News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

එළවලු වගාව නිසා බඹරකන්ද දිය ඇල්ල සිඳෙන ලකුණු…

2016 Views


එළවලු වගාව නිසා බඹරකන්ද දිය ඇල්ල සිඳෙන ලකුණු…

ශ්‍රී ලංකාව ලෝකේ ප්‍රසිද්ධ සංචාරක පාරාදීසයක් වෙන්න ස්වභාවික සුන්දරත්වය ලොකු පිටුවහලක් වෙනවා. ඒ අතරින් ලංකාවේ තියෙන නිවර්තන තෙත් කලාපයෙන් පටන්ගන්න දිය ඇළි ප්‍රමුඛයි. අපේ රටේ උසම දිය ඇල්ල විදිහට වාර්තා වෙන්නේ බඹරකන්ද ඇල්ල. එත් අද වෙද්දී අපට මේ ඇල්ල ගැන ඉතා අසතුටු ආරංචියක් ලැබෙනවා. ඒ බඹරකන්ද ඇල්ල සිඳී යමින් පවතිනවා කියලා. ඉතින් උසින් අඩි 790 ක් වන බඹරකන්ද ඇල්ල සිදි ගියහොත්, ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල අහිමි වෙනවා වගේම ස්වභාව සුන්දරත්වය එක්ක තියෙන මේ ඇල්ල, සංචාරක කර්මාන්තයට ලොකු අවධානම් බලපෑමක් කරනවා.

බදුල්ල-කොළඹ ප්‍රධාන පාරේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයට අයත් කළුපහන හංදියේ ඉඳලා දකුණු කඳුකර පැත්තේ තියෙන වීරකෝන්ගම පාරේ කි. මී. 4 ක්‌ ගිහින් බඹරකන්ද ඇල්ලට යන්න පුළුවන්. මෙතනට යන්න මේ වෙනකොට හොඳ මාර්ග පද්ධතියකුත් හදලා තියෙනවා.

බඹරකන්ද ඇල්ල නරඹන්න හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව මුදලක්‌ ද අය කරනවා. එත් මේ ඇල්ල රැක ගන්න කිසිම බලධාරියෙක් හරි පරිසර සංවිධානයක් මැදිහත් වෙලා නෑ කියල තමයි ගමේ අය කියන්නේ.

මේ ගැන අදහස් දක්වන ගම්වාසීන් කියන්නේ දිය ඇල්ලට වතුර එන මාර්ග වන කිණිහිරිය, වෙස්‌ට්‌ හපුතලේ, යාලතැන්න, තැන් වලින් අතර මගදී නීති විරෝධි විදිහට බට දාලා වතුර ගන්න නිසා දිය ඇල්ලට එන ජල ප්‍රමාණය අඩුවෙලා තියෙනවා කියලා. තේ වතු කම්කරුවන් විසින් ඒ ප්‍රදේශවල ඉඩම් බලෙන් අල්ලා ගෙන එළවළු වගා කරන බවත් , ඔවුන් විසින් බට යොදා ජලය ලබා ගැනීම , කැළෑ එළි කිරිම නිසා ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල සිඳි යමින් පවතිනවා.

කොහොම වුනත් අදාළ බලධාරීන් මේ ගැන පුළුවන් ඉක්මනට ක්‍රියාත්මක වෙලා ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල ආරක්ෂා කරගන්න කටයුතු කරයි කියල තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post