News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

සීනි වැඩි අයටත් පෙනහළු පිළිකා. – දොස්තරලා ඔබට නොකී කතාව මෙන්න.

2539 Views


සීනි වැඩි අයටත් පෙනහළු පිළිකා. – දොස්තරලා ඔබට නොකී කතාව මෙන්න.

පෙනහළු පිළිකාව දැන් සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින සෞඛ්‍ය අවදානමක් බවට පත්ව තිබෙනවා. දුම්පානය පෙනහළු පිළිකාව සඳහා බරපතළ ලෙස බලපාන ප්‍රධාන සාධකයක්.එත් එකම සාධකය මේක නෙමයි. මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවෙලා තියෙන වායු දූෂණය දැන් ගම්බද ප්‍රදේශ වලටත් පැතිරිලා තියෙන නිසා මේකත් පෙනහළු පිළිකා රෝගීන් වැඩිවීමට හේතු වෙලා තියෙනවා.

පෙනහළු පිළිකා හඳුනාගැනීමේ හොඳම පරීක්ෂාව මොකක්ද?

පෙනහළුවල X Ray ඡායාරූප වලින් පිළිකාව හඳුනගන්න පුළුවන්. මේ පරීක්ෂාවෙන් අවදානම් තත්ත්වයක් තියෙනවා කියලා හොයාගත්තොත් පෙනහළු ජීව කොටස් පරීක්ෂාවකුත් සිදුකරනවා.මේ පරීක්ෂණ මොනවත් වේදනාත්මක පරීක්ෂාවන් නෙවෙයි.හැම රජයේ රෝහලකම මේ සඳහා වෙනම සායන පැවැත්වෙනවා.

CT ස්කෑන් වලිනුත් පෙනහළු පිළිකාව හඳුනගන්න පුළුවන්. අමෙරිකානු වෛද්‍ය උපදේශය නම් වයස 55ත් 80ත් අතර අය අවුරුද්දකට පාරක් පෙනහළු පරීක්ෂාවක් කරගන්න එක හොඳයි කියලා. වැඩියෙන්ම දුම්බොන සහ අවුරුදු 15 කලින් පෙර දුම්බීම අත්හැරපු අයත් මේ පරීක්ෂාවට කරගන්න එක වඩාත් සුදුසුයි. මේ හැර COPD නමින් හඳුන්වන පරීක්ෂාවෙනුත් පෙනහළුවල අසාමාන්‍ය සෞඛ්‍ය තත්ව ගැන කලින්ම හඳුනගන්න පුළුවන්.

දුම් නොබොන අයටත් හැදෙන්නේ ඇයි?

රෙඩොන් වායුව

දුම් බිව්වේ නැතත් දුම්බොන තැනක හිටියත් ආශ්වාස කරන දුම නිසා පිළිකාව හැදෙන්න පුළුවන්. මේ හැර වායු සමීකරණ යන්ත්‍ර තුළ තියෙන සහ ස්වභාවික පසේත් තියෙන රෙඩෝන් වායුව දීර්ඝකාලීනව ආශ්වාසයට ලක්වීමද පෙනහළු පිළිකාවන්ට හේතුවෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. රෙඩොන් වායුව කියන්නේ දුම්බීම ළඟට පෙනහළු පිළිකාව සඳහා හේතුවන මූලිකම සාධකයක්.

ඇස්බැස්ටෝස්

ඇස්බැස්ටෝස් වලින් නිකුත් වන සියුම් කෙඳි, අපි ආශ්වාස කරන වාතය පෙනහළු තුළට වැදීලා එහි අභ්‍යන්තරයට කා වැදීමෙන් පිළිකා හැදෙන්න පුළුවන්.

ජානමය හේතු

පෙනහළු පටක තුළ සෛලයන්හි ඇති DNA වල සිදුවන විකෘතීන් නිසා පෙනහළු පිළිකා හටගන්නා බව සනාථ වෙලා තියෙනවා.

වායු දූෂණය

දූවිලි, දුම් සහ රසායන ද්‍රව්‍ය වාතයේ බහුලවීම නිසා ඇතිවන දූෂිත තත්ත්වය පෙනහළු පිළිකාවන්ට තවත් ප්‍රධාන හේතුවක්.

ආහාර

අප ලබාගන්නා ආහාර නිසා ශරීරයේ ඇතිවන වෙනස්කම් අතරට පෙනහළු පිළිකාවද අයත්. නිදසුනක් ලෙස රැධිරයේ සීනි මට්ටම අධිකවීම පෙනහළු පිළිකාවට හේතුවක් වෙනවා.

පෙනහළු ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂාව

පෙනහළුවල ක්‍රියාකාරීත්වය හෙවත් PFT මගින් පෙනහළු සෞඛ්‍ය සම්පන්න ලෙස ක්‍රියාත්මක වෙනවාද යන්න පරීක්ෂාවට ලක් කරනවා. මේ සඳහා භාවිත උපකරණයට වෛද්‍ය උපදෙස් අනුව ආශ්වාස ප්‍රශ්වාස කිරීම මගින් පෙනහළුවල වාතය දැරීමේ ධාරිතාව ඇතුළු කරුණු රැසක් වාර්තා වෙනවා.

ප්‍රතිකාර තිබෙනවාද?

මුල් කාලයේ හඳුනාගන්නා පිළිකාව ඖෂධ ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. විකිරණ සහ රසායන ප්‍රතිකාර වගේම ශල්‍යකර්ම වලින් පෙනහළු පිළිකාව මර්දනය කරන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post