News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

වචන භාවිතයේදී ප්‍රවේසමෙන්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1809 Views


වචන භාවිතයේදී ප්‍රවේසමෙන්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 04 බදාදා

රාහු කාලය: පෙ.ව 11.59 සිට 01.30

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: නිරිත

 

මේෂ ලග්නය

හවුල් ව්‍යාපාර ප්‍රේමනීය සබදතා පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති කරනවා. කලාකාමී කටයුතු දියරමය ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වලින් ලොකු දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. පපුව ආශ්‍රිත රෝගී තත්ව වලින් පිඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් ඔබගේ සෞඛ්‍ය පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වන්න. තරගකාරී කටයුතු වල ජයග්‍රහණ අත් වෙන්නෙ ඔබටයි. සිතේ සතුට ඇතිවන දිනයක්. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි. හොදින් ජලය පානය කරන්න.

ජය වර්ණය: ලා දම් පැහැය                         ජය අංකය: 03

 

වෘෂභ ලග්නය

තමන් ඉහල නිලධාරීන් සමග ගනුදෙනු කරද්දී කල්පනාකාරී වන්න. ඉහල නිලධාරීන් සමග භාෂා ගැටුම් ඇති කරගෙන පුංචි කුමන්ත්‍රණකාරී තත්වයකට ඔබව ලක් වීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. දියරමය දේවල් අලෙවි කිරීම් ආදී කටයුතු වලට ඉතා යෝග්‍යයි. වෘත්තිමය කටයුතු කරන ස්ථාන වලදී කාන්තා පාර්ශවයේ උදව් තව දුරටත් ඔබට හිමි වෙනවා. ගුප්තමය අසනීප වගේ දේවල් ඇති වීමේ ඉඩකඩ පවතිනවා. ප්‍රේමනීය සම්බන්ධතා හවුල් ව්‍යාපාර ආදී කටයුතු වල යම් ආකාරයක දියුණුවක් ඇති වෙනවා. සියුම් කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති වෙනවා. පපුව ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි. කලාකාමී කටයුතු තාක්ෂණය මිශ්‍ර වුණු කටයුතු වලින් ජයක් ලැබිය හැකියි.

ජය වර්ණය: විසිතුරු පැහැය                       ජය අංකය: 07

 

මිථුන ලග්නය

තමන්ගේ සහෝදර ඥාතීන් සමග හොද හිත වර්ධනය වෙනවා. අන් අයගේ උදව් උපකාර හිමි වෙනවා වගේම ඔවුන්ගේ බොහෝ කටයුතු වලට ඔබට මැදිහත් වෙන්න සිදු වෙනවා. තමන්ගේ ඥාන ශක්තිය වර්ධනය වෙනවා. පොතපතේ දැනුම වර්ධනය වෙනවා. අලුත් දේවල් ඉගෙන ගන්න ආස කරනවා. උනන්දුවක් ඇති වෙනවා. එවැනි දේවල් ඉගෙන ගැනීමට අවශ්‍ය පසුබිම සකස් වෙනවා. ගුරුවරුන්ගේ ආදරය කරුණාව ගෞරවය ඔබට හිමි වෙනවා. ඔබට අද බොහෝ දේවල් පිලිබදව ආසාවක් උනන්දුවක් ඇති වෙනවා. තමන්ගේ දූදරුවන් පිලිබදව පවා යහපතක් අහන්න ලැබෙන දිනයක්. මෝර පිරිත වරක් හෝ ශ්‍රවණය කරන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                  ජය අංකය: 07

 

කටක ලග්නය

වචන සහ සිතුවිලි වල ශක්තිය භාවිතා කර අද දවසේදී වැඩි වශයෙන් ආදායම් ඉපයීමට බලාපොරොත්තු වෙනවා. අදහස් නිර්මාණශීලි ආකාරයෙන් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඔබගේ හැකියාවන් වර්ධනය කරගත හැකියි. නමුත් බොහෝ අවස්ථාවලදී මානසික පීඩාකාරී තත්වයන්ට ලක් වීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. මව්පස ඥාතීන්ට අසනීප ඇතිවීමේ අවධානම පවතිනවා. කල්පනාකාරී වෙන්න. දුර ගමන් යාමේදී පීඩාකාරී සෞඛ්‍ය තත්වයන් ඇතිවිය හැකියි. ජලජ ජිවින්ට ආහාර ලබා දෙන්න.

ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය              ජය අංකය: 03

 

සිංහ ලග්නය

සහෝදර ඥාතීන් සමග ඇතිකර ගන්නා ගැටුම් නිසා බොහෝ කටයුතු කල් දාන්න ඔබට සිදු වෙනවා. ප්‍රේමනීය සබදතා වලට නම් ඉතාමත්ම යහපත්. හවුල් ව්‍යාපාර පිලිබදව එකම මානසික තත්වයකින් කල් පසු කිරීමේ හැකියාවක් නැහැ. වියදම් පාර්ශවය ඉහල යා හැකි වෙනවා. සෙම් සහිත රෝග වලින් තරමක් කල්පනාකාරී වන්න. උගත් උසස් පුද්ගලයන් සමග පුංචි පුංචි මත ගැටුම් ඇති වෙනවා. තමන්ගේ සම වයසේ මිත්‍රයන් සමග කරන ගණුදෙනු කිරීම් වලින් පාඩු සහගත තත්ව උදා වෙනවා. කල්පනාකාරීව කටයුතු නොකලොත් වචන වැරදීම් නිසා ආර්ථික පාඩු ඇති වෙනවා. සූරිය පිරිත වරක් හෝ සජ්ජායනා කරන්න.

ජය වර්ණය: රන්වන් පැහැය                       ජය අංකය: 05

කන්‍යා ලග්නය

ඔබගේ ව්‍යාපාරික කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් දැක්වීම තමයි පැහැදිලිව පෙන්නුම් කරන්නේ. මුල්‍ය පරිපාලන කටයුතු ඉතාමත්ම උසස් මට්ටමක පවත්වා ගෙන යාමේ හැකියාව පවතිනවා. මුද්‍රණ කටයුතු අලෙවි කටයුතු නිර්මාණශීලි කටයුතු සන්නිවේදන කටයුතු වල දියුණුවක් අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ව කොන්ද තුනටිය පාද ආශ්‍රිත රෝග තත්ව වලින් පිඩාවට පත් වෙලා ඉන්නවනම් තරමක් කල්පනාකාරී වීම වඩාත් වැදගත්. තමන්ගේ මව්පස ඥාතීන් සමග කරන ගනුදෙනු කිරීම් වලදී කල්පනාකාරී විය යුතුයි. අන් අයගේ උදව් උපකාර සිදු වීම නිසා මානසික සංතෘප්තියක් ලබා ගන්න පුළුවන්.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 05

තුලා ලග්නය

වියදම් පාර්ශවය තවමත් තරමක් ඉහල ගියත් ඔබගේ පරිපාලනමය හැකියාව උසස් මට්ටමක පැවතීම විශේෂයි. තමන්ට වඩා ඉහල නිලධාරීන් ඔබගේ අදහස් විමසා සිටින තත්වයකට පත් වෙනවා. අධ්‍යාපනික කටයුතුවල දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. පොත්පත් මිලදී ගැනීම් සෞන්දර්යාත්මක කටයුතු වල නිරත වීම් ආදී කටයුතු මුල් කරගෙන තරමක පුංචි කාර්යබහුල තාවයක් ගෙන දෙනවා. දරුඵල අපේක්ෂාවෙන් හිටපු කාන්තාවක් නම් ඔබ ඒ පිළිබද සුභ සිහින දකින්න පුළුවන් දවසක්. ජලජ ජිවින්ට ආහාර ලබා දෙන්න.

ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය             ජය අංකය: 02

වෘශ්චික ලග්නය

 

තමන්ගේ දේපල සහ වත්කම් පිලිබදව වෙනදට වඩා උනන්දුවක් දක්වන දවසක්. මානසික ව්‍යධිකාරී තත්ව ඇති වීම වගේම කලබලකාරී ස්වභාවය නිසා බොහෝ වැඩ කටයුතු පැටලෙනවා. කල්පනාකාරීව කටයුතු කිරීම අතිශය වැදගත් වෙනවා. ඉහල නිලධාරීන් උගත් පුද්ගලයන් සමග කරන ගණුදෙනු කිරීම් වලින් පුංචි පුංචි ලාභදායී තත්ව ඇති වෙනවට වඩා අත්දැකීම් වැඩි වෙනවා.

ජය වර්ණය: ලා රතු පැහැය                        ජය අංකය: 08

 

ධනු ලග්නය

වෙළදාම් කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් දක්වනවා. සෙම් සහිත රෝග වලින් පුංචි පුංචි පීඩාකාරී තත්ව ඇති වීමේ අවධානම් සහගත තත්වයක් පැවතීම විශේෂත්වයක්. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ව ඇතිවිය හැකියි. කල්පනාකාරීව කටයුතු කරන්න. අනිවාර්යෙන්ම ඔබගේ සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න. මව්පස ඥාතීන්ගේ උදව් උපකාර නිරන්තරයෙන්ම හිමි වෙනවා. අසල්වාසීන් සමග ගණුදෙනු වැඩි වෙනවා. ඔවුන්ගෙන් ලැබෙන උදව් උපකාරත් ඔබට ඉතාමත්ම වටිනා දවසක්. රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවයේ නිරත වෙලා ඉන්න අයගේ කාර්යබහුලත්වය ඉහල යනවා. කොහොම උනත් එවැනි කටයුතු වලින් යම් ආකාරයක තත්වය උසස් විය හැකියි. තමන්ගේ වෘත්තිමය දියුණුවක් අපේක්ෂා කලා නම් එය ඉටු වෙනවා. ආදායම් තත්වය ඉහල යනවා.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 04

