සිගිරිය, දඹුල්ල ප්‍රදේශ වලින් පහුගිය දවස් ටිකේම වාර්තා වුනේ මිනිස් ඇඟට ඇතුළු වුන අලුතම පණුවෙක් ගැන. ආරංචියේ විදිහට මේ පණුවා මිනිසුන්ගේ ඇඟට ඇවිත් තියෙන්නේ සුනඛයෙක්ගේ ඇගෙන් ලේ උරා බීපු මදුරුවෙක් මිනිස් සිරුරට දෂ්ඨ කරපු අවස්ථාවකින්. මේ පරපෝෂිත පණුවන් වර්ග මීට කලින් වාර්තා වෙලා තියෙන්නේ අප්‍රිකාව, යුරෝපය, ආසියා මහද්වීප වලින්. එත් ලඟකදී මේ පණු වර්ගය කාලාතුරකින් වගේ ලංකාවෙන් වාර්තා වුනා. මේ පණු වර්ගයේ නම ඩයිරෝ ෆ්යිලේරියා රිපෙන්ස් (DIRO FILERIA REPEPENS) විදිහට තමයි නම් කරල තියෙන්නේ. ඉතින් අපි අද ඔබට කියන්නේ යන්නේ මේ පණුවා ගැන විස්තරයක්.
මේ හඳුනාගත්ත පණු වර්ගය අයිති වෙන්නේ නෙමටෝඩා (NEMATODE) කියන විශේෂයට. කොකු පණු රෝගය, පට පණු රෝගය, රවුම් පණු රෝගය වගේ ලෙඩ ගොඩකට වගකියන්නේ මේ වර්ගයේ පණුවන්. මේ පණුවන් ඉන්නේ මිනිසාගේ ආහාර මාර්ග පද්ධතිය, වසා සයිල, සමේ ඇතුලේ, කුඩා අන්ත්‍රයේ, මහා අන්ත්‍රයේ වගේ තැන්වල.
නෙමටෝඩා පණුවන්ට තියෙන්නේ සිලින්ඩරාකාර නොබෙඳුන ඇඟක්. ඒ කියන්නේ සාමාන්‍ය නුලක් වගේ. මේ පණුවන්ගේ දිග මිලිමීටර් ගානක ඉඳලා මීටර් ගානක් වෙන්නෙත් පුළුවන්. ඇඟේ මතුපිට වැහිලා තියෙන්නේ ඝන කවරයකින්. මේක ගොඩක් තුනී පටලයක්. සාමාන්‍යයෙන් පණුවෙක්ගේ ඇඟේ තියෙන ඔක්කොම අවයව මෙයාගේ ඇඟ ඇතුලෙත් පිහිටලා තියෙනවා. ඒ කියන්නේ ආහාර මාර්ග පද්ධතිය, ස්නායු පද්ධතිය පරජනන පද්ධතිය කියන ඔක්කොම මෙයාට තියෙනවා. බිත්තර, කීට වර්ග දෙකෙන්ම පරම්පරාව බිහිකරගන්න මේ පණු විශේෂයට පුළුවන්.
නෙමටෝඩා වර්ගයේ පණුවන්ගේ ඔබේ ඇඟට යන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා.
1) මේ නෙමටෝඩා වර්ගයේ පණුවන්ගේ බිත්තර ඔබේ ඇඟට ඇතුළු වීමෙන්.
2) මේ පණුවන්ගේ ඇඟෙන් පිටවෙන ශ්‍රාවයෙන්.
3) මේ පණුවන්ගේ බිත්තර ආග්‍රහණය කිරීමෙන්.
4) මේ පණුවන් ඉන්න අයගේ ශරීර වල හම සිදුරු කරගෙන ඇතුළු වෙලා ලේ උරලා බීපු මදුරුවන්ගෙන්.
ඉතින් ඔබේ ගෙදර බල්ලෙක් හිටියත් නැතත් ඔබේ පරස්සෙම කෝකටත් හොඳයි. මොකද මේ පණුවා බල්ලාගේ ඇඟේ හිටියට මදුරුවාගෙන් වගේම අපේ නොසැලකිල්ල නිසාත් බෝ වෙන්න පුළුවන්.