News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

චන්දිමාල්ට සහ මැතිව්ස්ට කළකම් පලදෙයි. හේරත්ට සහ දිල්රුවන්ට උසස් වීම්.

18532 Views


චන්දිමාල්ට සහ මැතිව්ස්ට කළකම් පලදෙයි. හේරත්ට සහ දිල්රුවන්ට උසස් වීම්.

ICC යේ අලුත්ම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ඊයේ නිකුත් වුනා. පසුගිය දා ශ්‍රී ලංකාව, පාකිස්තානය එක්න තිබ්බ තරඟයේ දක්වපු දස්කම් නිසා ලංකාවේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ටම උසස් වීම් ලැබිලා තියෙනවා.

පළවෙනි ටෙස්ට් තරඟයේ සුපිරි පිතිකරණයක නිරත වුන චන්දිමාල්, මැතිව්ස්වත් පහු කරන් උඩට අැවිත් තියෙනවා. චන්දිමාල් අලුත්ම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල ඉන්නෙ 20 වන ස්ථානයේ. මැතිව්ස් 24 වෙනියටත්, දිමුත් 26 වෙනියටත් කුසල් මෙන්ඩිස් 27 වෙනි ස්ථානයේ ඉන්නවා.

ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල රංගන 4 වන ස්ථානයේ ඉන්නවා. දිල්රුවන් පෙරේරා 26 වෙනි ස්ථානයේ තමයි ඉන්නෙ. ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ඉහළට එන්නත් හේරත්ට සහ දිල්රුවන්ටත් පුළුවන් වෙලා තියෙනවා. හේරත් තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 10 වෙනි ස්ථානයට අැවිල්ලා ඉන්නවා. දිල්රුවන් ඉන්නෙ 11 වෙනියට.

පළවෙනි තරඟයේ දක්වපු දක්ෂතා නිසා තමයි මේ අයට උසස්වීම් ලැබිලා තියෙන්නෙ. පාකිස්තානය එක්ක තියෙන තරඟාවලියේම විශිෂ්ඨ දක්ෂතා පෙන්නන්න ලංකාවේ ක්‍රීඩකයන්ට පුළුවන් වුනොත් අායෙත් පාරක් ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම අපේ ක්‍රීඩකයන්ගේ නම් බලා ගන්න බැරි වෙන එකක් නෑ.


News Articles
Latest Videos
Most Popular Post