ක්‍රිකට් ගොඩගන්න පහුගිය දවසක ක්‍රීඩා ඇමතිතුමා කමිටුවක් පත් කරා. හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු මේ කමිටුවට අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පත් කරලා තිබ්බා. ඒ වගේම මහේල ජයවර්ධනටත් ආරාධනා කරා කියලයි කිව්වේ.
හැබැයි සමහරු කිව්වා ඒ අය නම් කවදාවත් මේ කමිටුවට එන එකක් නෑ කියලා. ඒ වුනාට ක්‍රිකට් ගොඩ ගන්න සංගා, අරවින්ද වගේම මහේලත් ඊයේ මේ කමිටුවට ඇවිත් හිටියා. ගොඩක් අය මේ කතාව විශ්වාස කරේ නෑ. හැබැයි මේ තියන ඡායාරූප එකට හොද සාක්ෂියක් වේවි. ක්‍රීඩා ඇමතිතුමා එක්ක එක මේසයක වැඩිවුණ සංගා, මහේල සහ අරවින්ද ක්‍රිකට් හදන්නෙ කොහොමද කියන එක සාකච්ඡා කරා.