News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

“අපි වොට්සන් එක්ක බෙහෙත් ගන්න යමු සුදු මැණික. හෝම්ස් මා දෙස බලමින් කිවුවා. කොල්ලො එහෙමයි. ආදරබරයි.” – සුජීව ප්‍රසන්නආරච්චි ලියූ ෂර්ලොක් හෝම්ස් කතාව මෙන්න

2402 Views


“අපි වොට්සන් එක්ක බෙහෙත් ගන්න යමු සුදු මැණික. හෝම්ස් මා දෙස බලමින් කිවුවා. කොල්ලො එහෙමයි. ආදරබරයි.” – සුජීව ප්‍රසන්නආරච්චි ලියූ ෂර්ලොක් හෝම්ස් කතාව මෙන්න

නිදාගෙන උන්නු මම ඉබේම අවධි උනේ මගේ කුඩා හුරුබුහුටි ජංගම දුරකතනය නාද වන විටය. එහි ස්ක්‍රීනයේ දිස්වූයේ මම සහ හෝම්ස් නුවර එළියේ නිවාඩුවකට ගිය අවස්ථාවේ ගත් ඡායාරූපයකි. එහි මම සහ හෝම්ස් ඇද සිටියේ කලු කබාය.එය ඉතා මිහිරි ඇදුමකි. මම දුරකථනයට පිලිතුරු දුන්නේය.

වොට්සන්..

හෝම්ස්ගේ කටහඩ වෙන්දා මෙන් නැත. මට අමුත්තක් දැනුනි. අද අහසද අඩන්නට මෙන්ය.

ඇ..ඇ..ඇයි හෝම්ස් මේ..

මම කලබලයෙන් ඇසුවේ හෝම්ස්ගේ හැටි දන්නා නිසාය.

මට චුට්ටක් කතා කරන්න ඕනි මිත්‍රයා…

හෝම්ස් මට මිත්‍රයා කියා ආමන්ත්‍රණය කිරීම නුපුරුදු නොවේ.එය නුවර එලියේ ජාබරාස් මලකට වහන මී මැස්සෙකුට මෙන් සුපුරුදු දෙයකි.

මම ඇදේ විට්ටමට හේත්තු උනෙමි.දුරකථනය අනික් කනට ගත් මා.. මම තව විනාඩි 10කින් ඔතන හෝම්ස් කීවාය.

හ්ම්ම්.. හෝම්ස්ගේ පිළිතුර වූයේ එයය.දුරකථනය විසන්දි වුනේය.

ඇදෙන් බැස ජනේලය ඇරියෙමි.උදෑසන සිසිල මගේ ඇගේ හැප්පී ගියේය.එය හරිම මිහිරි සිදුවීමකි.මා මුහුණ සෝදා නිල් පාටට හුරු කමිසය ඇද එයට ගැලපෙන කලු ඩෙනිම ඇන්දේය. මට ඉන් ගෙන දුන්නේ අහිංසක පෙනුමකැ දිනක් මට අම්මා කීවා මතකය.අම්මා මතක් වී මගේ ඇස් හීනියට තෙත් වී ගියේය.

කෝපි වලින් සාදා කිරි දමා සකස් කල කිරි කෝපි කෝප්පයක් පමණක් මම බීවෙමි.නැවුම් කෝපි කෝප්පයෙන් ගෙන දුන්නේ මිහිරි රසකි. සැදෑවක හෝම්ස් සමග රහස් පරීක්ෂක කතා කියමින් මෙවැනි කෝපි බීමෙන් ලැබුනේ අමුතුම අත්දැකීමකි.එය මිහිරිය.

මගේ සුදු පාට බෙන්ස් කාර් රථයට නැගී හෝම්ස් සොයා ඉගිල ගියේය. උදෑසනම බෙන්ස් කාර් රථයට නැග ගමන් කිරීම මට ගෙන දුන්නේ අමුතු හැගීමකි.

