News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
1

ලෝකයම වෙනස් කරන්න පුළුවන් දෙයක් කුණු ගොඩකින් හමුවෙයි.

1955 Views


ලෝකයම වෙනස් කරන්න පුළුවන් දෙයක් කුණු ගොඩකින් හමුවෙයි.

ප්ලාස්ටික් නිසා ලෝකයට සිද්ධ වෙන හානිය මෙච්චරයි කියන්න බෑ. මිනිස්සු ප්ලාස්ටික් නිෂ්පාදනය පටන් අරන් තාම අවුරුදු 50 ක් වත් නෑ. එත් දැන් ප්ලාස්ටික් ටොන් මිලියන 8.3ක් පමණ නිපදවලා තියෙනවා. ඒකෙන් 70% ක්ම අපද්‍රව්‍ය විදියට පරිසරයට මුදා හැරලා තියෙනවා. ඒ ප්ලාස්ටික් ස්වභාවිකව දිරන්නෙ නෑ. ඒ නිසා මෙහෙම ගියොත් ලෝකය ප්ලාස්ටික් වලින් යන දවස වැඩි අතක නෙවෙයි.

ඒ වුනාට වාසනාවට පාකිස්තානයේ කුණු ගොඩක පර්යේෂණ කරපු විද්‍යාඥයින් පිරිසකට ප්ලාස්ටික් කන දිලීර විශේෂයක් හම්බෙලා තියෙනවා. ඒ දිලීර විශේෂය Aspergillus tubingensis කියලා තමයි නම් කරලා තියෙන්නෙ. එම දිලීර සමූහයෙන් ශ‍්‍රාවය වන එන්සයිමයක් ප්ලාස්ටික් වල තියෙන පොලිමර් වල රසායනික බන්ධනය විනාශ කරනවා. හැබැයි ඒ වියෝජන ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන් සිද්ධ වෙන්න සතිකීපයක් ගතවෙනවා.


News Articles
Latest Videos
Most Popular Post