ලෝක ප්‍රසිද්ධ රෝල්ස් රොයිස් සමාගම මැයි මාසේ අගදී අලුත් මෝටර් රථයක් එළිදැක්වූවා. මේ කාර් එකේ මිල බි‍්‍රතාන්‍ය පවුම් මිලියන 13. ඒ කියන්නෙ ලංකාවේ මුදලින් රුපියල් කෝටි 250 කටත් වැඩියි. ලෝකයේ අතිශය ධනවත් පුද්ගලයින් ඉලක්ක කරගෙන තමයි මේ කාර් එක හදලා තියෙන්නෙ. දෙදෙනෙක්ට ගමන් කරන්න පුළුවන් මේ කළු පාට කාර් එක Rolls Royce Sweptail මොඩලයේ නවීකරණයක් ලෙසයි මේ මෝටර් රථය හදලා තියෙන්න
රුපියල් කෝටි 250ක් විතර වෙන මේ සුපිරි රථ කාණ්ඩයේ පලවෙනි මෝටර් රථය මිලදී අරන් තියෙන්නෙ ඉතාලියේ ධනවත් යුවලක්. ඒ වුනාට ඔවුන්ගේ නම් ගම් හෙළි කරලා නම් නෑ. සිසිලස මෙන්ම උණුසුමත් අවශ්‍ය විදියට හදා ගන්නත් මේ වාහනයේ වායුසමීකරණ පද්ධතියේ පහසුකම් තියෙනවා. V 12 වර්ගයේ එන්ජිමක් තියෙන මේ සුපිරි මෝටර් රථයේ ඉන්ධන ලීටරයකින් යන්න පුළුවන් කි. මී. 7ක් විතරයි. ස්වයංක්‍රිය මෙහෙයුම් පද්ධතියක් මේ රථයේ තියෙනවා.ආලෝක පද්ධතියත් පරිසර හිතකාමී විදියට තමයි හදලා තියෙන්නෙ. මේ රථය අනතුරකට හරි ගැස්මකට ලක්වුනත් ඇතුලේ ඉන්න අයට කිසිදුකිසිම හානියක් වෙන්නෙ නැති විදියට තමයි මේ හදලා තියෙන්නෙ. මේ වාහනය එළියෙන් වතුර ඇතුලට එන්න බැරි වෙන්න සීල් වෙනවා. විශේෂිත කාබන් තන්තු සහ ලෙදර් භාවිතයෙන් රථයේ අභ්‍යන්තරය හදලා තියෙනවා . ඒ නිසා ලෝකයේ මිල අධිකම රථය ලෝකයේ ආරක්ෂාකාරීම රථය කිව්වත් වරදක් නෑ.