මා යන විට හෝම්ස් සිටියේ වෙනදා වගේ කල්පනා කරමිනි.ඔහු ඇඳ සිටි කබායෙන් ඔහුට ගෙන දුන්නේ චාම් බවකි.ඔහු ලස්සන කැප් තොප්පිය නැති විටදීයයි මම සිතුවෙමි.ගෙට ඇතුලු වන විටම මට දැනුනේ පිච්ච මල් සුවදය.එය ඉතාම මිහිරි සුවදකි

මොකක්ද හෝම්ස් ප්‍රශ්නෙ..?ම්ම්…? හෝම්ස්ගේ දෑස් දෙස බලමින් මම ඇසුවෙමි.හෝම්ස් මගේ අත් දෙන තද කර අල්ලා ගත්තාය.පසුව මගේ උරහිසට හේත්තු වී අඩන්න පටන් ගත්තාය.

බලහන් මචං මාග්‍රට් අසනීප වෙලා..

ඉකිබිදුම් අතරින් හෝම්ස් කීවේය.

කොල්ලා එහෙමය.පොඩි දුකක්වත් දරා ගැනීමට නොහැක.අවංක මිනිසුන් එහෙමය.

මේ බලන්න හෝම්ස් මාග්‍රට් අසනීප වෙලා විතරයි.මාව විශ්වාස කරන්න.අපි මාග්‍රට් ඉක්මනට සනීප කරගමු.මා හෝම්ස් දෙස බලා කීවේ ආදරයෙනි.
ම්ම්…

කෝ දැන් මාග්‍රට්?

කාමරේ ඉන්නවා..

යමු බලන්න..

කාමරයට යන විට මාග්‍රට් උන්නේ නිදාගෙනය.කෙල්ලගේ කම්මුල් රොස පැහැ ගැන්වී ඇත.

මා..මා..මාග්‍රට්..

හෝම්ස් අතේ ඇගිලි මාග්‍රට්ගේ ඔලුව පුරා යැව්වාය.

ම්ම්..ඇයි…සුදු මහත්තයෝ…

මාග්‍රට් අපහසුවෙන් මෙන් කියනවා දුටු මගේ ඇස් ද තෙත් වුණි..

ඇය ඇද සිටින්නේ හුරුබුහුටි රෝස පාට ගවුමකි.ඇය බෝනික්කියක් මෙන් දිස් වුණි. හෝම්ස් නැත්නම් ඇය මගේ නේදැයි සිතී මම සුසුල් ලමි. ඕඩිකොලොන් සුවද කමරය පුරාම විහිදී ඇත.ඉන් ගෙන දුන්නේ මිහිරි සුවදකි.

ඔයාට මොනාද ඕනි මාග්‍රට්..අනේ…ඉක්මනට හෝද වෙන්න මගේ මැනික..

හෝම්ස් මෙලෙස හැගුම්බර වීම මට ඉවසුම් නොදුන්නෙමි.

ම්..ම්..මට ආසයි ශෝපින් යන්න..

හෝම්ස් එකවර බිමට හරවා ගත් මුහුණ ඉහලට එසෙව්වේය.

එ..එතකොට..

ම්ම්….එතකොට මට හොද වෙයි මහත්තයෝ..

මාග්‍රට් සිහින් හඩින් පවසා මගේ දිහාත් හොරෙන් බැලුවාය.

අපි වොට්සන්වත් එක්ක යමු මැනික එහෙනම්.

හෝම්ස් මගේ දෙස බලමින් කීවාය.කොල්ලා එහෙමය .කරුණාවන්තය

ම්ම්..එහෙනම් අපි ශොපින් යනවනෙ..?

ඔව් මැණික අපි යමු..

මාග්‍රට් ඇදෙන් පැන හුරේ කියමින් උඩ පැන්නාය.ඇයට දැන් සුවසේ පෙනෙයි.ඇය වහාම හොට් ජින්ස් ඩෙනිම් කලිසමක් සහ සුදු පාට බ්ලවුසයක් ඇද කොන්ඩය කඩා ජැස්මින් සුවද විලවුන් උලා ගත්තාය.

අපි යමු නේද..

ඇය සාලයට පැමිණ අප දෙදෙනා වෙත එමින් පැවසුවාය

මාගේ බෙන්ස් කාරයට නැග්ග අපි තුන් දෙනාම, කොලඹ එම් සී එකට යන අරමුණින් එතනින් ගියෙමු.ඔවුන් දෙදෙනාගේ ආදරය දුටු මටද ආදරයක් තිබුණා නම් කියා මට සිතුණි….


News Articles
Latest Videos
Most Popular Post