 

මකර ලග්නය

හවුලේ කරන කටයුතු පිලිබදව හිතේ දෙගිඩියාවක් ඇති වෙනවා. ඒ නිසා වචන භාවිතා කරද්දී තරමක් කල්පනාකාරී වෙන්න. අනවශ්‍ය වියදම් ඉහල යන්න පුළුවන් වෙනවා. අන් අයට වැඩක් භාර දීලා කරවා ගැනීමේ හැකියාව පවතිද්දී තමන් ඒ සදහා උනන්දු වීම උත්සහවන්ත වීම මුලික කරගෙන තමන්ගේ වැඩ කටයුතු අතපසු වෙන්න පුළුවන් කමක් තියෙනවා. වෘත්තිමය කටයුතු වලදී පරිපාලනමය ක්ෂේත්‍රයකට ඔබ සම්බන්ධ නම් එවැනි කටයුතු වලින් නම් ඔබට යම් යහපතක් ඇතිකර ගැනීමේ හැකියාව පවතිනවා. උගත් උසස් පුද්ගලයන්ව ඇසුරු කිරීමේ ඉඩකඩ වෙන් වෙනවා. පොත්පත් අලෙවි කිරීම් ග්‍රන්තකරණ වැනි කටයුතු වලට ඉතාමත්ම යහපත්. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලත් යම් ආකාරයක සහනයක් අපේක්ෂා කල හැකියි. ණය මුදලක් අපේක්ෂා කලා නම් ඒ ණය මුදල පහසුවෙන් ලබා ගන්න පුළුවන්. තාක්ෂණය මිශ්‍ර වුණු කටයුතු වලට නම් වැඩි වශයෙන් ඔබගේ ආරක්ෂාව හා ගෞරවය පිලිබදව සැලකිලිමත් වන්න.

ජය වර්ණය: ලා දම් පැහැය                        ජය අංකය: 05

 

කුම්භ ලග්නය

අද දවසේදී ඔබ කරන සෑම කටයුත්තක්ම අන් අයගේ ආකර්ෂණයට පාත්‍ර වෙනවා. ඒ වගේම ඔබගේ දැනුම වර්ධනය කර ගැනීමේ හැකියාව පොත්පත් ආශ්‍රිත ඥාන ශක්තිය වර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනවා. ඔබ උසස් විභාග වලට පෙනී ඉන්නවනම් ඒ හරහා යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. උසස් අධ්‍යාපනික කටයුතු වල ඉන්න අයගේ අධ්‍යාපනික කටයුතු බොහොම පහසුවෙන් පවත්වා ගෙන යන්න හැකියාව පවතිනවා. වෘත්තිමය කටයුතු වල දියුණුවක් අපේක්ෂා කල හැකියි. ආගමනුකුල කටයුතු වලට හිත යනවා. සමාජීය කටයුතු වලදී ඔබගේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. අන් අයගේ උදව් උපකාර මත බොහෝ උදව් උපකාර ලබා ගත හැකියි. හිතේ ප්‍රීතිය පවතින දවසක්.

ජය වර්ණය: ලා නිල් පැහැය                      ජය අංකය: 08

මීන ලග්නය

ඔබ හිතා මතා කරන කටයුතු පවා ඔබට කරදරයක් බාධාවක් බවට පත් වෙනවා. හැකි සෑම අවස්ථාවකදීම ඔබට වඩා උසස් උගත් පුද්ගලයන්ගේ  අවවාද අනුශාසනා ඉවසන්න. කල්පනාකාරීව කටයුතු කරන්න. පොත්පත් ආශ්‍රිත ගණුදෙනු කිරීම් වලදී තරමක බාධා ඇතිවිය හැකියි. උපදේශනාත්මක වෘත්තීන් වල නිරත වන අය තමන්ගේ ගෞරවය පිලිබදව අවධානය යොමු කරන්න. අධ්‍යාපනික කටයුතු වලට තරමක බාධා ඇති වුනත් තරගකාරි කටයුතු වලින් ජයක් ලැබිය හැකියි. ජව සම්පන්න කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. ක්‍රීඩාවෙන් ජයක් ලැබෙනවා. ප්‍රේමනීය සබදතා වලට නම් එතරම් යහපත් දිනයක් නොවේ.

ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය               ජය අංකය: 09

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post