News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
2

ලංකාවේ නම්බුව දඟ පන්දු යවන්නන් අතේ.

2344 Views


ලංකාවේ නම්බුව දඟ පන්දු යවන්නන් අතේ.

කලකට පස්සෙ ලංකාව ගෞරවාන්විත අාරම්භක ඉනිමක් ක්‍රීඩා කරපු ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් තරඟයේ අවසන් දවස අද. පළවෙනි ඉනිමට ලංකාව ලකුණු 419 ක් ලබා ගත්තා. එ්කට පිළිතුරු විදියට පාකිස්තානය ලකුණු 422 ක් ලබා ගත්තා.

හැබැයි ලංකාවේ දෙවෙනි ඉනිම සුනුවිසුනු කරන්න පාකිස්තාන දඟ පන්දු යවන්නෝ සමත් වුනා. ලංකාවේ පළවෙනි ඉනිම ශක්තිමත් කරපු දිමුත් ලකුණු 10 යත්, චන්දිමාල් ලකුණු 7 කටත් දැවී ගියා. ලංකාවේ වැඩිම ලකුණු ලිභියා වුන දික්වැල්ල ලකුණු 40 යි. කෞෂාල් සිල්වා ලකුණු 25 යි.

ලංකාවේ පිතිකරුවන් 5 දෙනෙක්ම දණ ගස්සවන්න යසීර් ෂා සමත් වුනා. මොහොමඩ් අබ්බාස් කඩුලු 2 යි. කොහොම වුනත් ලංකාවේ දෙවෙනි ඉනිම ලකුණු 138 කට සීමා වුනා. ලකුණු 135 ක ඉතාම පහසු ඉලක්කයක් තමයි පාකිස්තානයට ලැබුනේ. හැබැයි තණතිල්ල එන්න එන්නම දඟ පන්දු යවන්නන්ට වාසි වෙනවා. එ් නිසා ලංකාවේ ඉරණම දැන් තියෙන්නෙ රංගන, දිල්රුවන් සහ සඳකැන් අතේ කිව්වොත් වරදක් නෑ.


News Articles
Latest Videos
Most Popular Post