සංගීත් විජේසූරිය ප්‍රමුඛ වායෝ සංගීත කණ්ඩායමේ අළුත්ම වැඩක් හෙට ගම්පහ දී පැවැත්වෙන බව සියත අහන ඔබ දැනටමත් දන්න කාරණයක්. මොකද සියත අපේ මාධ්‍ය අනුග්‍රහය ඇතිව මේ ප්‍රසංගය හෙට දවසේ පැවැත්වෙන බව අපි ඔබට විටින් විට මතක් කලා.
මේ ප්‍රසංගය කලින් වායෝ කණ්ඩායම පවත්වපු ප්‍රසංග වලට වඩා අළුත්ම මුහුණුවරක් ගන්නවා කියල තමයි සංවිධායක මණ්ඩලය කිව්වේ ඒකට හේතුව වෙන්නෙ මේ දවස්වල ජනප්‍රියම ගායකයන් තුන් දෙනෙක් එකවර, එකම ප්‍රසංගයකදී ඔබට මුණගැහෙනවා. ඒ තමයි සනුක වික්‍රමසිංහ, නදීමාල් පෙරේරා, සජිත ඇන්තනී යන තුන්දෙනා එක්කම ඔබට මේ වෙනස්ම අත්දැකීම විඳගන්න අවස්ථාවක් ලැබෙනවා.
ඉතින් තාරුණ්‍යයේ ජනප්‍රිය ගායකයන් තුන්දෙනෙක් සහ නව්‍ය සම්ප්‍රධායේ වාදක කණ්ඩායමක අසමසම ප්‍රසංග අත්දැකීමක් විඳගන්න හෙට සවස 6.30 වෙද්දි ඔබත් එන්න ගම්පහ හෝලි ක්‍රොස් ශ්‍රවණාගාරයට.