පරාජයේ නියඟයට අහුවෙලා හිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද ජයග්‍රහණයේ මල් වැසි වැස්සා. එ් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළවෙනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය එක්ක. ඉන්දියාවෙන් වයිට් වොෂ් වුන ලංකාව ඩුබායි බලා ගියේ ජයග්‍රහණය හොයාගෙන. කාලෙකට පස්සෙ මුළු කණ්ඩායමම දක්වපු දක්ෂතා නිසා පළවෙනි ටෙස්ට් තරගය තියුණු තරගයකින් පස්සේ ජයග්‍රහණය කරන්න ලංකාව සමත් වුනා.
ලංකාව පළවෙනි ඉනිමට ලකුණු 419 ක් රැස් කරා. දිමුත් ලකුණු 93 යි. පළමු ඉනිමේ කොදුනාරටිය වුන නායක චන්දිමාල් නොදැවී ලකුණු 155 යි. දික්වැල්ල ලකුණු 85 යි. අමීර් සහ මොහොමඩ් අබ්බාස් කඩුලු 2 බැගින් දවා ගත්තා. හසන් අලී කඩුලු 2 යි.