මට්ටමක්ද උසස් වීම් ඇති වෙනවා.

ජය වර්ණය: රතු පැහැය                 ජය අංකය: 03

 

 

ධනු ලග්නය

යහපත් වූ දේ දකින්න අහන්න සිදු වෙනවා. හිතවතුන්ගේ කටයුතු රාශියක් කර ගැනීමට හා ඔවුන් උදෙසා කැපවීම් කරන දිනයක්. ඒ වගේම තම මව්පියන් වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් ඔබ ඔවුන්ගේද හිත දිනා ගනිමින් කටයුතු කිරීමට අද දිනය තුලදී වෙහෙසේවි. කලක් කරගෙන ගිය හැකියාවන් වෙනස් මගකට යොමු කර ගැනීමට හෝ දෑතේ කර්මාන්තයකින් උසස් බලයක් ලගා කර ගැනීමට හැකියාව තියෙනවා. සම්මානලාභීතත්වයකට පවා හිමිකම් කීමේ හැකියාවක් උදා වෙනවා.

ජය වර්ණය: රන්වන් කහ පැහැය                ජය අංකය: 03

 

මකර ලග්නය

මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු වල වෙනසක් හෝ ස්ථාන මාරුවක් සිදු කිරීමට ඉඩ තිබෙන නිසා කාර්යබහුල වේවි. තරමක් දුරට අත ඇති මුදල් වියදම් කිරීමක් හෝ ධන හානි වලට ඉඩ ඇති බැවින් ප්‍රවේසම් විය යුතුයි. බාහිර කටයුතු වලට යොමු වීම තුලින් ඔබට අනුන්ගේ පැහැදීම අඩු වීමක් හෝ චිත්ත පීඩා ඇති වීමට ඉඩ තිබෙන නිසා එවැනි දේවල් වලින් වලකින්න. පාද ආශ්‍රිත රෝගාබාධ හෝ උෂ්ණ රෝග ඇති අය ඒ වගේම යාන වාහන පදවන්නන්ද අද දිනය තුලදී කල්පනාකාරී විය යුතුයි.

ජය වර්ණය: කහ පැහැය               ජය අංකය: 02

 

කුම්භ ලග්නය

ඔබගේ ලැබීම අතින් යහපත් වෙනවා. පිනට දහමට සිතුවිලි උපදින අතර පුණ්‍යකාමී ගමන් බිමන් ඇති වේවි. පුජක පක්ෂයේ අයගෙන් උසස් බවක් හෝ ගෞරවයක් ඇති වීම නිසා ඔබට සතුටට කරුණු යෙදෙනවා. සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නන්ට අද දවස සාර්ථක වන අතර එවැනි දේ තුලින් ඔබට ලැබීම ඇතිවන දිනයක්. නමුත් මංගල කටයුතු වලදී තරමක් දුරට ප්‍රවේසම් විය යුතුයි. අස්ථාන චෝදනා ගැටළු නීති ප්‍රශ්න ඇති වීමට ඉඩ තිබෙනවා.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                 ජය අංකය: 09

මීන ලග්නය

අනුන් ගැන සිතන අනුන්ගේ කැපවීම් කරන නිසාම ඔබට ඔවුන්ගේ හිත ආදරය දිනා ගැනීමට හැකියාවක් පවතිනවා. ව්‍යාපාරික අංශයද යහපත්වන අතර ගමන් බිමන් වැඩි වේවි. අලුත් අලුත් අදහස් මතු වෙමින් ක්‍රියාත්මක වෙමින් අද දවස ගෙවන්නට ඉඩ තිබෙනවා. ඒ වගේම පාද ආශ්‍රිත රෝග දියවැඩියා රෝග හෝ නිදන්ගත රෝග ඇති අය තරමක් දුරට ප්‍රවේසම් විය යුතුයි. ගන්නා වූ ආහාර පාන ගැන සැලකිලිමත් විය යුතු දිනයක්.

ජය වර්ණය: කහ පැහැය                             ජය අංකය: 05

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ

දුරකථන අංකය: 011 2 50 93 86

 


News Articles
Latest Videos
Most Popular Post