News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
5

දහම පසක් කරන්නට, ක්‍රියාවෙන් පෙන්වූ බුදු පුතු.

2681 Views


දහම පසක් කරන්නට, ක්‍රියාවෙන් පෙන්වූ බුදු පුතු.

මිනිස්සු කියන්නේ හරිම පුදුම සත්ව කොට්ඨාශයක් . ටික කාලයකට මේ ලෝකෙට අපි ආවත් මරණය වෙනකන්ම මුදල්, ධනය , රූපය ගැන වඩාත් සැලකිල්ලක්, ලෝභකමක් දක්වනවා. ඒකට කියන්නේ තණ්හාවද වෙන මොකක් හරි දෙයක්ද කියල තාම තේරුම්ගන්න බැහැ. මේවගෙන් ගොඩක් දෙනා රූපය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වනවා. රූපය ලස්සනට තියාගන්න සමහර අය කිසි ගානක් නැතුව සල්ලි වියදම් කරනවා. සමාජයේ මේක එක විදිහක ලෙඩක් කියල තමයි අපිට හිතෙන්නේ. අද වප් පෝය දවසේ අපි ඔබට යන්නේ බුදුන් වහන්සේ වදාල ලෝක අනිත්‍ය වලින් රූපය අනිත්‍යයි කියන කාරණය සාක්ෂි එක්කම පෙන්වන්න, තමන්ගේ අන්තිම කැමැත්ත ලියපු යතිවරයාණන් වහන්සේ නමක් ගැන.

රූපයට අශාවෙන් පෙළෙන මිනිසුන් එය ඉක්මනින් විනාශ වී යන බව වටහා ග්සේන්න බැරුව මේ විදිහට කටයුතු කළත් බුදු දහම තුළ මෙහි අනිත්‍යය භාවය නිරතුරුම පැහැදිලි කරනවා. මිනිසුන් එය ඇසූ කනින් අමතක කර දමන්නේ ධර්මය නිසි ලෙස අධ්‍යනය නොකිරීම නිසයි.

රූපයේ ඇති අනිත්‍යය බව පිළිබඳව මිනිස්සුන්ට වටහා ගන්න අදහසක් දෙන්න ඕන කියල හිතපු,  පුත්තලම රබා වැව මහකන්ද ආරන්‍යයේ වැඩ විසූ ලොකු හාමුදුරැවෝ සිය අන්තීම කැමත්ත ලිවුවා. උන් වහන්සේ මේ අන්තිම කැමති පත්‍රයේ ලිව්වේ වටහා ගත නොහැකි රූපයේ ස්භාවය ගැන දැනගැනීමට උන්වහන්සේගේ ශරීරය දිරා යන ආකාරය දර්ශනය වන සේ වීදුරු පෙට්ටයක් තුළ දාලා තියන්න කියලා.

අපවත් වූ ලොකු හාමුදුරුවන්ගේ දේහය මාස 06 දී සිදුවී ඇති විපර්යාසය පිළිබඳව ඡායරූප කිහිපයක් සමාජ මාධ්‍ය ජාල දක්නට ලැබුන රූපයේ අනිත්‍ය භාවය තේරුම් කරන ලොකු හාමුදුරුවන්ගේ විනාශ වෙමින් තිබෙනා දේහයේ ඡායරූප කිහිපයක් තමයි මේ.. දරාගත නොහැකි පුද්ගලයින් මෙය නැරඹීමෙන් වළකින්න. මේ ජීවිතයේ සැබෑ අනිත්‍යයි.


News Articles
Latest Videos
Most Popular Post