News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

ඉතාලියත් දෙකඩ වෙයි?

1896 Views


ඉතාලියත් දෙකඩ වෙයි?

මේ දවස්වල ලෝකයේ අැති වුන රැල්ලක් තමයි දියුණු රටවල ප්‍රාන්ත ස්වාධීනව කටයුතු කරන්න ජනමත විචාරණ තියන එක. මේ ගැන අලුත්ම අාරංචිය තමයි ඉතාලියත් දෙකට කැඩෙන්න යනවා කියන එක.

ඉතාලියේ ලොම්බාඩි සහ වෙනිටෝ ප්‍රාන්ත තමයි මේ විදියට ඉතාලියෙන් වෙන් වෙන්න තීරණය කරලා තියෙන්නෙ. ලොම්බාඩි සහ වෙනිටෝ කියන්නෙ ඉතාලියේ තියෙන ධනවත්ම ප්‍රාන්ත දෙක. ප්‍රාන්ත 20 විතර තියෙන ඉතාලියේ අාර්ථිකයෙන් 30% ක දායකත්වයක් දරන්නෙ මේ ප්‍රාන්ත දෙක. ස්පාඤ්ඤයේ කැටලන් බෙදුම්වාදය ඉතාලියේ ප්‍රාන්ත වෙන් වෙන්නත් බලපෑවා කියලා තමයි කියන්නෙ.

කොහොම වුනත් මේ මාසේ 22 වෙනිදා ජනමත විචාරණය තියෙනවා. එදාට බලා ගන්න පුළුවන් අැත්තටම ලොම්බාඩි සහ වෙනිටෝ ප්‍රාන්ත වල අය ඉතාලියෙන් වෙන් වෙන්න කැමතිද කියලා.

 


News Articles
Latest Videos
Most Popular Post